"කාබන් ඩයොක්සයිඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: Reverted
151 පේළිය:
ද්‍රව හා ඝන කාබන්ඩයොක්සයිඩ් වැදගත් ශීත කාරක වේ. විශේෂයෙන් ආහාර කර්මාන්තයේදී අයිස්ක්‍රීම් හා මිදුණු කෑම ප්‍රවාහනයේදී හා ගබඩා කිරීමේදී මේවා වැදගත් වේ. ශීතකරණ උපකරණ භාවිතය ප්‍රායෝගික නොවන අවස්ථාවල දී 'ඩ්‍රයි අයිස්' ලෙස හඳුන්වන කාබන් ඩයොක්සයිඩ් භාවිතා කෙරේ.
 
ද්‍රව කාබන්ඩයොක්සයිඩ් (කාර්මික නාමකරණය R 744 / R -744) R -[[12]] සොයා ගැනීමට පෙර ශීතකාරකයක් ලෙස භාවිතා කළ අතර පාරිසරික බලපෑම් නිසා නැවත වරක් භාවිතයට පැමිණීමට ඉඩ ඇත. වැඩි පරිමාමිතික සිසිලන ධාරිතාවක් ඇති මෙහි භෞතික ගුණ සිසිලනයට ශීත කරණයට හා රත් කිරීමේ අවශ්‍යතාවලට යෝග්‍ය වේ. 130 බාර් දක්වා වූ පීඩනවල ක්‍රියාකාරී විය හැකි නිසා කාබන් ඩයොක්සයිඩ් පද්ධතිවලට අධිප්‍රතිරෝධී උපාංග අවශ්‍ය අතර දැනටමත් බොහෝ කොටස් ඒවා නිපදවා ඇත. රථ වාහනවල සියලු ධාවනත්වවලින් 90% කදීම පාහේ එහි වායු සමීකරණය තුළ R - 134a ට වඩා R 744 කාර්යක්ෂමව ක්‍රියා කරයි. එහි පාරිසරික වාසි (GWP 1 ක් විට ඕගේන්වලට හානිදායක නොවීම , විෂ සහිත නො‍වීම , ගිනි නොගැනීම) නිසා දැනට මෝටර්රථ , සුපිරි වෙළඳසැල් , උණුවතුර පයිප්ප වැනි HFC භාවිතා කරන දෑ අනාගතයේ දී කාබන්ඩයොක්සයිඩ් වලින් ප්රතිස්ථාපනය විය හැකිය. කොකා කෝලා ආයතනය කාබන් ඩයොක්සයිඩ් මත පදනම් වූ ශීතකරණ යොදාගන්නා අතර එක්සත් ජනපද හමුදාව කාබන් ඩයොක්සයිඩ් මත පදනම් වී ඇති ශීතකරණ හා උණුසුම් කිරීමේ තාක්ෂණය ගැන උනන්දුවෙන් පසුවෙයි.
 
2007 වසර අවසාන‍යේ දී ලෝක රථ වාහන කර්මාන්තය ඊළඟ පරම්පරාවේ රථ වාහනවල වායු සමීකරණ සඳහා නව ශීතකාරක වායුවක් තීරණයට බලාපොරොත්තුව ඇත. කාබන් ඩයොක්සයිඩ් ද එහිදී සාකච්ඡාවට බඳුන් වූ විකල්පයකි. (සිසිලන යුද්ධය බලන්න).
"https://si.wikipedia.org/wiki/කාබන්_ඩයොක්සයිඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි