"අද්මිරාල්ති නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු Lta
ටැගය: Rollback
40 පේළිය:
 
==පොදු නීති සම්ප‍්‍රදායේ රටවල සමුද්‍රීය නීතිය==
බොහොමයක් පොදු නීති සම්ප‍්‍රදායේ රටවල් (පකිස්තානය, සිංගප්පූරුව, ඉන්දියාව, කැනඩාව වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්) විසින් ඉංගී‍්‍රසි ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදනයන් හා නඩු තීන්දු අනුගමනය කරනු ලැබේ. ඉන්දියාව තවමත් පැරණි වික්ටෝරියානු නීතිය වන 1861 අද්මිරාල්ති අධිකරණ පනත අනුගමනය කරයි. පාකිස්ථානය සතුව තමන්ගේම වූ නීතියක් එනම් [[1980]] මහාධිකරණ අද්මිරාල්ති අධිකරණ බලය පිලිබඳ ආඥා පනත ඇතත් එරට තවමත් ඉංගී‍්‍රසි නඩු තීන්දු අනුගමනය කරයි. පාකිස්ථාන නීතිය පැරණි ඉංගී‍්‍රසි අද්මිරාල්ති නීතියේ අනුරුවක් වීමට හේතුවී ඇත්තේ එය 1956 අධිකරණ සංවිධාන පනත අනුගමනය කරමින් නිර්මාණ කරන ලද්දක් වීමයි. එංගලන්තයේ හා වේල්සයේ මහාධිකරණයන්හි අද්මිරාල්ති අධිකරණ බලය සම්බන්ධයෙන් වර්තමානයේ බලපවත්වන ව්‍යවස්ථාපිත විධිවිධානය වන්නේ 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පනතයි. මෙම පනත 1952 ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ සම්මුතිය මත පදනම්ව ඇත. ඉංගී‍්‍රසි ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදනයන් හා නඩු තීන්දු අනුගමනය නොකරන පැනමාව වැනි අනෙකුත් රටවල්ද ඉතා ප‍්‍රසිද්ධ සමුදී‍්‍රය අධිකරණයන් පිහිටුවා ඇති අතර ඒවායේද ජත්‍යන්තර නඩු නිතර විභාග කරනු ලබයි.
අද්මිරාල්ති අධිකරණ අධිකරණ බලය තීරණය කරනු ලබන්නේ එය රටකට අයිතිද නැතිද, එය ලියාපදිංචි කොට ඇති නොමැතිද හෝ එහි හිමිකරුගේ නිත්‍ය වාසය කවර රටකද යන්න සලකා නොව, එය එම අධිකරණයේ අධිකරණ බලසීමාව තුල පවත්න්නේද නැතිද යන්න මත පිහිටාය. නඩු විභාගවන කාළය තුල අධිකරණ බලය නොවෙනස්ව පවත්වාගැනීම පිණිස සාමාන්‍යයෙන් නෞකාවක් අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලබයි. රාජ්‍යයන්ට අයත් නෞකාවන් සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වැලකීමේ මුක්තිය ලබයි.
 
"https://si.wikipedia.org/wiki/අද්මිරාල්ති_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි