"සනෝ විරුද්ධාභාස" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary ටැගය: Reverted |
||
10 පේළිය:
“reductio ad absurdum” හෙවත් විසංවාදයෙන් ඔප්පු කිරීමේ ක්‍රමය සඳහා මුල්ම ආදර්ශයක් සීනෝ විරුද්ධාභාස ලෙස සැලකිය හැකි වේ. සොක්‍රටීස් විසින් යොදාගත් තර්කන ක්‍රමයට මූලාංගයන් මේවා මඟින් සපයන ලද බවත් සැලකේ.
සීනෝ විරුද්ධාභාසය ආදී සහ මධ්‍යතන යුගවල දාර්ශනිකයන්ට දැඩි ගැටලුවක් වූ අතර ඒවා සඳහා යෝජනා වූ බොහෝ විසඳුම් අසතුටුදායක බව ඔවුන් විසින් සොයාගන්නා ලදී. කලනය භාවිතයෙන් ඉදිරිපත් කර ඇති වඩාත් නූතන විසඳුම් සතුටුදායක බව සමස්තයක් ඉංජිනේරුවන්ගේ හා ගණිතඥයන්ගේ පිළිගැනීමට ලක්ව ඇත. නමුත් මෙම විරුද්ධාභාස සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව පිළිගැනීමට වර්තමානයේ පවා බොහෝ දර්ශනවාදීයෝ මැලිකමක් දක්වති. ඒ අතරම මෙම විරුද්ධාභාස සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට උත්සාහ කිරීම බොහෝ බුද්ධිමය සොයා ගැනීම්වලට හේතු [[වී]] ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. වර්තමානයේ පවා මෙම විරුද්ධාභාසවල විවිධ විචලනයන් (තොම්සන් ලාම්පුව බලන්න) පැහැදිලි කිරීමේ දී අප යොදා ගන්නා තර්කයේ යම් වැරදි තිබේ ද , එසේ නම් ඒ මොනවාද යන්න පිළිබඳ තාවකාලික හෝ ගැටලු සහගත තත්ත්ව ඇතිවීම සිදු වේ.
මෙම විරුද්ධාභාසයන්හි උපත යම්තාක් දුරට අපැහැදිලි වේ. ෆැවෝරින්ස්ට අනුව “ඇකිලීස් සහ ඉබ්බා” නම් තර්කය මුල්වරට යොදාගෙන ඇත්තේ සීනෝගේ ගුරුවරයා වූ පැමිනිඩේස් බව ඩයෝජීනස් ලාටියස් පවසයි. නමුත් පසුකාලීනව විරුද්ධාභාස සීනෝගේ නිර්මාණ බව ලාටියස් විසින්ම ප්‍රකාශ කර ඇත.
|