"බොයිල් නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 54 interwiki links, now provided by Wikidata on d:q175974 (translate me)
No edit summary
ටැගය: Reverted
19 පේළිය:
1738 වසරේදී ඩැනියල් බර්නූලි අණුක තත්වයේ හැසිරීම්වලට නිව්ටන් නියම යෙදීම මඟින් බොයිල්ගේ නියමය ව්‍යුත්පන්න කිරීමට සමත් විය. නමුත් ඔහුගේ සොයාගැනීම් 1845 වර්ෂයේදී ජෝන් වෝටර්ස්ටන් විසින් චාලක වාදයේ මූලික සංකල්ප අයත් නිබන්ධනයක් පළ කරන තෙක් නොසලකා හැරීමට ලක්විය. එවිට ද එංගලන්ත රාජකීය සංගමය වෝටර්ස්ටන්ගේ සොයාගැනීම් ප්‍රතික්ෂේප කළ අතර පසු කලෙක ජේම්ස් ප්‍රෙස්කොට් ජූල් , රුඩොල්ෆ් ක්ලෝසියස් හා ලඩ්විග් බෝල්ට්ස්මාන් වායු පිළිබද චාලකවාදය සනාථ කරමින් බර්නූලිගේ හා වෝටර්යන්ගේ මතයක් ස්ථිර කරන තෙක් රාජකීය සංගමය ඔවුන් ප්‍රතික්ෂේප කර තිබුණි.
 
ශක්තිවාදයේ (Energetic) හා පරමාණුකවාදයේ (Atomism) අනුගාමිකයන් අතර විවාදයක් නිසා [[1898]] වර්ෂයේ දී බෝල්ට්ස්මාන් පල කරන ලද ග්‍රන්ථය 1901 වර්ෂයේ ඔහු සියදිවි හානි කරගන්නා තෙක්ම විවේචනයට භාජනය විය. නමුත් 1905 වර්ෂයේ දී ඇල්බට් අයින්ස්ටයින් ද්‍රවයක් තුළ අවලම්භිත අංශුවක බ්‍රවුනීය චලිතය පැහැදිලි කිරීමට චාලකවාදය යොදා‍ගත හැකි බව පෙන්වා දුන් අතර 1908 වසරේ දී ජීන් පෙරින් මේ බව සනාථ කරන ලදී. මේ අනුව බල කළ බොයිල් නියමය චාලකවාදය මගින් ව්‍යුත්පන්න කළ හැකි බව පැහැදිලි වේ.
 
 
"https://si.wikipedia.org/wiki/බොයිල්_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි