"මට සිහිනයක් තිබේ (මාටින් ලූතර් කිංග්ගේ දේශනය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎පසුබිම: Sub topics, fixed typo, paragraphs
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැගය: Reverted
2 පේළිය:
'''මට සිහිනයක් තිබේ''' යනු 1963 අගෝස්තු 28 වන දින රැකියා හා නිදහස වෙනුවෙන් වූ පාගමනේදී, ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරික මාටින් ලූතර් කිංග් විසින් කරනු ලැබූ ප්‍රසිද්ධ දේශණයකි. එහිදී ඔහු මානව හා ආර්ථික අයිතීන් වෙනුවෙන් ඇමෙරිකාවේ වර්ණ භේද වාදයට තිත තැබීමටත් ඉල්ලා සිටියේය. වොෂින්ටන් ඩී සී හි ලින්කන් අනුස්මරණයේ පියවරයන්හි සිට 250,000 ට අධික සිවිල් අයිතිවාසිකම් ආධාරකරුවන් වෙත ලබා දෙන ලදී. තවද, එය සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ තීරණාත්මක අවස්ථාවක් වූ අතර ඇමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන කතා අතර විය.
1863 දී මිලියන සංඛ්‍යාත වහලුන් නිදහස් කළ විමුක්ති ප්‍රකාශය ගැන සඳහන් කරමින් කිංග් පැවසූවේ "වසර සියයකට පසුවත් නීග්‍රෝවරැ තවමත් නිදහස් නැත" යනුවෙනි. කතාව අවසානයේදී කිංග් සිය දේශනය නතර කළේ "මට සිහිනයක් තිබේ" යන තේමාව මත අර්ධ ලෙස විග්‍රහ කරමිනි.
ශ්‍රාවකයින්ව වඩාත් උද්දීපනය කර ඇති මෙම කොටසේදී වහල්භාවය හා වෛරයේ රටකින් පැන නගින නිදහස හා සමානාත්මතාවය පිළිබඳව සිහින ගැන කිංග් විස්තර කළේය. ජෝන් මීචම් මෙසේ ලියයි. "එක් වාක්‍යයකින් මාටින් ලූතර් කිංග් නූතන ඇමෙරිකාව හැඩ ගස්වා ඇති මිනිසුන් වූ ජෙෆර්සන් හා ලින්කන් අතරට එක් වූයේය". [[1999]] දී මහජන ඇමතුම් පිළිබඳ විද්වතුන්ගේ මත විමසුමකදී 20 වන සියවසේ ඉහලම තලයේ ඇමෙරිකානු කතාව ලෙස නම් කරන ලදී.
 
==පසුබිම==