"ලොව විශාලතම පෞරාණික තටාකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'   ''ලොව විශාලම පෞරාණික තටාකය''       ෴ '''මාස්පොත පො...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
No edit summary
ටැගය: Reverted
9 පේළිය:
   ශ්‍රී ලංකාවේ පුරාණ අගනුවර වූ අනුරාධපුර ඇතුළු නුවර රාජ වංශ ආරම්භයටත් පෙර සිටම ජනාවාස භූමියක් බව පුරාවිද්‍යාත්මක පරීක්ෂණ සාක්ෂි දරයි. අක්කර 500ක අභයගිරි පුදබිම තුළ 5000ක් භික්ෂූන් වහන්සේලා වැඩවුන් බවත් එම පරිසරයේ වාතය, ජලය යන දෙඅංශයම සුවදායි වීම පිණිස පොකුණු 65ක් ඉදිකර පැවති බවද පාහියන් හිමියන්ගේ වාර්තා තුළ සඳහන් වේ. සෑම පොකුණකටම එයටම අනන්‍ය වූ හැඩයක් පැවති බවත්, පිටතින් ජලය ලබාගැනීම, පොකුණේ ජලය පිට කිරීමේ හැකියාව, පොකුණ තුළට පහසුවෙන් බැසිය හැකි වීම හා කලාත්මක අංග ලක්ෂණයන් හී අඩුවක් නොවීම හෙළ ජල සැලසුම් ශිල්පියාගේ තාක්ෂණික ඥානය විදහා දක්වයි.
 
   උමං නල මාර්ග ඔස්සේ ජලය ගෙන ඒම පිණිස පාෂාණමය නල තැනීම, ඒවා කාන්දු ඇති නොවන සේ එකිනෙක සම්බන්ධ කිරීම, ජලය ගලා ඒම අවශ්‍ය ප්‍රමාණයට පාලනය කිරීම හා පරිසර අලංකාරයට හානියක් නොවන සේ ඉදිකිරීම යන කාරණා සමඟ සම්බන්ධ කර බලන විට ලෝකයේ දියුණුම ජල පීඩනය පිළිබඳ න්‍යායේ [[තාක්ෂණය]] භාවිතා කළ රට ලංකාව ය.
 
   ක්‍රිස්තු වර්ෂ 3වන සියවසේ පමණ ඉදිකරන්නන්ට ඇතැයි සැළකෙන අභයගිරියේ විශාලම පොකුණ වන ඇත් පොකුණ විශාලත්වය නිසාම එම නමින් හැඳින්වුව ද පුරාණ පොතපතෙහි සඳහන් වන්නේ මාස්පොත පොකුණ කියාය. සිව් දෙසින් ම ගල් අතුරා නිම කර ඇතත් මනාව නිරීක්ෂණය කරන්නේ නම් මෙය පිහිටි ගලේම නිර්මාණය කරන ලද්දක් බව දැකගත හැකිය. ජුරාසික් යුගයේ සිටම මේ ස්ථානයේ ස්වාභාවික පොකුණක් පැවති බවත් පසුව එයට හෙළ තාක්ෂණය එක්කරමින් සංරක්ෂණය කිරීමක් සිදුකොට මේසා විශාල පොකුණක් නිර්මාණය කළ බවත් ඇතැම් තැනක සඳහන් අතර ඇත් පොකුණ බටහිර ඉවුර දෙස බැලීමේදී එම සඳහන සත්‍ය බවත් පැහැදිලි වේ.
"https://si.wikipedia.org/wiki/ලොව_විශාලතම_පෞරාණික_තටාකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි