"කාබනික ගොවිතැන්කරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
60 පේළිය:
== අනාගතය ==
 
“The Future of Foods” නම් ඩෙබෝරා කූන්ස් රාශියක් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර පටයේ සදහන් පරිදි 1994 වසර වන විට කාබනිකව වගාකෙරුණු ආහාර ද්‍රව්‍ය සදහා ඇමරිකානු වෙළද පොලේ වු ඉල්ලුම ඩොලර් බිලියන 1 ක් පමණ වු අතර [[2003]] වන විට එම අගය ඩොලර් බිලියන 13 දක්වා වර්ධනය වී ඇත. ක්‍රමයෙන් වැඩි වන පාරිභෝගික ඉල්ලුම ගොවීන්ට තම වගා කටයුතු කාබනික ක්‍රමයන්ට පරිවර්තනය කිරීම සදහා එක් ප්‍රධාන හේතුවක් වෙයි. පසුගිය වසර කිහිපය තුළ කාබනික ගොවිතැන් කටයුතු ප්‍රචලිත වීම සදහා ආහාර වල සුරක්ෂිත භාවය පිළිබද පාරිභෝගිකයන් අතර දැනුම වර්ධනය වීමත් පාරිසරික ගැටලුත් හේතු වී ඇත. පාරිභෝගිකයන් අතර කාබනික ගොවිතැන කෙරෙහි ධනාත්මක ආකල්පයක් පවතින බව අධ්‍යයන මගින් හෙලිවී ඇත. සෞඛ්‍යමය සහ සදාචාරාත්මක හේතු පිළිබද වැඩි අවධානයක් යොමු වීමත් සමග පාරිභෝගිකයින් කාබනික ගොවිතැන කෙරෙහි වැඩි යොමු වීමක් පෙන්වන අතර ඒ ආශ්‍රිතව දැරිය යුතු අමතර වියදම පවා දැරීමට ඔවුහු සුදානම් බව පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් විද්‍යාත්මක චින්තකයින් කාබනික ගොවිතැනෙහි ප්‍රතිඵල පිළිබද නිතර වාද කරති. විශේෂයෙන්ම මෙම තත්ත්වය අනාගත කෘෂිකාර්මික ගැටලු සම්බන්ධයෙන් ප්‍රබලව දැකගත හැක. බොහෝ දොනගේ විශ්වාසය වන්නේ අනාගතයේදී කෘෂිකර්මාන්තය කෙරෙහි එල්ල වන දැඩි ඉල්ලුම දරා ගැනීමේ හැකියාව කාබනික කෘෂිකර්මාන්තයට නොමැති බවයි. මෙහිදි විශේෂයෙන් සැලකිය යුතු වන්නේ නූතනයේ භාවිතා වන බොහෝ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණයන් සහ ක්‍රමවේද කෘෂි විද්‍යාඥයන් විසින් වැඩි දියුණු කරන ලද ඒවා වීමයි. කෙසේ නමුත් තවත් පිරිසකගේ මතය වන්නේ තිරසාර කාබනික ගොවිතැන පිලිබද පුර්ණ පර්යේෂණ තවමත් සිදුව නොමැති බැවින් තවදුරටත් එය අනාගත කෘෂිකාර්මික ක්‍රමවේදය බවට පත්වීමේ හැකියාවක් පවතින බවයි.
 
බොහෝ කාබනික කෘෂිකර්මාන්තයේ යොදානන්නන්ගේ විහ්වාසය වන්නේ ලොවවටා කාබනික කෘෂිකර්මාන්තය ක්‍රමයෙන් ප්‍රචලිත වන නමුත් එහි වර්ධනය වලකන සෘණාත්මක බලපෑම් රැසක් පවතින බවයි. කෙසේ නමුත් කෘෂි විද්‍යාඥයන් බොහෝ විට කාබනික කෘෂිකර්මාන්තයේ ලාභදායි බව සහ පාරිසරික හිතවාදි ගුණාංග පිළිබදව එකඟ නොවෙයි. තවත් සමහරක්ගේ විශ්වාසය වන්නේ සාමාන්‍ය ක්‍රමයට කෘෂිකර්මාන්තයේ යෙදෙන පුද්ගලයින් සහ දියුණු වෙමින් පවතින රටවල්, කාබනික කෘෂිකර්මාන්තයත් සමග ඇතිවිය හැකි මූල්‍යමය අවදානම් තත්ත්වය සහ සෘණාත්මක විද්‍යාත්මක ආකල්ප හේතුවෙන් කාබනික කෘෂිකර්මාන්තය කෙරෙහි නැඹුරුවීමට මැලිකමක් දක්වන බවයි. කාබනික කෘෂිකර්මාන්තය කෙරෙහි සහය දක්වන්නන්ගේ මතය වන්නේ වැඩි පිරිස් සහභාගිත්වය සහ දැනුම වර්ධනය ඔස්සේ මෙම සෘණාත්මක ආකල්ප ඉවත් කළ හැකි බවයි.
68 පේළිය:
කාබනික ක්‍රමවේදයට සහය දක්වන්නන් මගින් ලබාදෙන සහය සමග දියුණුවීම මගින් කාබනික කෘෂිකර්මාන්තය අනාගතයේදි තම ඉහළම විභවයට පත්වනු ඇතැයි සිතිය හැක. විද්‍යාත්මක ප්‍රජාව මෙම කෘෂිකර්මික ක්‍රමවේදය කෙරෙහි දක්වන අඩු සහයෝගය හේතුවෙන් මෙම ක්ෂේත්‍රයේ වැඩි දියුණුව සදහා බොහෝ දායකත්වයන් මෙම ක්ෂේත්‍රයට සහය දක්වන ප්‍රජාවෙහි අධ්‍යාපනික කටයුතු සහ පර්යේෂණ ඔස්සේ ලැබෙනු ඇතැයි සිතිය හැක. මෙසේ වැඩි සහයෝගයක් ලබාදීම මගින් කාබනික ගොවිපල වැඩිදියුණු කිරීම ඔස්සේ බොහෝ සෘණාත්මක සංකල්පයන් ඉවත් කළ හැකි යැයි ඇතැම්හු විශ්වාස කරති.
 
පාරිභෝගිකයන් අතින් බලන කළ කාබනික කෘෂිකර්මාන්තයට දිප්තිමත් අනාගතයක් ඇති බව පෙනෙයි. සෞඛ්‍යමය සහ සදාචාරාත්මක හේතු පදනම් කොට ගෙන පාරිභෝගිකයින් කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන වෙත යොමු වෙනු ඇති බවත් ඒ සදහා දැරිය යුතු අමතර වියදම දැරීමට සුදානම් බවත් අධ්‍යයනයන් මගින් හෙලිව ඇත. කෙසේ නමුත් නිෂ්පාදකයන් අතින් බලන කළ කාබනික ගොවිතැන කෙරෙහි පවතින ආකල්පයන් දෙයාකාර වේ. කාබනික ක්‍රමවේද භාවිතා කරන ගොවියෙකු වැඩි කාලයක් සහ වැඩි මුදලක් තම වගා කටයුතු සදහා වැය කළ යුතු වේ. විශේෂයෙන්ම ජෛව විවිධත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක වන අවස්ථාවන් සදහා මෙය විශේෂයෙන් සත්‍ය වේ. කෙසේ නමුත් බොහෝ දෙනෙක් මෙම අමතර වියදම සහ අමතර කාලය වැය කිරීම තර්කානු කූල නොවන බව විශ්වාස කරති. ඊට හේතුව විශේෂයෙන්ම දුප්පත් දියුණු වෙමින් පවතින රටවලදී මෙය පෞද්ගලික යහපැවැත්ම කෙරෙහි බලපෑම් එල්ල කිරීමයි.
 
== References ==
"https://si.wikipedia.org/wiki/කාබනික_ගොවිතැන්කරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි