"කොළොම්බියා අභ්‍යාවකාශ ෂටලයේ අනතුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 21 interwiki links, now provided by Wikidata on d:q580867 (translate me)
No edit summary
3 පේළිය:
[[ගොනුව:STS-107 Flight Insignia.svg|thumb|STS – 107 මෙහෙයුම]]
 
කොළොම්බියා අභ්‍යවකාශ ෂටලය මෙම ඛේදවාචකයට ලක්වුණේ [[2003]] පෙබරවාරි පළමුවන දින ෂටලය පෘථිවි වායු ගෝලයට ඇතුළු වන මොහොතේදීය. ටෙක්සාස්හි ඉහළ අහසේදී කොටස්වලට වෙන් වූ අතර එහි වූ ගගනගාමීන් සත් දෙනාම මරණයට පත් විය. (ඒ කොළොම්බියා ෂටලය සිය විසිඅට වන මෙහෙවර (STS – 107) යි.
 
කොළොම්බියා ඛේදවාචකයට හේතුව වූයේ දියත් කිරීමේදී සිදුවූ හානියකි. එහිදී “රයිට් බයිහෙඩ් ෆෝම් රෑම්ප්” නමින් හැඳින්වෙන කුඩා (බ්‍රීෆ් කේසයක විශාලත්වය ගත්) ෆෝම් පරිවාරකයක් අභ්‍යාවකාශ ෂටලයේ බාහිර ටැංකියෙන් (ප්‍රධාන ඉන්ධන ටැංකිය) වායුගතික බල හේතුවෙන් කැඩී වෙන්වීය. එහි සුන්බුන් දකුණු තටුවේ පිටදාරයේ අංක 7 දරණ වැර ගැන්වූ කාබන් - කාබන් පියන මත වැදුණු අතර එය ෂටලයේ තාප පරිවාරක පද්ධතියට හානි කළේය. (TPS) කොළොම්බියා කක්ෂ ගතව සිටියදීම සමහර ඉන්ජිනේරුවන් මෙම හානිය ගැන සැක කළද නාසා කළමණාකරුවෝ භූමිය මතදී පරීක්ෂණ කටයුතු සීමා කළ නිසා ගැටළුව සොයා ගත්තද කළ හැකිව තිබූ දේ අල්පය.