"පාර්කින්සන් රෝගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
20 පේළිය:
'''පාර්කින්සන් රෝගය''', යනු එයට ගොදුරු වූ පුද්ගලයාගේ චාලක ක්‍රියාවන් , කථනය සහ අනෙකුත් ක්‍රියාවන් අඩපණ කරන ප්‍රධාන ස්නායු පද්ධතියේ පිරිහීම් තත්වයකි.
 
මෙය චලන රෝගී තත්ත්වයන් ලෙස හඳුන්වන රෝග කාණ්ඩයේ එක් රෝගයකි. මාංශ පේශීවල තද බව, අනිච්ඡානුග සියුම් චලන, චාලක ක්‍රියාවන්හි වේගය අඩු වීම හෝ නැති [[වී]] යාම , මෙම කාණ්ඩයට පොදු අද්විතීය රෝග ලක්ෂණයන් වේ. ස්නායු පද්ධතියේ ඩොපැමින් ස්‍රාවය කරන නියුරෝනවල ඩොපැමින් රසායනිකය නිෂ්පාදනය අඩු වීම නිසා පාදස්ථ ගැංග්ලියන් මගින් මොළයේ කංකාල පද්ධතියේ උත්තේජන අඩු වීම මෙම ලක්ෂණ සඳහා හේතු වෙයි. ද්විතීයික රෝග ලක්ෂණ ලෙස සිහි කල්පනාව අඩු වීම සහ භාෂාවේ දුර්වලතාවයන් ඉස්මතු වෙයි. මෙම රෝගය නිධන්ගත සහ ක්‍රමයෙන් වැඩි වන රෝගයකි.
 
නිධන්ගත ක්‍රමයෙන් වැඩිවන පාර්කින්සෝනිය තත්ත්වය කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව පාර්කින්සන් රෝගයයි. වෙව්ලීම, මාංශවල ඝන බව, ක්‍රියාවන්වල වේගය අඩු වීම සහ ඉරියව්වල අස්ථායීභාවය ලෙස පාර්කින්සන් තත්ත්වය අර්ථ දැක්වේ. පාර්කින්ස රෝගය ප්‍රාථමික පාර්කින්සනත්වය ලෙස හැඳින්විය හැකිය. එනම් කිසිදු හේතුවක් නොමැති ජානමය විකෘතීන් නිසා ඇතිවන රෝගයකි. ද්විතීයික පාර්කින්සන් රෝගී තත්ත්වය ඇති වීමට හේතු කාරක ලෙස බෙහෙත් වර්ග , හිසට ඇති වූ පහර දීම්, සහ වෙනත් ඇතැම් රෝගී තත්ත්වයන් හඳුන්වාදිය හැකිය. ජේම්ස් පාකින්සන් විසින් ප්‍රකාශිත “වෙව්ලීම් සහිත පණ නැති වීමේ රෝග තත්වය ගැන විස්තරය” මගින් ඔහු විසින් කරන ලද සවිස්තරාත්මක හැඳින්වීම නිසා ඔහුට කරන ලද ගෞරවයක් ලෙස මෙම රෝගය පාර්කින්සන් රෝගය ලෙස නම් කරන ලදී.
"https://si.wikipedia.org/wiki/පාර්කින්සන්_රෝගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි