"රසායනික සංකේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 175.157.243.3 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L.Nishan janith ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
No edit summary
ටැගය: Reverted
5 පේළිය:
වර්තමාන රසායන ද්‍රව්‍ය අංකනය පිළිබඳ ක්‍රමය බර්සීලියස් විසින් මුල්වරට සොයාගන්නා ලදී. මෙම මුද්‍රණය කළ හැකි ක්‍රමයේදී රසායනික සංකේත හුදු කෙටි යෙදුම් ලෙස යොදා නොගැනේ. සියලුම භාෂා හා අක්ෂර මාලාවන් භාවිතා කරන මිනිසුන් මෙම ලතින් සංකේත භාවිතා කරනු ඇතැයි අදහස් කෙරේ. මෙම සංකේත සම්පූර්ණයෙන්ම විශ්වීය ඒවා බවට පත්වනු ඇතැයි මූලිකවම අදහස් කෙරිණ. මෙම කාලය තුළ ලතින් භාෂාව විද්‍යාවේ පොදු භාෂාව වීම නිසා ,ලෝහවල ලතින් නාමය ඒවායේ කෙටි යෙදුම් සඳහා පදනම් විය. ෆෙරම්ගෙන් (Ferum) Fe , ආජන්ටම්ගෙන් (Argentum) Ag . මෙම සංකේතවලද කෙටි යෙදුම්වලදී මෙන්ම නැවතීමේ ලකුණ යෙදීම අනුගමනය නොකෙරේ. රසායනික මූලද්‍රව්‍යයන්ට එම මූලද්‍රව්‍යයේ නම මත පදනම් වූ නමුත් ඉංග්‍රීසි වීම අනිවාර්ය නොවූ අනන්‍ය රසායනික සංකේත ද පසුකාලීනව නියම කරන ලදී. උදාහරණයක් ලෙස සෝඩියම් සඳහා ලතින් නම වන නේට්‍රියම් (Natrium) අනුව “Na” රසායනික සංකේතය වේ. එයම ටංග්ස්ටන් සඳහා වොල්ෆ්‍රම් (Wolfram) W , රසදිය සඳහා හයිඩ්‍රාගයිරම් (Hydrorgyrum) “Hg” පොටෑසියම් සඳහා කේලියම් (Kalium) “K” , රත්රන් සඳහා Au “අවුරම්” (Aurum) ඊයම් සඳහා “Pb” “ප්ලම්බම්” (Plumbum) , ඇන්ටිමනි සඳහා Sb “ස්ටිබියුම්” (Stibium) ලෙස යොදාගෙන ඇත.
 
මූලද්‍රව්‍යවල නම් පරිවර්තනය කිරීමට අවශ්‍ය වූවත් රසායනික සංකේත ජාත්‍යන්තරව අවබෝධ කරගත හැක. සමහර අවස්ථාවලදී මෙය වෙනස් වේ. උදාහරණයක් ලෙස ජර්මාණුවන් අයඩීන් සදහා “I”“[[I]]” වෙනුවට “J” යොදාගනී. එමනිසා මෙහිදී රෝමාණු ඉලක්කම් සමග මෙහි පැටලීමක් සිදු නොවුණු ඇත.
 
පෙර උදාහරණවල මෙන්, රසායනික සංකේතයක පළමු අකුර සෑමවිටම කැපිටල් විය යුතු අතර පසුව සඳහන් කරන අකුරු වේ නම් ඒවා සෑම විටම කුඩා අකුරු (සිම්පල්) විය යුතුය.
"https://si.wikipedia.org/wiki/රසායනික_සංකේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි