"සංයෝජන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
සමායුක්ත ගණිතයේ දී සංයෝජනයක් යනු අනන්‍ය ප්‍රමාණවල පටිපාටිගත නොවූ (අපටිපාටිගත) කුලකයකි. (පටිපාටිගත එකතුවක් සංස්කරණයක් නම් වේ) සියලු අනන්‍ය අවයව ඇතුළත් කුලක S හි අවයව ඇතුළත් උප කුලකයකි. සංයෝජනයක අවයවවල අනුපිළිවෙල වැදගත් නොවේ. (සමාන අවයව එකිනෙකට වෙනස් පිළිවෙලට සකස් කර ඇති ලැයිස්තු දෙකක් එකම සංයෝජනයක් ලෙස සැලකේ) තවද සංයෝජනයක අවයව පුනරාවර්තනය විය නොහැක. (එනම් ඕනෑම අවයවයක් අනන්‍ය එක් වරක් පමණක් සඳහා වේ.) මෙය පුනරාවර්තනයකින්/ ප්‍රතිස්ථාපනයකින් තොරව ලිවීම යැයි කියනු ලැබේ. මීට හේතුව සංයෝජන ඒවා තුළ අඩංගු අවයව අනුව අර්ථ දක්වනු ලැබීමයි. එබැවින් ([[1]],1,2) යන කුලකයක (2,1,1) යන කුලකයන් එකම සංයෝජනයකි. උදාහරණයක් ලෙස කාඩ් 52 ක කාඩ් කුට්ටමකින් ඕනෑම කාඩ් 5ක් වලංගු සංයෝජනයක් සෑදීමට යොදා ගත හැකිය. කාඩ්වල අනුපිළිවෙල වැදගත් නොවන අතර කාඩ් පුනරාවර්තනය විය නොහැකිය.
k- සංයෝජනයක් (නැතහොත් k- උපකුලකයක්) යනු අවයව k- ප්‍රමාණයක් ඇති උප කුලකයකි. අවයව n ප්‍රමාණයක් ඇති S කුලකයකින් (ප්‍රමාණය n වේ) තැනිය හැකි k- සංයෝජන (එක එකක ප්‍රමාණය k- වේ) සංඛ්‍යාව ද්වි පද සංගුණකයෙන් ලබා ගත හැකිය. (මෙය තේරුම් ශ්‍රිතය ලෙස ද හැඳින්වේ)
"https://si.wikipedia.org/wiki/සංයෝජන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි