"පැපොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Fixed typo
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය iOS app edit
8 පේළිය:
=== රෝග ලක්ෂණ ===
 
ඉහතින් සඳහන් කළ ආකාරයට පැපොල රෝගය ව්‍යාප්ත වන්නේ ආසාදිත රෝගියෙකු හා කෙලින්ම සිදුවන ස්පර්ශයෙන් හෝ රෝගියෙකු කහින විට හෝ කිවිසන විට පිටකරන බිඳිති මගිනි. බිබිලේ ඇතිවන ස්‍රාවයන් කෙලින්ම ස්පර්ශ කිරීමෙන්ද රෝගය ඇතිවේ. ආසාදිත රෝගියෙකුට රෝගය ව්‍යාප්ත කිරීමට හෝ වෙනකෙකුට රෝගය බෝකිරීමට හැකියාව හැකියාව ඇත්තේ සිරුරේ තුවාල ඇතිවීමට දින දෙකකට පෙර කාලයේ සිට තුවාල සුව වී කැලල ඇතිවීම දක්වා ගතවන කාල පරාසය තුල පමණි. මෙය දින [[5]] ක් සිට 10 ක් අතර කාලයක් ගනී. ආසාදිත රෝගියෙකුගෙන් අදාල රෝග කාරකය සිරුරට ඇතුලුවීමෙන් පසුව තව අයෙකුට ‍රෝගය ඇතිවීමට දින 10 සිට 21 ක් දක්වා කාලයක් ගතවේ.
 
පැපොල රෝගයේ මුල් අවස්ථාවලදී මිලිමීටර් දෙකේ සිට හතර දක්වා ප්‍රමාණයන්ගෙන් යුක්ත වූ රෝස පෙත්තක් ආකාර හැඩයක් ඇති රතු පැහැති ලප ඇතිවේ. මෙම රතුපැහැ ලප මත තුනී බිත්තියක් ඇති පැහැදිලි ස්‍රාවයකින් පිරුණු දිය බිඳක් ආකාරයට බිබිලි හට ගනී. මේ ආකාරයට “රෝස පෙත්තක් මත රැදුණු දිය බිදක්” ආකාරයට රෝගය සඳහාම ආවේනික වූ කුෂ්ඨයක් හටගනී. පැය අටක් හෝ දොලහකට පසුව බිබිලි තුල වූ දියරය අපැහැදිලි වී බිබිලි කැඩීයාමෙන් කබොල්ලක් සෑදේ.මෙම ස්‍රාවය ඉතාමත්ම බෝවන සුළුවේ. නමුත් කබොල්ල සෑදීමත් සමගම එමගින් රෝගය ඇති කිරීමේ හැකියාවක් නොමැත. දින හතක් අවසානයේදී මෙම කබොල්ල හැලීයන අතර ඇතැම් අවස්ථාවලදී ආවාටයක් වැනි කැළලක් ඇතිවේ. එක් තුවාලයක් මෙලෙස දින හතක් අවසානයේදී ඉහත කී අන්දමට චක්‍රයක් සම්පුර්ණ කළද පැපොල රෝගයේ ආවේනික ලක්ෂණය වන්නේ අළුතින් දිනපතාම දින කිහිපයක් ගතවන තුරු තුවාල ඇතිවීමයි. එබැවින් සතියකට පෙර අළුතින් තුවාල බිබිලි හටගැනීම නතරවන අතර ඒ වන විට පවතින තුවාල කබොල්ලක් සෑදී සුව වේ. එම නිසා කුඩා ළමුන් නැවත පාසල වෙත යැවිය යුත්තේ සියළුම තුවාල වල කබො‍ල්ල සෑදි සුවවීමෙන් අනතුරුවය.
"https://si.wikipedia.org/wiki/පැපොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි