"සහසංයුජ බන්ධනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 59 interwiki links, now provided by Wikidata on d:q127920 (translate me)
No edit summary
ටැගය: Reverted
3 පේළිය:
සහසංයුජ බන්ධන රසායනික බන්ධන විශේෂයක් වන අතර , පරමාණු අතර හෝ පරමාණු හා වෙනත් සහසංයුජ බන්ධන අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගැනීම මගින් බන්ධන නිර්මාණය කිරීම සහසංයුජ බන්ධනවලට ලාක්ෂණික වේ. එනම් පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගන්නා විට ඒවා අතර ඇතිවන ආකර්ෂණ හා විකර්ශන බලවල ස්ථායීතාව සහසංයුජ බන්ධනයක් හෝ සැලකිය හැක.
 
ඇගොස්ටික බන්ධන , ලෝහක බන්ධන ත්‍රිකේන්ද්‍රීය ද්වී ඉලෙක්ට්‍රෝනික බන්ධන , සිග්ම බන්ධන හා පයි බන්ධන යනාදී බන්ධන වර්ග රැසක් සහසංයුජ බන්ධන ලෙස වර්ග කළ හැක. සහසංයුජ බන්ධනයේ සදහා වූ ඉංග්‍රීසි නාමය [[1939]] වසරේදී නිර්මාණය කරන ලද්දකි. “සහසංයුජ” නම් වදනෙහි “සහ” යන උපසර්ගයන් “එක්ව ක්‍රියාවේ යෙදෙන” නැතහොත් “එක්තරා දුරකට යුගලමය ලෙස ක්‍රියා කරන” වැනි අරුතක් ගෙන දේ. ඒ අනුව “සහසංයුජ” යන්නෙන් අදහස් වනුයේ සංයුජතාවත් හවුල් කරගන්නා යන අරුත වේ. මෙම අර්ථය සංයුජතා කවච බන්ධන සිද්ධාන්තය හා ගැලපීමක් පෙන්වයි. H2 අණුවක හයිඩ්‍රජන් පරමාණු යුගල සහසංයුජ බන්ධනයක් හරහා ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තබාගැනීම මේ සදහා උදාහරණයක් වේ.
 
බන්ධනයක සහසංයුජ ලක්ෂණ ඉතා ඉහළ වන්නේ බන්ධනය වූ පරමාණුවල විද්‍යුත් සෘණතා ආසන්න වශයෙන් වත් ‍සමාන වන විටයි. එබැවින් එකම මූලද්‍රව්‍යයේ පරමාණු දෙකක් නොවුන ද ආසන්න වශයෙන් සංසන්දනය කළ හැකි තරමේ විද්‍යුත් සෘණතාවක් දරණ පරමාණු දෙකක් අතර සහසංයුජ බන්ධනයක් ඇති විය හැක. සහ සංයුජ බන්ධනයකදී ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමක් සිදුවන බැවින් ඉලෙක්ට්‍රෝන විස්ථානගත තත්වයක පවතී යයි කියමු. තවද අයනික බන්ධන වෙන් කොට , සහසංයුජ බන්ධනවල ශක්තිය රදා පවතින්නේ බහු පරමාණුක අණුවල පරමාණු අතර ඇති කෝණික සම්බන්ධතාවය මතයි.
"https://si.wikipedia.org/wiki/සහසංයුජ_බන්ධනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි