"පර්යේෂණාත්මක මනෝ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[ගොනුව:Psi2.svg|thumb]]
පර්යේෂණාත්මක මනෝ විද්‍යාව අනුව මනෝ [[විද්‍යාව]] ස්වභාවික මනෝ විද්‍යාවක් ලෙස ද පර්යේෂණයට බඳුන් කළ හැකි පථයක් ලෙස ද සැලකේ. බොහෝ පර්යේෂණාත්මක මනෝ විද්‍යාඥයින් පර්යේෂණයන් හැර අනෙකුත් අන්වේශනය කිරීමේ ක්‍රම පිළිබඳ සැක උපදවති. විශේෂයෙන්ම සායනික සහ වර්ධනාත්මක මනෝ විද්‍යාවේ භාවිතා වන රෝගී අධ්‍යයනය, සහ සම්මුඛ සාකච්ඡා අඩු වශයෙන් යොදා ගැනීමට නැඹුරුතාවයක් දක්වති.
 
Ibn al-Haytham පර්යේෂණාත්මක මනෝ විද්‍යාවේ ආරම්භකයකු ලෙස ඇතැමුන් සලකන අතර ඔහුගේ දෘෂ්ටිය පිළිබඳ ග්‍රන්ථයේ දෘෂ්ටි සංජානනය සහ දෘෂ්ටි මායාවන් පිළිබඳ පර්යේෂණාත්මක ප්‍රවේශණය මෙයට හේතු වේ. ඔහුගේ සමකාලීන පර්සියානු ම‍නෝ චිකිත්සකයකු Abū Rayhān al-Bīrūnī විසින් ද ප්‍රතිචාර කාලයේ සංකල්පයේ මොහු සොයා ගන්නා ලද පර්යේෂණාත්මක ප්‍රවේශණයක් බිහි කරන ලදී. නමුදු 19 වන සියවසේ පර්යේෂණාත්මක මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන Wilhelm Wundt කාලය තෙක් තවදුරටත් වර්ධනයක් මෙම ක්ෂේත්‍රයේ සිදු නොවිණි. මොහු විසින් පර්යේෂණාත්මක මනෝ විද්‍යාව සඳහා ගණිතමය සහ ගුණාත්මක ප්‍රවේශනයක් ලබා දෙන ලදී. Wundt මනෝ චිකිත්සකයකු ලෙස හැඳින්වූ පළමුවැන්නා වන අතර ප්‍රථම පර්යේෂණාත්මක මනෝ විද්‍යාඥයා ද වෙයි. ඔහු විසින් ප්‍රථම මනෝ විද්‍යාත්මක පර්යේෂණාගාරය ලෙප්සිග්හි දී ස්ථාපනය කළ අතර ව්‍යුහාත්මක මනෝ විද්‍යා පාසල සඳහා මූලිකත්වය ලබා දෙන ලදී.
"https://si.wikipedia.org/wiki/පර්යේෂණාත්මක_මනෝ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි