"කෙටිකතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු 109.127.82.66 මගින් සිදුකල 465096 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
1 පේළිය:
කෙටිකතාවක් යනු සාපේක්ෂව කෙටි කාලවේලාවක් තුළ කියවා නිමකළ හැකි කෙටි ගද්‍ය ප්‍රබන්ධ විශේෂයකි. 17වැනි සියවසේ පැවති අසා සිටින්නන්ට කථාන්දර කීමේ සම්ප්‍රදාය තුළින් උපත ලැබූ කෙටිකතාව නිශ්චිත චරිත ලක්ෂණ සමුදායකින් වෙන්කර දැක්විය නොහැකි තරම් පුළුල් නිර්මාණාවලියකට මාධ්‍යය [[වී]] තිබෙන සාහිත්‍ය ආකෘතියකි. මුල් යුගයේ දී කෙටිකතාව ප්‍රධාන චරිත කීපයක් පමණක් යොදාගනිමින් එක් මූලික සිද්ධියක් නිරූපණය තුළින් කිසියම් එක් තේමාවක් විවරණය කිරීම අරමුණු කර ගත්තේ ය. ඒ තුළ නවකතාවකට වඩා අඩු වශයෙන් සහ රචනාවක් තුළ දීට වඩා වැඩි වශයෙන් කථා වින්‍යාසය,අනුනාදය/පුනරුක්තිය, සහ වෙනත් ක්‍රියාශීලී ගුණාංගයන් යොදාගනී. කෙටිකතාව නවකතාවෙන් විශාල වශයෙන් දුරස් වුවද එහි නවකතාවට ද පොදු ශිල්ප ක්‍රම රැසක් යොදාගැනේ.
 
කෙටිකතාවකට තිබිය යුතු වචන සංඛ්‍යාව මෙ පමණකැයි සීමාවක් පනවා නැත. කෙටිකතාවක්, නවකතාවක් හෝ වෙනයම් සාහිත්‍යාකෘතියක් යටතට යමක් ගැනෙන්නේ එහි වචන සංඛ්‍යාව නොව වෙනත් පසුබිම් කාරණා මුල්කරගනිමිනි. මේ හේතුවෙන් කෙටිකතාවක් ලෙස හදුනාගැනීමේ නිර්ණායක ශානරයන්, රටවල්, යුග මෙන් ම විචාරකයන් අනුව ද වෙනස් වෙයි.
"https://si.wikipedia.org/wiki/කෙටිකතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි