"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Undid edits by 43.250.241.182 (talk) to last version by 61.245.170.159: reverting vandalism
40 පේළිය:
කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු - කන්ඩුල ඇතාද වැන්දඹු බිසව වු විහාර මහා දේවියද තම භාරයට ගෙන තිබුණු තම බාල සොහොයුරා වු තිස්සගෙන් රාජය බලය ආරක්ෂා කරගැනීමට දුටුගැමුණු රජුට අවශ්‍ය විය. දෙදෙනා අතර ‘කුලංගනිය පිත්ති’ නම් ස්තානයේ දී ඇති වු යුද්ධයෙන් දුටුගැමුණු පරාජ විය. ඔහුගේ පිරිසෙන් මිනිස්සු දහස් ගණනක් වැනසුනේය. දුටු ගැමුනුට ‘මහගමට’ පලා යෑමට සිදු විය. එහිදී ඔහු නැවත වරක් සේනා සංව්ධානය කර තිස්සට එරෙහිව නගරය පෙනෙන තෙක් ස්ථානයේ තැනකදී යුද්ධ කළේය. මෙම අවස්ථාවේදි ඔහු ජය ගත්තේය. තිස්ස පලා ගියේ භික්ෂුවකගේ මෘත දේහයක් ගෙන යන ආකාරයට උපක්‍රමයක් යොදා ගෙනයි. මෙම සිද්ධියෙන් ටික කලකට පසුව විහාර මහා දේවියගේ සහ බෞද්ධ භික්ෂුන් මැදිහත් වීමෙන් කළ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා මිතුරු වී පසුව තිස්ස කුමරු රජුගේ ප්‍රධාන සෙන්පතියෙකු බවට පත්විය.
 
=='''රජරට ආක්‍රමණය'''==
තමාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් පසු දුටුගැමුණු රජු උතුර ආක්‍රමණය කිරීමට සැළසුම් කළේය. මෙයට රජරට පමණක් නොව අර්ධ ස්වාධීන පාලන සංස්ථාවන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් විය. ඒ හැරුණු විට සංඝයා වහන්සේලා පිරිසක්ද ආශිර්වාදය පතා භාවනාව බලාපොරොත්තුවෙන් සර්වgඥ ධාතු අඩංගු කොතයක්ද ගෙන යන ලදී. මේ සියල්ල හැරුණු විට ඔහුගේ පියා විසින් දිවයිනේ විවිධ පෙදෙස් වලින් කැදවා පුහුණු කල නන්දි මිත්‍ර, සුරනිමල, මහාසේන, ථෙරපුත්තාභය, ගෝඨයිම්භර, භරණ, වසභ, වේළුසුමන සහ පුස්ස දේව නම් වු දස මහා යෝධයින්ද එක්වූහ. මෙම යුද්ධ ව්‍යාපාරයේදී දුටුගැමුණු විසින් දෙමළ පාලකයින් බොහෝ සංඛ්‍යාවක් පරාජය කරනු ලැබුහ. (මහා වංශය අනුව 32 ක් තරම් සංඛ්‍යාවක් ) විජිත නගරය හාර මසක් මුලුල්ලේ වට කිරීමෙන් පසු ආරක්ෂාව සදහා දෙමළ සේනාවෝ උණු දිය හා තාර දුටුගැමුණුගේ ඇතුන්පිට වත් කළහ. මෙම කාලයේදී ඔහු ගැමි ප්‍රධානියෙකුගේ දියණියකු වු රන් එතනා විවාහ කර ගත්තේය. මෙම ගැමි ප්‍රධානියා ඒ වන විට අනුරාධපුරයේ එළාරට තුටු පඩුරු යවමින් සිටි කෙනෙක්. රජුගේ උපාය ශිලි බවත් කණ්ඩුලගේ නිර්භීත භාවයත් යුද්ධයේ ජයග්‍රහණයට ඉවහල් විය. යුද්ධය උච්චස්ථානයට පැමිණියේ අනුරාධපුරයේ නැගෙන හිර දොරටුවේදීය. එහිදි කණ්ඩුල ඇතු අරා සිටි දුටුගැමුණු මහාපබ්බත නම් ඇතු අරා සිටි මහළු එළාර සමග සටන් කොට අවසා‍නයේ හෙල්ලකින් ඇන එළාර ජිවිතක්ෂයට පත් කළේය. මෙම සටන ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් වලින් එකකි.
 
"https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි