"කුඩුම්බිගල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
No edit summary
ටැගය: Reverted
3 පේළිය:
      ෴ පින්බර '''කුඩුම්බිගල''' තපෝවනය ෴
 
   [[1973]] දී අභයභූමියක් ලෙස නම් කරන ලද කුඩුම්බිගලට ආසන්නම ජනාවාස වන්නේ පානම සහ කුමන වන අතර විල ඔය, කුඹුක්කන් ඔය, සැලව ආර සහ උසින් වැඩිම පව්ව වූ සෑ ගිරි බැලුම්ගල පරිසරයේ සුන්දර නිමවුම් ය. පර්වත පහකින් වට වූ අක්කර දහසක පමණ වනය පූරා පුරාණ කුඩුම්බිගල පුදබිමෙහි නටබුන් පවතියි. කාවන්තිස්ස රජ සමයේ දොළොස් දහසක් රහතන් වහන්සේලා වැඩසිටියා වූ මේ භූමිය ' රෝහණ චේතිය පබ්බතය ' යන නමින් හඳුන්වා ඇත.
 
   18 වන සියවසේ මැලේරියා වසංගතය හේතුවෙන් අවට ජනාවාස වියකීමත් සමඟ ආරණ්‍ය ද වනයටම යට විය. නැවත මෙම පින්බිම ධර්මයේ සෙවන වන්නේ මීගමුවේ කතෝලිකයෙකු වූ ඉමානිස් මහතා බුදු දහම වැළඳ ගෙන මෛත්‍රී උපාසක මහතා ලෙස 1942 දී කුඩුම්බිගල තපෝවනය ආරණ්‍ය ආරම්භ කර 1952 දී සුදර්ශන ලෙන නම් ස්ථානයට තාඹුගල ආනන්දසිරි ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන් පසුවයි.
"https://si.wikipedia.org/wiki/කුඩුම්බිගල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි