"දුරස්ථ ප්‍රතිග්‍රහණය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary ටැගය: Reverted |
සුළු 189.201.185.111 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Legobot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි ටැගය: Rollback |
||
1 පේළිය:
පුළුල්ව විග්‍රහ කළහොත් දුර සංනිවේදනය (remote sensing) යනු භෞතිකව, ස්පර්ශ නොවන හෝ ආසන්නයේ නොපවතින වස්තුවක හෝ සිදුවීමක් වාර්තා කිරීම මඟින් හෝ සංඥා ආසන්නයේ නොපවතිව වස්තුවක හෝ සිදුවීමක් වාර්තාගත කිරීම මඟින් හෝ සංඥා ලබාගත හැකි උපකරණ වලින් කුඩා හෝ විශාල පරිමාණයෙන් තොරතුරු ලබා ගැනීමයි. (අහස්යානා, අභ්‍යවකාශ යානා, චන්ද්‍රිකා, බෝයාවන් හො නැව් මඟින්) සාමාන්‍ය භාවිතයේදි දුර සංනිවේදනය යනු විවිධ ක්‍රම උපායන් යොදාගනිමින් වස්තුවක හෝ යම් ප්‍රදේශයක තොරතුරු එක් රැස් කිරීමයි. ඒ අනුව කාලගුණ චන්ද්‍රිකා මඟින් පෘථිවි නිරීක්ෂණය, කාලගුණික බෝයාවන් භාවිතයෙන් සාගර හා වායුගෝලිය නිරීක්ෂණය, අධි ශබ්ද තරංග මඟින් කලල නිරීක්ෂණය, චුම්භක අනුනාද ප්‍රතිරූප (MRI), පොඨිස්ට්රෝන් පිටකිරීම, ටොමොග්‍රෆි (Tomognpy) සහ අභ්‍යවකාශ යාන යන සියළුම දේ දුර සංනිවේදන සඳහා උදාහරණ වේ.
[[ගොනුව: Death-valley-sar.jpg |thumb|alt=tiny globe| කෘත්‍රිම විවිර රේඩාර් මඟින් ලබාගත් ඡායාරූපයක් ධ්‍රැවමිනිත අනුව වර්ණ කර ඇත. ]]
වර්තමානයේ දි මෙම වචන සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ගුවන්ගත කළ ගුවන්යානා හා අභයාවකාශ යානාවල භාවිතාකරන උපකරණවල ඡායාරූප සංඥා තාක්ෂණය හැඳින්විමය, මෙය වෛද්‍ය ඡායාරූප වැනි කොටස් වලින් වෙනස් වේ. දුර සංවේදන ආකාර
කක්ෂීය මධ්‍යස්ථාන විද්‍යුත් චුම්භක වර්ණාවලියේ විවිධ කොටස් වලින් දත්ත එක්රැස් කර සන්නිවේදනය කරනු ලබයි. තවද පොළවේ පවතින විශාල ප්‍රමාණයේ ගුවන් විදුලි සංඥා අවශෝෂක මඟින් ලබා ගන්නා දත්ත හා සම්බන්ධ කර විද්‍යාඥයින්ට එල්නිනෝ වැනි දීර්ඝ කාලීන ස්වභාවික සංසිද්ධි වල රටාවන් ගොඩනගා ගැනීමට හැකිවී ඇත. පෘථිවි විද්‍යාවේ ස්වභාවික සම්පත් කළමනාකරණය, කාෂිකර්මයේදි වගාබිම් භාවිතය හා සංරක්ෂණය, ජාතික ආරක්ෂාව සඳහා දේශසීමාවල ගුවනින් හා පොළවේ දත්ත එක්රැස් කිරීම වැනි විවිධ කාර්යයන් සඳහා දුර සංවේදනය භාවිතා වේ.
|