"ජෛව රසායන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Corrected the spellings and replaced with correct term
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
'''ජෛව රසායන [[විද්‍යාව]]''' යනු ජීවින්ගේ සිරුර තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා පිළිබදව සිදුකරන අධ්‍යයනයයි. මෙහිදී ප්‍රෝටීන, කාබෝහයිට්‍රේට, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල සහ වෙනත් ජෛව අණු වැනි සෛලීය ද්‍රව්‍යවල ව්‍යුහය හා කෘත්‍ය පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. රසායනික ජීව විද්‍යාව (Biochemistry) මගින් ජෛව රසායනික විද්‍යාවේ ඇති වන යම් යම් ගැටළුවලට රසායනික සංස්ලේෂණය මගින් විසදුම් ලබාදේ.
 
විවිධ ආකාරයේ ජෛව අණු විශාල ප්‍රමාණයක් තිබුණද ඒවායින් බොහෝමයක් සංකීර්ණ විශාල බහු අවයවික අණු වන අතර (Polymers) මේවා සෑදි ඇත්තේ ඒ හා සමාන පුනරාවර්ථනය වන ඒක අවයවික කුඩා උප ඒකක මගිනි. (Monomers) ඉහත සදහන් කළ බහු අවයවික ජෛව අණු සදහා විවිධ ආකාරයේ උප ඒකක වර්ග ඇත. උදාහරණයක් ලෙස ප්‍රෝටීන යනු ඇමයිනෝ අම්ල 20 ක් ‍හෝ වැඩි ප්‍රමාණයකින් සෑදි ඇති බහු අවයවිකයකි. ජෛව රසායනික විද්‍යාවේදී ප්‍රෝටීන වැනි වැදගත් ජෛව අණුවල රසායනික ගුණාංගයන් පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. උදාහරණයක් ලෙස එන්සයිම මගින් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියා පිළිබදව මෙහිදී අධ්‍යයනය කරයි.
"https://si.wikipedia.org/wiki/ජෛව_රසායන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි