"පර්යේෂණ නිර්මාණය වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 55 interwiki links, now provided by Wikidata on d:q101965 (translate me)
No edit summary
 
1 පේළිය:
අදාල ප්‍රතිඵලය නොලැබුණු විට කල්පිතය අසත්‍ය වන තීරණාත්මක කල්පිතයක් පරීක්ෂා කරනු ලැබේ. (එනම් ස්වායත්ත විචල්‍ය පරායත්ත විචල්‍යයට අනුමාන කර ඇති පරිදි බලපෑම් නොකරන බව පෙන්වන පර්යේෂණ) කෙසේ නමුත් එවැනි ශුද්ධ යෙදීම් ඉතා විරලය. මන්ද පරීක්ෂණය නිසි පරිදි පාලනය නොකිරීම , ස්වායත්ත විචල්‍ය වලංගු නොවීම හෝ පරීක්ෂණයේ විවිධ දෝශ අඩංගු වීම වැනි පදනම්වලදී ප්‍රතිඵල අභියෝගයට ලක්විය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස විද්‍යාත්මක ක්‍රමය, ප්‍රත්‍යුත්පාදන හැකියාවේ හා අභිසාරී සාධක (බාහිර වලංගු බව බලන්න) වල අවශ්‍ය මත නිර්මාණය විය. පර්යේෂණ නිර්මාණය කිරීම, විද්‍යාත්මක ක්ෂේත්‍රයේ අවශ්‍යතා හා සීමා තුලනය කිරීමට උත්සාහ කරයි. එම නිසා පර්යේෂණයට පරීක්ෂාවට බඳුන් වන කල්පිතය ගැන සුදුසුම නිගමනය සැපයිය හැක. භෞතික [[විද්‍යාව]] හා රසායන විද්‍යාව වැනි සමහර විද්‍යාවල දී, අපේකෂිත ලෙස සියලු මිනුම් ගැනීමට වන අවශ්‍යතා ඉටු කර ගැනීම සාපේක්ෂව පහසු වන අතර පර්යේෂනය පුරාවට සියලු තත්ව පාලිතව තබා ගත හැක. අනෙක් අතින් ජීව විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව වැනි විෂය වලදී පර්යේෂණයක තත්ව නිරවද්‍යව ක්‍රියාත්මක වූ බව තහවුරු කිරීම අපහසුය. තවද සමාජ විද්‍යාවවලදී අපේක්ෂිත ආකාරයට පරීක්ෂණයක ප්‍රතිඵල ද මැනීමේ ක්‍රමයක් තීරණය කිරීම ද අපහසු වේ.
 
මේ හේතුව නිසා, භෞතික විද්‍යාව හා ස්වභාවික විද්‍යාවල අනෙක් ‍ක්ෂේත්‍ර වැනි විද්‍යා සමහර විට “දැඩි විද්‍යා” ලෙස හඳුන්වනු ලබන අතර සමාජ විද්‍යා සමහරක් විට “මෘදු විද්‍යා” ලෙස හඳුන්වනු ලැබේ. මේවා මෙලෙස නම් කරනු ලබන්නේ දැඩි විද්‍යාවල දී අපේක්ෂිත මිනුම් වඩාත් පහසු ලෙස ගත හැකි බව හා මෘදු විද්‍යාවලදී වඩාත් අපහසු බව ඇඟවීමටය.
"https://si.wikipedia.org/wiki/පර්යේෂණ_නිර්මාණය_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි