"ශුන්‍යයට හිමි ස්ථානය සහ ප්‍රකෘති සංඛ්‍යාවල ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ගණිතය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
එකෙන් පටන් විට ද්‍රව්‍ය ගණන් කිරීමට යොදා ගත් වචන මූලය එක යන්නෙන් ආරම්භ විය. අමූර්තනයෙහි මුල්ම ප්‍රධාන ප්‍රගමනය සංඛ්‍යා නිරූපණය සඳහා සංඛ්‍යාක භාවිතයත් සමඟ ආරම්භ විය. ඒ සමඟම විශාල සංඛ්‍යා සටහන් කිරීම සඳහා ක්‍රමවේද බිහි විය. උදාහරණයක් ලෙස බැබිලෝනියානුවන් ප්‍රධාන වශයෙන් 1 සහ 10 වැනි සංඛ්‍යා ඇසුරින් බලවත් ස්ථානීය - අගය පද්ධතියක් නිර්මාණය කරන ලදී. 1,10 සහ මිලියනය දක්වා වූ 10 බලය සඳහා එකිනෙකට වෙනස් ද්වි අක්ෂර සහිත සංඛ්‍යාංක පද්ධතියක් ආදී ඊජිප්තු ජාතිකයන් සතු විය. ක්‍රි.පූ.15000 පමණ අයත් දැනට පැරීසි ලොවියර් හි තබා ඇති කාර්නක්වලින් සොයාගත් ගල් කැටයමක 276 නිරූපණය කර ඇත්තේ සියයේ ඒවා යුගලක්, දහයේ ඒවා 7 ක් සහ එකේ ඒවා 6 ක් ලෙසය. එහි 4622 ද එලෙසම නිරූපණය කර ඇත. වෙනමම සංඛ්‍යාංකයක් සහිත සංඛ්‍යාවක් ලෙස ශුන්‍යය පිළිබඳ සංකල්පයේ වර්ධනය අමූර්තනයේ පසුකාලීන ප්‍රගමනයක් විය. ක්‍රි.පූ.700 තරම් අතීතයේ පවා බැබිලෝනියානුවන් සිය ස්ථානීය අගය අංකනයන්හි දී ශුන්‍ය සංඛ්‍යාකයක් භාවිතා කළහ. නමුත් එය නිරූපිත සංඛ්‍යාවේ අවසාන සංකේතය වන කල්හි සටහන් නොකර අත් හරින ලදී. ක්‍රි.පූ. [[1]] වැනි සියවස තරම් ඈත අතීතයේ දී ඔල්මෙක් සහ මායා ශිෂ්ටාචාරවල ශුන්‍යය වෙනමම සංඛ්‍යාවක් ලෙස භාවිතා විය. මෙය ඉහත ශිෂ්ටාචාර තුළ බාහිර බලපෑමකින් තොරව දියුණු වූ ක්‍රමවේදයක් ලෙස සැලකේ. නමුත් මෙම ක්‍රමයේ භාවිතය මධ්‍යම ඇමරිකාව ඉක්මවා පැතිර නොගියේය. මෙම සංකල්පයේ නූතන ආකාරය ක්‍රි.ව. 628 දී ඉන්දියානු ගණිතඥ බ්‍රහ්මගුප්ත විසින් හඳුන්වාදෙන ලදී. කෙසේ නමුත් මධ්‍යතන යුගයේ සිට ආගණකකරුවන් (ඊස්ටර් සමය ගණනය කරන්නවුන්) ක්‍රි.පූ. 25 ඩයෝනිතියස් එක්සිගස් ගේ පටන් ශුන්‍ය සංඛ්‍යාවක් ලෙස භාවිතා කිරීමට පුරුදු වුහ. එය ලිවීම සදහා රෝමානු සංඛ්‍යාංකයක් භාවිතා කරනු වෙනුවට ඔවුහු ලතින් බසින් “කිසිවක් නැත” යන අරුත දෙන “nullus” යන වදන භාවිතා කළහ. අමූර්තනයන් (එනම් අමූර්ත භූතාර්ථ ලෙස) ලෙස මුල්වරට ක්‍රමානුකූලව සංඛ්‍යා පිළිබඳ අධ්‍යයනය කිරීමේ ගෞරවය ග්‍රීක දාර්ශනිකයන් වන පයිතගරස් සහ ආකිමිඩීස්ට හිමි වේ. නමුත් සමකාලීනව හා ඔවුන්ගෙන් ස්වායත්තව චීන ඉන්දියානු සහ මධ්‍යම ඇමරිකානු ප්‍රදේශවල ද මේ හා සමාන අධ්‍යයනයන් සිදු විය. 19 වැනි සියවසේ දී ප්‍රකෘති සංඛ්‍යා සඳහා කුලකමය සෛද්ධාන්තික අර්ථ කථනයක් නිර්මාණය විය. මෙම අර්ථ කථනයත් සමඟ ශුන්‍යය (අභිශුන්‍ය කුලකයට අනුරූප) ප්‍රකෘති සංඛ්‍යා අතරට එක් කිරීම වඩාත් පහසු විය. ශුන්‍ය ප්‍රකෘති සංඛ්‍යාවලට අයත් ලෙස සැලකීම කුලකවාදීන්, තර්ක ශාස්ත්‍රඥයන් සහ පරිගණක විද්‍යාඥයන් අතර පොදු සම්මුතියක් බවට පත්ව ඇත. නමුත් සංඛ්‍යාවාදීන් වැනි අනෙකුත් ගණිතඥයින් 1 පළමු ප්‍රකෘති සංඛ්‍යා ලෙස සැලකීමේ පැරණි සම්ප්‍රදාය පිළිපදිති.