"මන්ද පෝෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
ටැගය: Reverted
8 පේළිය:
බහුතරයක් වූ මන්දපෝෂණයට ලක්වූ ජනතාවගේ ආහාර වේලෙහි ප්‍රමාණාත්මකව කැළරි අන්තර්ගත නොවන අතර ආහාර වේලෙහි ප්‍රෝටීන්, විටමින් හා අනෙකුත් අත්‍යවශ්‍ය සංඝටක වලින්ද ඌණ වේ. මන්දපෝෂණය නිසා හට ගන්නා රෝගී තත්ත්වයන් ඌණතා රෝග නම් වේ. විටමින් C ඌණතාවය නිසා හටගන්නා ශීතාද රෝගය ප්‍රසිද්ධ දැනට බහුලව දක්නට නොලැබෙන ඌණතා රෝගයකි.
 
බහුලවම දක්නට ලැබෙන මන්දපෝෂණ තත්ත්වය වන්නේ ප්‍රෝටීන- ශක්ති - මන්දපෝෂණය හා ක්ෂුද්‍ර පෝෂකවල ඇති ඌනතාව නිසා හටගන්නා මන්දපෝෂණයයි. ප්‍රෝටීන - ශක්ති - මන්දපෝෂණය යනු ශක්ති ජනක ආහාර ද්‍රව්‍ය හා ප්‍රෝටීන නිසි පරිදි නොලැබීයාම හා අවශෝෂණය නොවීම නිසා ඇතිවන තත්ත්වයකි. සිරුරේ වර්ධනය හ‍ා ක්‍රියාකාරිත්වය සදහා සුළු ප්‍රමාණවලින් අත්‍යවශ්‍ය විටමින් හා ඛණිජ ලවණවල ඌණතාවය නිසා ඇති වන රෝග ක්ෂුද්‍ර පෝෂක ඌණතාවය නම් වේ. මෙමගින් විවිධාකාර වූ රෝගාබාධ හා සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අඩපණ වීම සිදුවේ. විටමින් A ඌණතාවය නිසා සිරුරේ රෝගවලට ඇති ප්‍රතිරෝධීතාවය අඩුවේ. යකඩ, අයඩීන් හා විටමින් A ඌණතාවය බහුලව දක්න‍ට ඇති අතර[[අත]]ර ප්‍රධානතම ප්‍රජා සෞඛ්‍ය අර්බුදයක් බවට පත්ව ඇත. මේවායෙහි ඌණතාවය නිසා කුරුබව ඇති වීම , බුද්ධි මට්ටම හීන වීම , සංජානන ආබාධ, සමාජශීලි බව අඩුවීම පෞරුෂ වර්ධනය අඩාල වීම, ශක්ති සම්පන්න බව හා මාංශ පේශිවල වර්ධනය අඩපණ වීම ඇතුළුව සමස්තයක් වශයෙන් ගත් කළ සෞඛ්‍ය මට්ටම අඩාල වීමක් සිදුවේ. මන්දපෝෂණ අනෙකුත් දුර්ලබ බලපෑමක් වන්නේ සමෙහි කළු පැහැති ලප මතුවීමයි.
 
කුසගින්න යනු සිරුරට ආහාර ලබාදීම අත්‍යවශ්‍ය බව හගවන සාමාන්‍ය ස්වාභාවික ප්‍රතික්‍රියාවකි. කුසගින්න මගින් පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයට ද බලපෑමක් ඇති කරයි. මෙමගින් පුද්ගලයෙකුගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබදව මූලික අවබෝධයක් ලබාගත හැකිවේ.
"https://si.wikipedia.org/wiki/මන්ද_පෝෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි