"කැලෑ කැපීම, වන විනාශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු The file Image:ParaguayChaco_Clearings_for_cattle_grazing_.jpg has been replaced by Image:ParaguayChaco_Clearings_for_cattle_grazing.jpg by administrator commons:User:Steinsplitter: ''Robot: Removing space(s) before file extension''. ''[...
No edit summary
5 පේළිය:
වගා බිම්, තෘණ භූමි, නාගරිකකරණය, හිස් භූමි(ක්‍රීඩාංගන) සඳහා මෙන්ම දැව හා ඉන්ධන අවශ්‍යතා සදහා වනාන්තර එළි පෙහෙළි කිරීම වන වානාශය නම්මේ. සාමාන්‍යයෙන් සැළකිය යුතු කැලෑ ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ පරිසරය විනාශවීමයි.ඒ සමඟ ජෛව විවිධත්වය අඩු වීමද සිදුවේ. බොහෝ රටවල මහා පර්මාණයෙන් කැලෑ කැපීම කරගෙන යන අතර ඒ හේතුවෙන් භූ විද්‍යාත්මක පරිසරය හා දේශගුණය වෙනස් වේ.
 
ප්‍රමාණවත් නැවත වගා කිරීමකින් තොරව ගස් කැපීම යනුවෙන්ද කැලෑ කැපීම හදුන්වා දිය හැකිය.[[19]] සියවසේ මැද භාගයේ පටන් පෙරනුවු පරිදි වනානන්තර විනාශ කිරීමේ අහිතකර විපාකයන්හි ප්‍රතිඵල අත්විදිනට පෘථිවි වාසීන්ට සිදුවිය. අම්ල වැසි නිසාවෙන් යුරෝපයේ වනාන්තර රැසක් විනාශ වී ඇත. පසුගිය දශක දෙකේදී පමණක් ඇෆ්ගනිස්ථානය සතුව පැවත් සමස්ථ වනාන්තර වපසරියෙන් 70% ට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත. කෙසේ වෙතත් ලෝකයේ නිවර්තන වැසි වනාන්තර විනාශ කිරීම් මේ වන විටද වේගයෙන් සිදුවේ.මෙම මහා පරිමාණයේ වන විනාශය එම වනාන්තරවල ජෛව විවිධත්වය කෙරෙහි මහත්සේ බලපා ඇත.
 
වරක් ලෝකය ආවරණය කරන ලද උෂ්ණ කලාපීය මේරු වනාන්තර වපසරිය හෙක්ටයාර් බිලියන 1.5 සිට 1.6 දක්වා වූණි.එයින් හෙක්ටයාර් මිලියන 750 සිට 800 ත් අතර වනගහනයක් මේවන විට කපා දමා ඇත.වනාන්තර විනාශය දැනටමත් උග්‍රවී ඇත්තේ ලෝකයේ ජෛව විවිධත්වයෙන් දෙවැනි තැන ගෙන ඇති දකුණු ආසියාවේ ය. එයින් ද වැඩි වනාන්තර ප්‍රමාණයක් ඉතුරු වී ඇත්තේ ඇමර්සන් කලාපයේ ය. ඇමර්සන් වැසි වනාන්තරයෙන් හෙක්ටයාර් මිලියන 600 වඩා වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය කර ඇත. මිනිස් ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවීමත් සමඟ මහා පරිමාණයෙන් වනාන්තර විනාශය කරගෙන යනු ලැබේ. එම වනාන්තර ආරක්ෂා කිරීමට ‍ලෝක මට්ටමින් නිසි ක්‍රියාමාර්‍ග ගැනීම වහා කළ යුතුය .නැතහොත් 2030 වන විට ලොක වන ගහ‍නයෙන් ඉතිරි වනුයේ 10% තරම් පහළ අගයකි. ඒ අනුව 80% පමණ වනාන්තර විනාශවී දස දහස් ගණනක් සත්ව වර්‍ග නැතිවී යනු ඇත.
"https://si.wikipedia.org/wiki/කැලෑ_කැපීම,_වන_විනාශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි