"ධවල මන්දිරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 80.94.192.236 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් CommonsDelinker ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
151 පේළිය:
 
[[File:The Shell of the White House during the Renovation-05-17-1950.jpg|thumb|ට්‍රුමන් ප්‍රතිසංස්කරණ යටතේ බාහිර බිත්ති සඳහා වානේ සැකිලි ඉදිකරන අයුරු]]
දශක ගණනක දුර්වල නඩත්තු කිරීම් හේතුවෙන් කූලීඩ්ගේ පරිපාලන කාලය තුල ඉදිකරන ලද හතරවැනි මහලේ අට්ටාලය සහ හෙන්රි එස්. ට්‍රුමන් සඳහා දකුණු පෝටිකෝවට ඉහලින් ඉදිකරන ලද දෙවන මහලේ සඳැල්ල විනාශයට පත් වෙමින් තිබුණි.වර්ෂ 1948දී ධවල මන්ධිරය කඩා වැටීමට ඉතා ආසන්න බවට ජනාධිපති ට්‍රුමන්ට කල ප්‍රකාශය මෙහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමටත් වසර 2ක කාලයක් සඳහා(1949 සිට 1951 දක්වා)බ්ලෙය්ර් නිවාස වෙත මාරු වීමටත් හේතු විය.මෙහි නවීකරණ කටයුතු ෆිලඩෙල්ෆියානු සමාගමක කොන්ත්‍රාත්කරුවෙකු වන ජෝන් මැක්ෂේන් විසින් කරනු ලැබූ අතර ඇතුලත spaces සම්පුර්ණයෙන් ගලවා ඉවත් කිරීම,බර දැරීම සඳහා ඇතුලතින් නවතම වානේ සැකිලි ඉදිකිරිම සහ කාමර අලුත් ආකෘතියකට අනුව ඉදිකිරිම ඒ අතර වේ.මෙම නවීකරණ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.7ක්(වර්තමානයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 52ක් පමණ)වැය විය.
 
බිම්තල සැලස්මෙහි සිදු කල වෙනස්කම් කිහිපය අතර ප්‍රධාන පියගැටපෙළ පිහිටි ස්ථානය හරස් ශාලාව වෙනුවට පිවිසුම් ශාලාව වෙත විවෘත කිරීම ප්‍රමුඛ වේ.මධ්‍යගත වායුසමීකරණ පද්ධතියක් සහ වැඩකුටි,ගබඩාවන් සහ බෝම්බ වලින් ආරක්ෂා වීම සඳහා අතිරේක උප යටමාල 2ක්ද එක් කරන ලදී.වර්ෂ 1952 මාර්තු මස 27 වන දින ජනාධිපති ට්‍රුමන් නැවත ධවල මන්ධිරයේ පදිංචිය සඳහා පැමිණෙන ලදී.ට්‍රුමන්ගේ ප්‍රතිසංස්කරණ තුලදී මන්ධිරයේ සැකිල්ලේ කිසිදු වෙනසක් සිදු නොකළ අතර බොහාමයක් නව අභ්‍යන්තර ඉදිකිරීම් සමාන්‍ය සහ සුළු ඓතිහාසික වටිනාකමකින් යුක්ත විය.බොහොමයක් මුල් කපරාරු නිර්මාණයන් 1814-1816 කාලයේ නැවත ඉදිකිරීම් වන අතර ඒවා මෙන්ම නැගෙනහිර කාමරයේ ඇති ශක්තිමත් බිඔක්ස් පනේලද නැවත සවි කල නොහැකි තරම් පළුදුවී තිබිණ.ජනාධිපති ට්‍රුමන් විසින් ප්‍රධාන නිවාසයෙහි බිම් මහලෙහි පිහිටි වමේල් කාමරයේ,පුස්තකාලයේ,චීන කාමරයේ සහ සිතියම් කාමරයේ බිත්ති දැවමය පනේල යොදා සකස් කරන ලදී.
 
===කෙනඩිගේ ප්‍රතිසංස්කරණ===
 
[[File:BoudinRedRoom.jpg|thumb|ජෝන් එෆ්. කෙනඩි පාලන සමයේ ස්ටීවන් බෝඩින් විසින් නිර්මාණය කරන ලද රතු කාමරය]]
ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි(1961-63)ගේ බිරිඳ වන ජැකලින් කෙනඩි විසින් මන්ධිරයේ ඉතා විශාල සහ ඓතිහාසික නැවත සැරසිලි කිරීම් කිහිපයක්ම සිදුකරන ලදී.මන්ධිරයේ මානව කෘති එකතු කිරීම සඳහා ඇය වින්ටතර් කෞතුකාගාරයේ හෙන්රි ෆ්‍රැන්සිස් ඩු පොන්ට් ගේ සහාය ලබා ගන්නා ලදී.ක්‍රවුන්ශිල්ඩ් පවුල,ජේන් එන්ගල්හාර්ඩ්,ජේන් රයිට්ස්මන් සහ ඕපෙන්හෙමර් පවුල ඇතුළුව ධනවත් මහජන හිතෛෂීන් විසින් ධවල මන්දිරයට වෙනත් පුරාවස්තු,සිහින් චිත්‍ර කෙනඩිගේ කාලය තුලදී පිරිනමන ලදී. සැරසිලි සඳහා සහය වීමට කෙනඩි මහත්මිය විසින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබු ප්‍රංශ අභ්‍යන්තර මෝස්‌තර ආයතනයක් වූ ජැන්සෙන් නිවසේ ස්ටෙෆාන් බවුඩින් සේවයට බඳවා ගනු ලැබීය.
 
ඒ ඒ කාමර සඳහා තේමාව ලෙස ලෝක ඉතිහාසයේ සහ පෙර සමුහාණ්ඩු වල විවිධ කාලච්ඡේද යොදාගන්නා ලදී.කොල පැහැති කාමරයට ෆෙඩරල් ශෛලිය,නිල් පැහැති කාමරයට ප්‍රංශ අදිරාජ්‍ය,රතු කාමරයට ඇමරිකානු අදිරාජ්‍ය,කහ පැහැති ඕවල් හැඩයේ කාමරයට 16 වන ලුවිස් සහ ට්‍රීටි කාමරය ලෙස නම්කළ ජනාධිපති ගේ අධ්‍යන කාමරය සදහා වික්ටෝරියන් එම තේමාවන් වේ.පෞරාණික ගෘහ භාණ්ඩ අත්පත් කරගත් අතර සැරසිලි සහිත රෙදිපිළි හා වෙනස් කිරීම් සහිත කාලඡේද ලේඛන නිපදවා පිහිටුවන ලදී.ජනාධිපති කෙනඩි විසින් සිදු කරනු ලැබූ මෙම ප්‍රතිසංස්කරණ ධවල මන්ධිරයට මනා පෞරුෂයක් එක්කරනු ලැබූ අතර එය මැඩිසන් සහ මොන්රෝගේ ප්‍රංශ රුචිකත්වය සිහිකරවයි.1834දී සුබර් සහ සයි විසින් නිර්මාණය කල පෞරාණික වූ ඩේ ඇමරික් නෝර්ඩ් නම් බිත්ති පත්‍රය කෙනඩි මහත්මිය විසින් තානාපති පිළිගැනීමේ කාර්යාලයේ සවිකරන ලදී.මෙම බිත්ති පත්‍රය තවත් මන්ධිරයක බිත්තියක 1961 දී එම නිවස සිල්ලර බදු කඩයක් සඳහා කඩා දමන තෙක් එල්ලා තිබී ඇත.කඩා දැමීමට පෙර,මෙම බිත්ති පත්‍රය බේරාගෙන ධවල මන්දිරයට විකුණන ලදී.
 
ප්‍රථම ධවල මන්දිර මාර්ග සිතියම් පොත කෙනඩි මහත්මියගේ අධික්ෂණය යටතේ කුරටර් ලොරින් වැක්ස්මන් ගේ උපදේශනය යටතේ නිමවන ලදී.මෙම මාර්ග සිතියම් පොත විකිණීමෙන් ලද ආදායම ධවල මන්ධිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදවන ලදී.
 
==කෙනඩිගේ ප්‍රතිසංස්කරණයෙන් පසු ධවල මන්ධිරය==
[[File:President Kennedy and Vice President Johnson prior to ceremony.jpg|thumb|right|ජනාධිපති කෙනඩි සහ උප ජනාධිපති ජොන්සන්]]
 
ජනාධිපති ට්‍රුමන් විසින් සිදු කල අලුත්වැඩියාවෙන් පසු ධවල මන්දිරයේ ඓතිහාසික ස්වරුපයට ඇති ගෞරවය නිසා මන්ධිරයේ විශාල වාස්තුවිද්‍යාත්මක වෙනසක් සිදු කර නැත.කෙනඩි ප්‍රතිසංස්කරණයේ සිට හැම ජනපති පවුලක්ම ධවල මන්දිරයේ පෞද්ගලික කොටස් වලට කුමන හෝ වෙනසක් සිදු කර ඇති නමුත් ප්‍රධාන කාමර වලට වෙනසක් කිරීමට ප්‍රථම ධවල මන්දිර සංරක්ෂණ කමිටුව එය අනුමත කල යුතු වේ.ධවල මන්දිරයේ ඓතිහාසික බව පවත්වා ගැනීම සඳහා මහ සභාවේ බලයලත් කමිටුවක් ජනාධිපති පවුල සමඟ ක්‍රියා කරන අතර බොහෝ විට මෙම කමිටුව ජනාධිපති ආර්යාව,ධවල මන්ධිරයේ පාලක සහ ප්‍රධාන උපදේශකගෙන් සමන්විත වේ.
 
ජනාධිපති නික්සන්ගේ පරිපාලන කාලය(1969-74) තුල ජනාධිපති ආර්යා පැට් නික්සන් ජනපති රිචර්ඩ් නික්සන් විසින් පත්කරන ලද ක්ලේමෙන්ට් කොන්ගර් සමග එක්ව කොළ,නිල් සහ රතු පැහැති කාමර නැවත සකස් කරන ලදී.නික්සන් මහත්මියගේ උත්සාහයන් මන්ධිරය අත්පත් කර ගන්නා ලද මානව කෘති 600කට අධික ප්‍රමාණය ඕනෑම පරිපාලනයක් විසින් කරගත් විශාලම අත්පත් කරගැනීම වේ.ඇයගේ සැමියා විසින් නවීන පුවත්පත් සාකච්ඡා කාමරයක් ෆ්‍රැන්ක්ලීන් රූස්වෙල්ට් ගේ පරණ පිහිණුම් තටාකය මත නිර්මාණය කළේය.එමෙන්ම ජනාධිපති නික්සන් විසින් ධවල මන්ධිරයේ යටමාලයේ පන්දු යැවීමේ තනි පටුමගක්ද ඉදි කළේය.
 
ජනාධිපති කාටර් පරිපාලන සාමය තුල පරිගණක සහ ප්‍රථම ලේසර් මුද්‍රණ යන්ත්‍රය ධවල මන්ධිරයට එකතු කල අතර ජනාධිපති රීගන් පරිපාලනයේදී පරිගණක තාක්ෂණ භාවිතය පුළුල් කරන ලදී.ජනාධිපති කාටර්ගේ යුගයේදී ධවල මන්දිරයේ වහලය මත ඉදි කරන ලද සූර්ය ජාලතාප තැටි එකතුව ජනාධිපති රීගන් විසින් ඉවත් කරනු ලැබීය.ජනාධිපති රීගන් කාලය තුලදී පෞද්ගලික පවුල් වාසස්ථානයට අලුතින් සැරසිලි එක් කල අතර පොදු ප්‍රදේශද නඩත්තු කරන ලදී.මන්ධිරය වර්ෂ 1988දි කෞතුකාගාරයක් ලෙස නම් කරනු ලැබිය.
 
වර්ෂ 1990දි, බිල් සහ හිලරි ක්ලින්ටන් සැරසිලිකරු කැකි හොකෙර්ස්මිත් ගේ සහය ඇතිව ඕවල් කාමරය,නැගෙනහිර කාමරය,නිල් පැහැති කාමරය,ප්‍රධාන භෝජන ශාලාව,ලින්කන් නිදන කාමරය සහ ලින්කන් විසිත්ත කාමරය ඇතුළු කාමර කිහිපයක් ප්‍රතිසංස්කරණය කළේය.ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් පාලන සමයේදී, ජනාධිපති ආර්යා ලෝරා බුෂ් විසින් ලින්කන් නිදන කාමරය ලින්කන් යුගයට සමකාලින ශෛලියකට ප්‍රතිසංස්කරණය කරනු ලැබූ අතර කොළ කාමරය,කැබිනට් කාමරය සහ නාට්‍යය ශාලාවද නැවත සකස් කරන ලදී.
 
ජනපති ෆ්‍රැන්ක්ලින් ඩි. රූස්වෙල්ට් අංශබාග තත්වයෙන් පෙලීම හේතුවෙන් රෝද පුටුවක් භාවිතා කල නිසා ධවල මන්ධිරය තුල වෙනස්කම් කිහිපයක් සිදු කල නිසා වොෂින්ග්ටන් හි රෝද පුටුවකින් ලඟා විය හැකි ප්‍රථම රජයේ ගොඩනැගිල්ල බවට ධවල මන්ධිරය පත් විය.වර්ෂ 1990 දී අමුත්තන්ගේ කාර්යාල අධ්‍යක්ෂක මෙලින්ඩා එන්.බේට්ස් විසින් කරනු ලැබූ නැගෙනහිර කොටසේ කොරිඩෝවේ හැඩපෝරුව අමතරව එකතු කිරීම යෝජනාව හිලරි රොඩ්හැම් ක්ලින්ටන් විසින් අනුමත කරනු ලැබිය.එය නැගෙනහිර අංශයේ ආරක්ෂක පිවිසුම් දොරටුව හරහා මහජන චාරිකා සහ විශේෂ අංග සඳහා ගොඩනැගිල්ලට ඇතුළු වන රෝද පුටු වලට පහසුවක් විය.
 
2013දි ජනාධිපතිවරයෙකු විසින් සිය නිල වාසස්ථානයකට සූර්ය ශක්තිය යොදාගත් ප්‍රථම වතාව සටහන් කරමින් ජනාධිපති බැරක් ඔබාමා විසින් ධවල මන්ධිරයේ වහලය මත සූර්ය පැනල එකතුවක් සවිකරණ ලදී.
 
ජනාධිපතිවරයෙකු සාමාන්‍යයෙන් ධවල මන්දිර භූමියට හෝ එහි සිට පිටතට නිල හෙලිකොප්ටරයකින් හෝ මෝටර් රථ පෙලකින් ගමන් කරයි.1950දි, ජනපති ඩ්වයිට් ඩි. එඉසෙන්හවර් ධවල මන්ධිර භූමියේ සිට හා ඉන් පිටතට හෙලිකොප්ටරයකින් ගමන් ගත් පළමු ජනපති වේ.
 
===පිරිසැලැස්ම සහ සැපපහසුකම්===
 
වර්තමානයේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වාසය කරන ගොඩනැගිලි සමුහය ධවල මන්දිර සංකිර්ණය වශයෙන් හඳුන්වනු ලබයි.එය ප්‍රධාන විධායක නිවාසයෙන් හා එයට දෙපසින් පිහිටා
ඇති නැගෙනහිර හා බටහිර කොටස් වලින් සමන්විත වේ.මෙහි ප්‍රධාන ප්‍රවේශකයා විසින් දවසේ සියලු ගේදොර කටයුතු සම්බන්ධීකරණය කරනු ලබයි.ධවල මන්ධිරය තට්ටු 6කින් සහ වර්ග අඩි 55,000ක වපසරියකින්,කාමර 132ක්,නානකාමර 35ක්,දොරවල් 412ක්,ජනේල 147ක්,උදුන් 28ක්,තරප්පු පෙළවල් 8ක්,විදුලි සෝපාන 3ක්,පූර්ණකාලීන අරක්කමියන් 5ක්,ටෙනිස් අංගනයක්,පන්දු යැවීමේ පථයක්,චිත්‍රපට රඟහලක්,දිවීමේ පථයක් සහ පිහිනුම් තටාකයකින් සමන්විත වේ.සෑම සතියකම අමුත්තන් 30,000ක් පමණ මෙහි පැමිණෙයි.
 
 
{{multiple image
| align =center
| direction =horizontal
| image1 = WHComplex.svg
| width1 = 150
| caption1 = ධවල මන්ධිර සංකිර්ණය
| image2 = White House West Wing FloorPlan1.svg
| width2 = 168
| caption2 = බටහිර කොටස
| image3 = WHground.svg
| width3 = 150
| caption3 = බිම් මහල
| image4 = White House State Floor.svg
| width4 = 153
| caption4 = ප්‍රධාන මහල
| image5 = White House FloorPlan2.svg
| width5 = 150
| caption5 = දෙවන මහල
}}
 
===විධායක නිවාසය===
 
ප්‍රධාන වාසස්ථානය මෙහි මධ්‍යයේ පිහිටා ඇත.ජෙෆසන් විසින් නිර්මාණය කරනු ලැබූ බටහිර සහ නැගෙනහිර කුළුණු දෙපෙළ වර්තමානයේ බටහිර සහ නැගෙනහිර කොටස් 2කට සම්බන්ද කර
ඇත.මෙම විධායක නිවාසය ජනාධිපතිගේ වාසය සඳහාත් උත්සව සහ රාජකාරි විනෝදාංග සඳහාත් ඉඩ පහසුකම් සලසනු ලබයි.ධවල මන්ධිරයේ ප්‍රධාන මහල නැගෙනහිර කාමරයෙන්,රතු කොළ සහ නිල් කාමර වලින්,ප්‍රධාන භෝජන ශාලාවකින්,පවුලේ කෑම කාමරයකින්,හරස් ශාලාවෙන්,පිවිසුම් ශාලාවෙන් සහ ප්‍රධාන පියගැට පෙලකින් සමන්විත වේ.රාජ්‍යතාන්ත්‍රිකයන් පිළිගැනීමේ උත්සව ශාලාව,සිතියම් කාමරය,චීන කාමරය,වර්මේල් කාමරය,පුස්තකාලය,ප්‍රධාන මුළුතැන්ගෙය සහ අනෙකුත් කාර්යාල ධවල මන්ධිරයේ බිම් මහලෙහි පිහිටා ඇත.දෙවන මහලේ ඇති පවුලේ නිවහනේ කහ ඕවලාකාර කාමරය,
නැගෙනහිර සහ බටහිර විසිත්ත ශාලාවන්,ධවල මන්ධිරයේ ප්‍රධාන නිදන කාමරය,ජනාධිපතිගේ කෑම කාමරය,ගිවිසුම් කාමරය,ලින්කන්ගේ නිදන කාමරය,රැජිණගේ නිදන කාමරය සහ අමතර නිදන කාමර 2ක්,කුඩා මුළුතැන් ගෙයක් සහ පෞද්ගලික හැඩගැන්වීමේ කාමරයකින් යුක්ත වේ.ධවල මන්ධිරයේ සෞරාලය,ක්‍රීඩාගාරය,ලිනන් කාමරය,මුළුතැන්ගෙය සහ තවත් විසිත්ත කාමරයක්(ජනාධිපති ජෝජ් ඩබ්ලිව් බුෂ්ගේ ව්‍යායාම් කාමරය)ධවල මන්ධිරයේ තෙවන මහලේ පිහිටා ඇත.
 
===බටහිර කොටස===
 
ධවල මන්ධිරයේ බටහිර කොටස ජනාධිපති කාර්යාලය(ඕවලාකාර කාර්යාලය) සහ පනස් දෙනෙකුට පමණ ඉඩකඩ ඇති ජනාධිපතිගේ ජේෂ්ඨ කාර්ය මණ්ඩලයේ කාර්යාල වලින් සමන්විත වේ.ඊට අමතරව එය ජනාධිපති විසින් ව්‍යාපාරික හමුවීම් සහ කැබිනට් මණ්ඩල රැස්වීම් පවත්වනු ලබන කැබිනට් කාමරයකින්,ධවල මන්ධිර හදිසි අවස්ථා කාමරය,ජේම්ස් එස්. බ්‍රැඩ් පුවත්පත් සාකච්ඡා පවත්වන කාමරයෙන් සහ රූස්වෙල්ට් කාමරයෙන් සමන්විත වේ.2007 වසරේදී මාධ්‍ය සාකච්ඡා පවත්වන කාමරයේ අලුත්වැඩියා කටයුතු ඇඳි සටහන් සහ ප්‍රස්ථාර නිරූපණය සඳහා අවශ්‍ය LCD තිර සහ ෆයිබර් ඔප්ටික් රැහැන් එකතු කිරීමෙන් පසු සම්පුර්ණ විය.මේ සඳහා මාස 11ක කාලයක් ගතවූ අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක් වැය විය.මහල් කිහිපයකින් සමන්විත වූ භූගත ගොඩනැගිල්ල සඳහා වූ අවුරුදු 2ක ව්‍යපෘතිය 2010 සැප්තැම්බර් මස ආරම්භ කෙරිණ.මේ හේතුවෙන් ජනාධිපති කාර්ය මණ්ඩලයෙන් කොටසක් අසල පිහිටි පැරණි විධායක කාර්යාල ගොඩනැගිල්ලටත් එයිසෙන්හවර් විධායක කාර්යාල ගොඩනැගිල්ලටත් මාරු කෙරිණ.
 
ධවල මන්ධිරයේ මෙම කොටස ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක් වූ බටහිර කොටස සඳහාද යොදා ගන්නා ලදී.
 
===නැගෙනහිර කොටස===
 
නැගෙනහිර කොටසේ ඇති අතිරේක කාර්යාල අවකාශය 1942 වසරේදී ධවල මන්ධිරයට එක් කෙරිණි.එහි ප්‍රයෝජන අතර නැගෙනහිර කොටස ජනාධිපති ආර්යාවගේ සහ කාර්ය මණ්ඩලයේ කාර්යාල සහ ධවල මන්ධිරයේ සාමජීය කාර්යාලය පිහිට තිබීම ප්‍රධාන වේ.වර්ෂ 1977දී රොසලින් කාටර් විසින් පළමු වරට ඇගේ පෞද්ගලික කාර්යාල නැගෙනහිර කොටසේ පිහිටුවා එය ජනාධිපති ආර්යාවගේ කාර්යාලය වශයෙන් නම් කරන ලදී.නැගෙනහිර කොටස දෙවන ලෝක යුද්ධය සමයේ හදිසි අවස්ථාවන් සඳහා ඉදිකරන ලද භූගත බංකරය සැඟවීමේ අරමුණෙන් ඉදිකරන ලදී.එම බංකරය ජනාධිපති හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය වශයෙන් හඳුන්වන ලදී.
 
===පිට්ටනි===
 
ධවල මන්ධිරය සහ එහි භූමි ප්‍රමාණය අක්කර 18 ඉක්‌මවයි(හෙක්ටයාර 7.3ක් පමණ).ධවල මන්ධිරයේ උතුරු පෝටිකෝව ඉදිකිරීමට පෙර බොහොමයක් පොදු අංගයන් පවත්වනු ලැබුවේ තෝමස්
ජෙෆර්සන් විසින් graded සහ සිටුවනු ලැබූ දකුණු පිට්ටනියෙහිය.ජෙෆර්සන් විසින් උතුරු පිට්ටනිය සඳහා නිර්මාණය කරනු ලැබූ රෝපණ සැලැස්මේ තිබු විශාල ගස් හේතුවෙන් ධවල මන්දිරය පෙන්සිල්වේනියා විදිය පසින් අඳුරු වීමට ඉඩ තිබුණි.19වන සියවස මධ්‍යයේ සිට අග භාගය ඇතුලත හරිතාගාර රාශියක්ම ඉදිකරනු ලැබුවේ වර්තමානයේ ධවල මන්දිරයේ බටහිර කොටස පිහිට ඇති
ප්‍රදේශයේය.මෙම කාලය තුලදී උතුරු පිට්ටනියේ අලංකාර බුමුතුරුණු මෝස්තරයේ මල් පාත්ති ස්ථාපිත කරන ලදී.ධවල මන්ධිරයේ පිට්ටනි සඳහා ඉතිහාසය පුරා උයන් පාලකයන් විශාල ප්‍රමාණයක් සිටියද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩි.රූස්වෙල්ට්ගේ නියමයෙන් වර්ෂ 1935දී ඔල්ම්ස්ටෙඩ් සහෝදරයන් ව්‍යාපාරයේ ෆෙඩ්රික් ලෝ ඔල්ම්ස්ටෙඩ් විසින් කරනු ලැබූ නිර්මාණය අදටත් ප්‍රධාන සැලැස්ම වශයෙන් භාවිතා කරනු ලබයි.ජනාධිපති කෙනඩිගේ පරිපාලන සමය තුල ධවල මන්ධිරයේ රෝස උද්‍යානය රැචෙල් ලැම්බට් මෙලන් විසින් නැවත නිර්මාණය කරන ලදී.ජනාධිපති ආර්යා මිචෙල් ඔබාමා විසින් ධවල මන්ධිරයේ ප්‍රථම කාබනික උද්‍යානය නිර්මාණය කරනු ලැබූ අතර මන්ධිරයේ දකුණු පිට්ටනියේ මී වද ද ස්ථාපනය කරන ලදී.එයින් ලබා ගන්නා මීපැණි පවුලේ සහ උත්සව අවස්ථාවන්හි රාත්‍රී භෝජන සංග්‍රහයන් සඳහා යොදා ගනු ලබයි.
 
<div style="text-align:center;"><gallery caption="">
File:White-house-floor1-cross-Hall.jpg|<center>ප්‍රධාන භෝජන ශාලාව සහ නැගෙනහිර කාමරය සම්බන්ද කෙරෙන හරස් ශාලාව
File:WhSouthLawn.JPEG|<center>ධවල මන්ධිරයේ දකුණු පිට්ටනියට ගොඩබැස්විමට සුදානම් වන මැරීන් 1 ගුවන් යානය
|<center> දෙවන මහලේ පිහිටි කහ පැහැති ඕවලාකාර කාමරය
File:Aerial view of the White House.jpg|<center>ඉහලට ධවල මන්ධිරය දර්ශනය වන අයුරු
File:White House, Blue Sky.jpg|<center>වතුර මල සහිත ධවල මන්ධිරය
File:1122-WAS-The White House.JPG|උතුරු පසින් ධවල මන්ධිරය
</gallery></div>
 
==මහජන ප්‍රවේශය සහ ආරක්ෂාව==
 
ආදර්ශ ගත කල බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත නිවාස ලෙසම 20 වන සියවසේ මුල් භාගය වනතෙක් මුල සිටම ධවල මන්දිරයද මහජනතාවට විවෘතව පැවතුණි. ජනපති තෝමස් ජෙෆර්සන් 1805 දී ඔහුගේ දෙවන සමාරම්භය සඳහා විවෘත නිවසක් තබා ගත් අතර ඔහුගේ දිව්රුම් උත්සවය සඳහා අගනුවරට රැස්වූ ජනතාව ඔහු පසුපසින් නිවසටම ගිය අතර නිල් කාමරයේදී ඔවුන්ට ආචාර කරන ලදී. 1829 සමහර අවස්ථාවන්හිදී විවෘත නිවාසවල මැර ක්‍රියා සිදුවූ අතර ධවල මන්දිරය තුල 20000ක් පමණ වන ජනතාව ඔහුගේ සමාරම්භක උළෙල සමරද්දී ජනපති ඇන්ඩ්රු ජැක්සන් හට හෝටලයකට යාමට සිදු විය.අවසානයේදී ඔහුගේ සහායකයන්ට පිරිසව දොඩම් යුෂ හා විස්කි වලින් පිරී තිබු අපුල්ලන බාල්දි සමග එලියට ඇද දමන්නට සිදු වුණි.අලුතින් පත් වුණු ග්රෝවර් ක්ලේවලන්ඩ් සාම්ප්‍රදායක විවෘත නිවාස ඉදිරිපිට වෙනුවට ධවල මන්දිරයේ ඉදිරි පෙළ ආසනවල සිට යුධ භටයන්ව ජනපද සම්මලොචනයකට සකසන විටද මෙම පුරුද්ද දිගටම තිබුණි.ජෙෆර්සන් ඒ වන තෙක්ම අඛණ්ඩව යුධ සමයේ හැර පවත්වා ගෙන ගිය අලුත් අවුරුදු දිනයට සහ ජූලි දාහතර වන දින වාර්ෂික පිළිගැනීම් සඳහා ඔහුගේ නිවසට මහජන චාරිකා වලට අවසර ලබා දුන්නේය.එම පිළිගැනීම් ජනපති බිල් ක්ලින්ටන් ප්‍රාණවත් කිරීමට උත්සහ කලද 1930 පෙර භාගයේදී අවසන් විය.
 
ධවල මන්දිරයට තවත් ලගා විය හැකි ක්‍රම පැවතුණි.දේශපාලන පත්වීම් හා අනෙකුත් අනුග්‍රහයන් පිළිබඳව ඇසීමට බලාගෙන සිටින රැකියා අපේක්ෂකයන්ගෙන් ඔහු ඉතාමත් හිරිහැරයට ලක් වූ බව ජනපති ඒබ්‍රහම් ලින්කන් පැමිණිලි කළේය.
 
වර්ෂ 1974දි සොරකම් කරන ලද යුධ හමුදා හෙලිකොප්ටරයක් ධවල මන්ධිර භූමියට අනවසරයෙන් ගොඩ බාන ලදී.1994දි, අවුරුදු විස්සකට පසුව සැහැල්ලු යානයක් ධවල මන්දිර භූමිය මත විනාශ වූ අතර ගුවන් නියමුවා ඒ විගසම මිය ගියේය.අගනුවර ගුවන් ගමනාගමනය පිළිබඳව ආරක්ෂාව වැඩි කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් 2005දි අනවසර ගුවන් යානයක ලඟා වීමට පෙර ධවල මන්ධිරය හිස් කරන ලදී.
 
වර්ෂ 1995 අප්‍රේල් 19 වන දින ඔක්ලහෝමා නුවර පිපිරීමට මූලික ප්‍රතිචාරයක් ලෙස 1995 මැයි 20 දින එක්සත් ජනපද රහස් සේවාව විසින් ධවල මන්දිරය ඉදිරිපිට වාහන තදබදය නැති කිරීම සඳහා නැගෙනහිර පැත්තේ පෙන්සිල්වේනියා විදියේ ලෆයිට් උද්‍යානයේ සිට 17 වන විදිය වනතෙක් වසා දමන ලදී.පසුව, නැගෙනහිර සිට 15 වන මාවත දක්වා අමතර කට්ටය වසා තැබීම තව දිගු කරන ලදී. පාර මහජනතාවට මුළුමනින්ම දවස් දෙකක කාලයක් තුල වස දමන ලදී.බොස්ටන් බෝම්බ ප්‍රහාරය හේතුවෙන් දින 2ක් සඳහා මෙම මාර්ගය සම්පුර්ණයෙන් වසා තැබිණ.
 
වොෂින්ග්ටන් ඩි.සි හි සංවිධායක ප්‍රජා කණ්ඩායම් විසින් පෙන්සිල්වේනියා විදිය වසා දැමීමට විරුද්ධ වන ලදී. වාහන තදබදය වලක්වා ලීම අනවශ්‍ය බවත් නගරයට හොදින් සංකල්පිත ඓතිහාසික සැලසුමේ නොගැලපීම ගැන ඔවුන් වාද කළහ.ආරක්ෂක අභ්යර්ථ සඳහා, ධවල මන්දිරය අනිකුත් සංක්දා ප්‍රකාශක ෆෙඩරල් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් ඇති වීදියෙන් පසුපසට වඩාත් ඔබ්බට වන්නට ඇති බව සැලකිල්ලට ලක් කළහ.
 
වර්තමානයේ භාණ්ඩාගාර ගොඩනැගිල්ල නැගෙනහිරට සහ බටහිරට පරණ විධායක කාර්යාල ගොඩනැගිල්ල ඇතුලත් වන වැටක් සහිත අංගණය අන්තර්ගත කිරීමට පෙර, මෙම අඩි පාර ධවල මන්දිරයේ දිනපතා මහජන චාරිකා සඳහා පෙළ වැටුම් ප්‍රදේශයක් ලෙස සලකනු ලැබීය.සැප්තැම්බර් 11 පහර දීමෙන් පසුව මෙම චාරිකා තහනමට ලක් විය.2003 සැප්තැම්බර් වලදී වොෂින්ග්ටන්හි ඔවුන්ගේ විදේශ ජාතික සහ පසුබිම් අවේක්ෂණ වලට යටත් වන සංගමය පිලිබඳ නියෝජිතයන් හෝ තානාපති හරහා කණ්ඩායම් වලට පෙර ගිවිසුම් සැකසීම සඳහා ඔවුන් සීමිත පදනමක් මත නැවත ආරම්භ කළහ. නමුත්, ධවල මන්දිරය මහජනතාවට ලංව පැවතුණි. කෙසේ වුවද, 2013 මාර්තු 09 දින ධවල මන්දිර චාරිකා දේපල තහනමට පසු අයවැය සංරෝධක හේතුවෙන් තහනම් කරනු ලැබිණි.
 
ධවල මන්දිර භූමි සංකීර්ණය එක්සත් ජනපද ආරක්ෂක සේවය හා එක්සත් ජනපද උයන් පොලීසිය විසින් ආරක්ෂා කරනු ලබයි.
 
2005 ජනපති සමාරම්භය තුල, වොෂින්ග්ටන් ඩි.සි හරහා ගගන තලය මුර කිරීමට NASAMS පද්ධතිය භාවිත කරනු ලැබිණි. සමාන NASAMS පද්ධතියක් ජනපති හා ධවල මන්දිරය වටා සෑම ගගන තලයක්ම ආරක්ෂා කිරීමට යොදා ගනු ලැබුණි.
 
<div style="text-align:center;"><gallery>
"https://si.wikipedia.org/wiki/ධවල_මන්දිරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි