"අග්ගඤ්ඤ සූත්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
{{copy edit|date=දෙසැම්බර් 2018}}
[[1]]. මා විසින් මෙසේ අසන ලදී:
 
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා මිගාරමාතුපාසාද නම් වූ පූර්වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වාශිෂ්ඨ භාරද්වාජ යන හෙරණ දෙ නම භික්ෂුභාවය (උපසපුව) පතන්නාහු භික්ෂූන් කෙරෙහි පිරිවෙසෙත්, එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටිසේක්. පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණෙහි එළිමහනෙහි සක්මන් කරන සේක. වාශිෂ්ඨ හෙරණ තෙම, සවස් වේලෙහි පලසමවතින් නැගී සිට පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණැ එළීමහනෙහි සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක භාරද්වාජ හෙරණහු බණවා, ‘ඇවැත්නි, භාරද්වාජයෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ සවස් වේලේ පලසමවතින් නැගී සිට පහයෙන් බැස, පහය ඉදිරියෙහි සෙවණැ එළිමහනෙහි සක්මන් කරන සේක. ඇවැත්නි, භාරද්වාජයෙනි, එමු. භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙන්නමු. භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්‍ම කථාවක් අසන්නට ලබන්නමෝ නම් ඉතා යෙහෙකැ’ යි කී ය. ‘එසේ ය, ඇවැත්නි’ යි කියා ම භාරද්වාජ තෙම වාශිෂ්ඨයාට පිළිවදන් දුන. ඉක්බිති වාශිෂ්ඨ භාරද්වාජ දෙ නම භාග්‍යවතුන් වහන්සේ කරා ගියහ. ගොස් ඔබ වැඳ, සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළහ.
"https://si.wikipedia.org/wiki/අග්ගඤ්ඤ_සූත්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි