"ක්‍රීඩාවේ මනෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
17 පේළිය:
 
වර්ෂ 1970 මුල භාගයේදී ක්‍රීඩා මනෝවිද්‍යාව විශ්වවිද්‍යාල විෂය නිර්දේශයන් තුළද අන්තර්ගත විය‍. සාමාන්‍යයෙන් ගතිවිද්‍යා වැඩසටහන් තුළ අන්තර්ගත වූ මෙමගින් මළල ක්‍රීඩකයින් තුළ ධනාත්මක ආකල්ප ඇතිකිරීම වර්ධනය කෙරිණි. [[1980]] දශකයේදී ක්‍රීඩා මනෝවිද්‍යාව වඩාත් පර්යේෂණයන් මත පදනම් වීම ඇරඹිණි. ක්‍රීඩා මනෝවිද්‍යාඥයෝ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ව්‍යායාම්වල සහ පමණට වඩා පුහුණුවේ මානසික බලපෑම සහ මානසික පීඩනය පාලනය කිරීම ආදිය ගැන උනන්දු වූහ.
 
වර්තමානයේ ක්‍රීඩා මනෝ විද්‍යාඥයෝ ප්‍රබල කායික ක්‍රියාකාරකම් සහ මානසික යහ පැවැත්ම අතර සම්බන්ධතාවය සඳහා තොරතුරු ලබා ගැනීම පිළිබඳව පර්යේෂණ සිදු කරති. මානසික කායික විද්‍යා අදහස් සහ ව්‍යායාම් අතරතුරදී මොළයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය මේ සඳහා උපකාරී වී ඇත. තවද, ක්‍රීඩා මනෝවිද්‍යාඥයෝ යහපත් නිරෝගී මානසික තත්වයකට ආධාරකයක් ලෙස ව්‍යායාම හඳුන්වති.
23 පේළිය:
වර්තමානයේදී ක්‍රීඩා මනෝවිද්‍යාඥයින් තරඟකාරී ක්‍රීඩාවලදී ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ගේ දක්ෂතා වර්ධනය සඳහා තමන්ගේ දායකත්වයේ වටිනාකම ද, මළල ක්‍රීඩකයින් නොවන පුද්ගලයින්ගේ යහපත් මානසික තත්ත්වයන් රඳවා ගැනිම සඳහාද කායික ව්‍යායාම්හි පවතින වැදගත්කම ද හඳුනාගෙන ඇත. තමාගේ දක්ෂතා වැඩි දියුණු කිරීමට අවශ්‍යය ක්‍රීඩකයින්, අභිප්‍රේරණයක් අවශ්‍ය ආබාධිත ක්‍රීඩකයින්, තරඟකාරී ක්‍රීඩාවල පීඩනය මැඩපවත්වා ගත නොහැකි ක්‍රීඩකයන්, තරුණ ක්‍රීඩාවල නිරත තරුණ ක්‍රීඩකයින් සහ ඔවුනගේ දෙමාපියන් වැනි බොහෝ කොට්ඨාස ක්‍රීඩා මනෝවිද්‍යාඥයින්ගෙන් උපකාර ලබති.
 
 
== සටහන් ==
 
"https://si.wikipedia.org/wiki/ක්‍රීඩාවේ_මනෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි