"න්‍යෂ්ටික අවි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
12 පේළිය:
==න්‍යෂ්ටික ආයුධ වර්ග==
[[ගොනුව:Fission bomb assembly methods.svg|thumb|මෙහි දැක්වෙන්නේ මූලික න්‍යෂ්ටික විඛණ්ඩන ආකාර ආයුධ සැලසුම් යුගලකි. ]]
ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික අවි වර්ග [[2]] ක් ඇත. පළමු වර්ගයට අයත් වනුයේ තම ස්පෝටක ශක්තිය න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවක් ඇසුරින් පමණක් නිපදවනු ලබන න්‍යෂ්ටික අවි වර්ග වේ. මේවා සාමාන‍්‍ය ව්‍යවහාරයේ දී පරමාණුක බෝම්බ, A- බෝම්බ හෝ විඛණ්ඩන බෝම්බ ලෙස හැඳින්වේ. විඛණ්ඩක ආකාර ආයුධ තුළ දී විඛණ්ඩ්‍ය මූලද්‍රව්‍ය (බල ගන්වන ලද යුරේනියම් හෝ ප්ලූටෝනියම්) යම් ස්කන්ධයක් අවධි ස්කන්ධය ලැබෙන පරිදි එක් කරනු ලැබේ. මෙහි දී අවධි ස්කන්ධය යනුවෙන් හැඳින්වෙනුයේ ඝාතීය ලෙස ක්‍රමයෙන් වැඩි වන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රමාණයයි. මෙම අවධි ස්කන්ධය ලබා ගැනීම සඳහා අවධි ස්කන්ධයට වඩා අඩු ස්කන්ධයෙන් යුත් විඛණ්ඩ්‍ය ද්‍රව්‍ය කොටසක් තවත් එවන් කොටසක් තුළට විදීම (මෙය විදුම් ක්‍රමය ලෙස හැඳින්වේ.) හෝ රසායනික ස්පෝ‍ටක භාවිතයෙන් අවධි ස්කන්ධයට වඩා අඩු විඛණ්ඩ්‍ය ද්‍රව්‍ය ගෝලයක් එහි ආරම්භක ඝනත්වයට වඩා බොහෝ සෙයින් වැඩි තත්වයට සම්පීඩනය කිරීම (අභ්‍යන්තර පිපිරීම් ක්‍රමය) සිදු කළ හැක. ඉහත දක්වා ඇති ක්‍රම යුගලෙන් දෙවැනි ක්‍රමය වඩාත් සංකීර්ණ ලෙස සැලකෙන අතර විඛණ්ඩ්‍ය ද්‍රව්‍ය ලෙස ප්ලූටෝනියම් භාවිත කරන්නේ නම් එවිට යොදා ගත හැක්කේ ඉහත දෙවන ක්‍රමය පමණි.
 
න්‍යෂ්ටික අවි සැලසුම් කිරීමේ දී එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ එම අවිය තමාවම විනාශ කර ගැනීමට ප්‍රථම තම ඉන්ධනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් භාවිත කරන බවට සහතික කිරීමයි. න්‍යෂ්ටික විඛණ්ඩක බෝම්බ මඟින් නිදහස් කෙරෙන ශක්ති ප්‍රමාණය TNT පුපුරණ ද්‍රව්‍ය ටොන් 1කට වඩා අඩු ප්‍රමාණයක පටන් ටොන් 500000 දක්වා පරාසයක පැවතිය හැක.
"https://si.wikipedia.org/wiki/න්‍යෂ්ටික_අවි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි