"පරිශීලක:එල්ලේ වැහිපීල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'113 . එළබටු / Solanum insanam එළබටු ශාකය සදහා පර්‍යාය නාමයන...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

06:38, 18 ඔක්තෝබර් 2020 තෙක් සංශෝධනය

113 . එළබටු / Solanum insanam එළබටු ශාකය සදහා පර්‍යාය නාමයන් වන්නේ වෘහති , වෘන්තාක , වර්තාක , වර්තාකි , සිංහි , හිංගුලි , රාෂ්ට්‍ර , දුෂ්ප්‍රධර්ෂණී ආදී නාමයන් වෙයි. ඉංග්‍රීසියෙන් Wild Egg plant ලෙසට හදුන්වනු ලබන්නේ එළබටු ශාකයයි. දෙමළෙන් කත්තිරික්කා කියාත් සංස්කෘතයෙන් බෘහති , වෘහති ලෙසට හදුන්වනු ලබයි.ශ්රී ලංකාවේ තිස්සමහාරාමය, හම්බන්තොට, අනුරාධපුරය වැනි පහත රට වියළි කලාපීය ප්රදේශවල හේන් වගාවක් ලෙස වගා කරන එළ බටු ප්රභේද 3කි. එනම් කොළ පැහැති එළ බටු , දම් පැහැති එළ බටු සහ සුදු පැහැති එළ බටු වර්ග තුනයි. ඒ බටු ප්රභේද අතරින් ගුණදායක වර්ගය සුදු පැහැති එළ බටු වර්ගය යැයි සදහන් වෙයි. ආයුර්වේදයට අනුව ශ්වේත ඵල (සුදු ගෙඩි), භණ්ඩාකි , ක්ෂුද්ර භණ්ඩාකි (කුඩා බටු) යන අන්වර්ථ නාමවලිනුත් එළ බටු හඳුන්වන අතර එළ බටු සංහී යන නමිනුත් සදහන් වෙයි. ඝෘජුව පදුරක් සේ උසට අඩි 3ක් පමණ වැවෙන කටු සහිත පැළෑටියකි. පාදීය කොටස කාෂ්ඨියයි. බෙහෙවින් අතු බෙදී හා විහිදී විසිරී ඇති අතර පත්ර ආයාත ඉලිප්සාකාර හැඩයක් ගන්නා අතර කෙටි තුණ්ඩ වලින් වැසී ඇත. පත්‍රයක දිග 5 - 18cm පළල 3 - 11cm ක් පමණ වෙයි. කටු 1 cm පමන දිගය. පුෂ්ප තනිව හෝ කක්ෂීය බහු අක්ෂ මත පුෂ්ප කිහිපයක් ලෙස හට ගන්නා අතර මල් දම් පැහැයක් ගනී. ගෙඩි වටකුරු වන අතර විෂ්කම්භය 2.5cm ක් පමණය. සුදු හෝ ලා කොල පැහැයෙන් හා දම් පැහැයෙන් යුත් ගෙඩි කොල පැහැති ඉරි සහිතවේ. ඒ තුල බීජ රාශියක් දැක්නට ලැබෙන අතර බීජ මගින් ව්‍යාප්තිය සිදුවෙයි. SOLANACEAE උද්භිත කුලයේ ශාකයක් සේ එළබටු ශාකය හදුන්වනු ලබයි. එළබටුවල දෝෂ කර්ම වන්නේ ළපටි ගෙඩි ත්‍රිදෝෂ ශාමකයි. කඵවාත ශාමකයි. පිත්ත ශාමකයි. මේරූ ගෙඩි - ත්‍රිදෝෂ කෝපකයි. එම නිසා වාත හා සෙම් රෝග , මූත්‍රා රෝග , මුඛ රෝග , ශ්වසන රෝග , කැස්ස , වලිප්පුව , උණ , අංශභාග , අර්ශස් , චර්ම හා දද , කුෂ්ඨ රෝග , කෑම අරුචිය , බඩගිනි අඩුකම , මල බද්ධය සහ අක්මා ආබාධ , හෘද රෝග , කක්කල් කැස්ස , ඇදුම , ක්ෂය රෝග , උගුරේ බැරැණ්ඩිය , සර්ප විෂට මෙන්ම වාජිකරන ගුනයෙන්ද යුක්ත අතර ඔසු පිණිස එළබටු ශාකයේ මුල් , කොල , ගෙඩි , දඩු , ඇට ආදී සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. ක්ෂුද්ර ජීවී නාශක ගුණ සහිත එලබටු ලෝක පිළිකා සංවිධානය පෙන්වන්නේ ඇදුම හා පෙණහළු පිළිකා වළකන ප්රතිඔක්සිකාරක ගුණ අඩංගු බවයි.

  • සෙම් රෝග සදහා එළබටු මුල් වියළා කුඩුකර තේ මෙන් සකසා පානය කිරීම සුදුසුය.
  • සෙම් රෝගවලට එළබටු ශාක පත්ර වලින් කොළ කැඳ සකසා දීමත් එළබටු දලුවලින් පොල්කිරි නැති කැඳ සදාදීමෙන් කල් පවතින කැස්ස සුවපත් කරගත හැකි වෙයි.
  • නොදැන මුත්රා පහවීමට එළබටු මුල් කලන් 12 කෂාය පත අට එකට සිඳුවා පත බාගය බැගින් උදේ සවස දින 3ක් පානය කිරීම.
  • පණු රෝගයට එළබටු කොළ කොටා මේස හැඳි 2ක් ගෙන ඉඟුරු යුෂ මේස හැඳි 2ක් මිශ්ර කර බීම පණු අමාරුවට බඩේ රුදාවට ඉක්මන් සහනයකි.
  • ඇඟ කැසීම හා දැවිල්ල වගේ කායික ආසාත්මිකතාවලටත් එළබටු කොළ සහ ගෙඩි ගෙන මී පැණියෙන් අඹරා දැවිල්ල , කැසීම ඇති ස්ථානයේ ආලේප කර මොහොතකින් සේදීම.
  • කෑම අරුචිය ඇති වන අවස්ථාවලදී එළබටු ගෙඩි තම්බා ආහාරයට ගැනීමත් එළබටු කැඳ පානය කිරීමත් කෑම රුචිය වර්ධනය කරවීමට හා බඩගින්න ජනනය කිරීමට සමත් වෙයි.
  • උණ නිසා සිරුර දුර්වල වූ විට ළපටි ගෙඩි වෑංජනය උයා කෑමත් එළබටු කොල කැද සාදා දීමත් ප්‍රතිශක්තිය වඩවයි.
  • අර්ශස් වේදනාවට වියලි එළබටු ගෙඩි ගිනි අගුරුවලට දමා එයින් නැඟෙන දුම අර්ශස් ගෙඩිවලට ඇල්ලීමෙන් වේදනාව අඩුවි සහනයක් ලබා දෙයි. තවද අර්ශස් පූර්න සුවයට ළපටි ගෙඩි තම්බා මීපැණි හා සහිඳලුණු මිශ්රකර දිනපතා ටික දවසක් ගැනීම සාර්ථක බව දැක්වෙයි.
  • සර්ප දෂ්ටයක දී ප්රථමාධාරයක් ලෙස එළබටු ගෙඩි තම්බා කෑමත් තැම්බූ වතුර බීමට දෙයි. දෂ්ට කළ ස්ථානයේ එළ බටු මුල් අඹරා ආලේප කිරීමත් යෝග්යයි.
  • සිරුරේ සන්ධි ඉදිමීමට එළබටු පංචාංගය තම්බා බීම.
  • උඳුගොව්වා කෑමට එළබටු ගෙඩි කිහිපයක් ගෙන තළා යුෂ ගෙන ඒ යුෂ සමඟ මී පැණි මිශ්ර කර දිනපතා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේප කරන්න. දින කිහිපයකින් යථා පරිදි රෝම වැවෙනවා. ඒ වගේම එළබටු ඇට ගෙන දෙහි ඇඹුලෙන් අඹරා උඳුගොව්වා කෑ ස්ථානයේ ආලේප කළත් එයත් ගුණදායකයි.
  • ගැබිනි මවට නුසුදුසු අවස්ථාවල වමනය යෑමට එළබටු ගෙඩි යුෂ තේ හැන්දකට මී පැණි තේ හැඳි 2ක් මිශ්ර කර ගිතෙල් තේ හැඳි දෙකකුත් එයට මිශ්ර කර හොඳින් කලවම් කරගෙන දිවේ ගෑම තුලින් වමනය යන තත්ත්වය නැතිව යයි. කුඩා දරුවන්ට කිරි වමනය යන අවස්ථාවලදීත් මේ ඖෂධය බිලිඳාගේ දිවේ ආලේප කළොත් දරුවා කිරි වමනය දැමීමත් නතර කරනවා.
  • මුඛ රෝග සදහා (විදුරු මස් දියවීම, මුඛයේ හටගන්නා සෙම් ගෙඩි, දත් නරක් වීම, දත් ඇදීම, මුඛ දුර්ගන්ධය) එළබටු ගෙඩියේ වියළි ඇට පුච්චා නඟින දුම මුඛයට ගෙන එය පුළුවන් තරම් වේලාවක් තබාගෙන නැවැත පිට කරන්න. මුඛය ආශ්රිත රෝගාබාධ රැසකට එය හොඳ ඖෂධයක්.
  • මුඛය ආශ්රිත රෝග සඳහා ආයුර්වේද ඖෂධීය දුම් වැටියක් සාදාගැනීමට වියලි එලබටු ඇට ගෙන එයට ගිතෙල් මිශ්ර කර සියුම් වන තුරු හොඳින් අඹරා ගෙන තෙතමනය අඩු වී තරමක් ගන වේගෙන එනකොට එය අතින් අඹරා වැටියක් ලෙස (දුම් වැටියක් ලෙස) සාදාගන්න. ඉන් පසු මඳ වේලාවකින් තෙතමනය නැති වූ පසුව ඒ වැටිය පත්තු කරලා දුම් වැටියක් ආකාරයට දුම් අරගෙන මුඛයේ මඳ වේලාවක් රඳවාගෙන නැවැතත් පිට කරන්න. මුඛය ආශ්රිත සෑම රෝගයකටම මේ එළබටු ආයුර්වේද දුම්වැටිය ඉතාමත්ම ගුණදායකයි.
  • කැස්ස , සෙම , සෙම්ප්රතිෂ්යාව , උණ , ඇදුම , හතිය ආදී රෝගවලට බටු පැණිය ගුණදායක වන අතර බටු පැනිය සකසා ගැනීම නම් එළබටු මුල් ගන්නා කොටස් ප්‍රමාණයට වඩා හතර ගුණයක් එයට වතුර මිශ්ර කර කෂායක් ලෙස හතරෙන් එකකට සිඳ ගෙන ඉන් පසුව එය පෙරා ඒ ද්රව්යයට සමානව සීනි මිශ්ර කර පැණි පදම එනතුරු ළිපේ කකාරා එයට තිප්පිලි කුඩුත් මිශ්ර කරන්න. පසුව ළිපෙන් බා ගත් බටු පැණිය නිවුණු පසු හොඳ ඇසුරුමකට දමා වසා තබන්න. දිනකට තේ හැඳි දෙක ගාණේ උදේ සවස දිනපතා බොන්න. පෙර සඳහන් කළ සෑම ලෙඩකටම ඒ බටු පැණිය ඉතාමත්ම ගුණයි.
  • ග්රහණි නම් රෝගයේ රෝග ලක්ෂණ නම් දියරමය ස්වභාවයකින් මල පිටවීම සහ නොදිරවූ ආහාර මල ලෙස පිටවීමයි. ශරීරයට අහිතකර රෝගයක් වන එයට ප්‍රතිකාරයකි එළ බටු මුල් වියළා සියුම්ව කුඩු කර බෝතලයකට දමා සුළං නොවදින සේ වසා තබා රෝග තත්ත්වය ඇති වූ විට එළ බටු මුල් කුඩු මේස හැන්දක් බඳුනකට දමා ඉන් පසුව වෙනත් බඳුනකට මුදවපු කිරි කොටස් එකකට වතුර කොටස් හතරක් මිශ්ර කරලා හොඳට ගසලා (කලවම් කර) මෝරු හදාගන්න. ඉන් පසු ඒ මෝරු එකට එළ බටු මුල් මේස හැන්දක් මිශ්ර කර එයට ගම්මිරිස් , සූදුරු ස්වල්පය බැගින් මිශ්ර කර එයටම වියළා කුඩු කර ගත් එළ බටු ගෙඩි මේස හැන්දකුත් මිශ්ර කර සියල්ලම හොඳින් කලවම් කරලා ආහාරයට ගන්න. දින කිහිපයක් උදේ මේ ආහාරය ගන්නව නම් ග්රහණි රෝගය සුව වෙනවා. එළබටු වල ඇති තවත් ගුණයකි ඇට මිදුළු වඩන ස්වභාවය. එම නිසා යම්කිසි රෝගයකදී ක්ෂය වූ ඇටමිඳුළු යතාතත්වයට පත්කරලීමට උපකාරිවෙයි.

දශමූල කෂාය , ලඝු පංචමූලය , වෘහත්යදී ක්වාත , බටු තෙල් , බටු පැණිය , සංස්කාරික ඖෂධ අතර දශමූල අරිශ්ටය , දන්තාරිෂ්ඨය , මහා සිද්ධාර්ථ තෛයිලය , වාත විදුරංග තෛයිලය , අශ්වගන්ධ තෛයිලය , මහා නාරායන තෛයිලය , නීලාරාජ තෛයිලය , විෂ්ණු තෛයිල ආදී රෝගයන් සදහා නිෂ්පාදිත ඖෂධ ගණනාවකම එළබටු ශාක කොටස් අඩංගු වෙයි. එළබටු ගෙඩි ආහාරයක් ලෙසටත් කොළ කැඳ ලෙස රසවත්ව ඖෂධීයව පිළියෙළ කරගත හැකි වටිනා ශාකයකි... එළබටු ගෙඩි එළවළු අතරින් කැල්සියම් වැඩිම ප්රමාණයක් ඇති ගෙඩි වර්ගය යැයිද ප්රෝටීන් , පිෂ්ටය , යකඩ , පොස්පරස් ආදි තවත් පෝෂකවලින් යුක්ත බව කියවෙයි. එසේම එලබටු ශාකයේ රසායනික ගුණ අතර ඇමයිනෝ අම්ල වන arginine , හා valine. සීනි ලෙස sucrose , glucose , fructose මීට අමතරව ශාකයේ Solanine , solasonine , හා solamargine අඩංගු වේ. 110 . කතුරුමුරුංගා / Sesbania grandiflora අතීතයේ හිමාලයේ විසූ අගස්ති නම් ඉසිවරයා විසින් වියපත්වීම පමා කළ හැකි ඔසුවක් කතුරු මුරුංගා වලින් නිපදවීම නිසා ඊට ගරු කරන්නට එම ශාකය අගස්ති නමින් හඳුන්වන බව සංස්කෘත ආයුර්වේද ග්රන්ථවල සඳහන් වන අතර සංස්කෘතයෙන් අගස්ති , දීර්ඝ ඵලක , දීර්ඝෂිමිබි , කනාලි , මුනිප්රිය , බක පුෂ්ප , බක් පුල් , මුනිපුෂ්ප , පවිත්ර , වාසනා , රක්තපුෂ්ප , ශුක්ල පුෂ්ප , ස්ථුලපුෂ්ප , සුරප්රිය , වක්‍රපුෂ්ප ලෙසට පර්යාය නාමයන් කිහිපයක් වෙයි. ඉංග්‍රීසියෙන් vegetable humming bird , bak pushpa ආදි නම් ගණනාවකින් හැඳින්වෙන මෙහි නිජබිම මලයාසියාව වන අතර නිවර්තන රටවල සුලභ ගෙවතු ශාකයක් සේ දැකිය හැකිය. මනාව අතු බෙදෙමින් 10 - 15ක් පමණ උසට වැඩෙන රනිල කුලයට අයත් මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි කතුරුමුරුංගා ශාකය. කඳ මහත් නොවි සිහින්ව වැඩෙන මෙහි පත්ර ඒකාන්තරව සම පක්ෂ සංයුක්ත වෙයි. පත්රිකා සම රේඛිය ආයත හා නිර්වෘන්ත වේ. පුෂ්ප අක්රමවත් අතර ද්විලිංගිකය. මල් සාමාන්‍යයෙන් සුදු පැහැවන අතර කහ රතු හා රෝස පැහැති වර්ගද දක්නට ලැබෙයි. එල්ලෙන සුලුව කක්ෂිය ඒකාක්ෂවල මල් 2 - 4ක් පමණ හට ගන්නා අතර පුෂ්පයේ මණි පත්ර 5කි. ඒවා සංයුක්තවී දිග නාලයක් බවට පත්වී ඇත. දළ 5කින් හා රේණු 10කින් යුක්තයි. කරල 50cm ක් පමණ දිගැතිය. එහි බීජ රාශියක් වෙයි. පැළ ව්‍යාප්තිය බීජ මගින් ප්‍රධාන වශයෙන් සිදුවෙන අතර අතු මගින් පැල කරගැනීමටද හැකිවෙයි. මෙම ශාකය fabaceae කුලයට අයත් ශාකයක් වෙයි . ආයුර්වේදයට අනුව කතුරුමුරුංගා රසයෙන් තික්තද , වීර්යයෙන් ශිතද , ගුණයෙන් ගුරු හා ලඝුද , විපාකයෙන් රූක්ෂ හා කටුකද වේ. මේ නිසා සෙම හා පිත සමනය කරයි. ඔසු සේ භාවිතා කළ හැකි කොටස් වන්නේ කොළ , පොතු , මුල් , මුල් ඇට (කරල්) සහ මැලියම්ය. ප්රතිශ්යාව , කැස්ස , ඇදුම පීනස වැනි ශ්වසන රෝග පාලනය කිරීමට සමත් වෙයි. බඩවැල ආශ්රිත රෝග , මුත්රා රෝග , කාන්තාරෝග , පණු රෝග , දැවිල්ල දුරුකිරීමටද රුධිරය පිටවීමත් සමග ඇති පාචන , අර්ශස් , ආදි තත්වයන් ද පාලනයට සුදුසු බව කියවෙයි. බුද්ධදාස රජතුමාගේ සාරාර්ථ සංග්රහයේ හා වික්රමාරච්චි වෙදැදුරාණන්ගේ භෝජන සංග්රහය ග්‍රන්ථයේ කතුරුමුරුංගා ශාකය පිලිබඳව මනාව සදහන් කර ඇත. තවද මුනිශාක තෛලය සිඳීමට ගන්නා ප්රධාන අමුද්රව්යය වන්නේද කතුරුමුරුංගා ශාකයේ කොළ ය.

  • උණට කතුරුමුරුංගා ස්වරසය මීපැණි සමග පානය ඔසුවකි.
  • බඩවැල ආශ්රිත තුවාල හා අර්ශස්වලට

කතුරු මුරුංගා කොළ යුෂ 10 mlබැගින් දිනපතා උදේ පානය කිරීම.

  • සමේ තුවාල ලප කැලැල්වලට කොළ යුෂ දිනපතා ආලේපන කරන්න.
  • කටේ සෙම් ගෙඩි තුවාල ආසාදන ඇතිවි කොළ යුෂ වලින් කට සේදීම සහනය ගෙනෙයි.
  • රාත්‍රියට ඇස් නොපෙනීමට මල් ආහාරයට ගැනිමත් කොළ යුෂ පෙරා බිංදු කිහිපයක් ඇසට දැමීමත් ගුණදායක වේ.
  • කෙන්ඩ පෙරළීමට කොළ යුෂ ගෑම ඔසුවකි.
  • තොල් පැලීමට කොළ , මල් , රතුලූනු සමග උයා උදේ සවස ගිතෙල් දමා ආහාරයට ගැනීම.
  • ශ්වසන පද්ධතිය ආශ්රිත කැස්ස පීනස ආදි රෝගවලට මල් , කොළ , හා පොතු කෂාය කර පානය කිරීම
  • සරම්ප පැපොල බිබිලි ආසාදනවලට කතුරුමුරුංගා පොතු කෂාය කර බීම සුදුසුයි.
  • සුව නොවන තුවාල හා විෂ සමනයට

කොළ ඉස්ම , මදුරුතලා කොළ ඉස්ම හා ගම්මිරිස් පත හතර එකට හිඳ , පත බාගය බැගින් උදේ හවස බීම.

  • ප්රතිශ්යා කැස්සට කතුරුමුරුංගා පොතු අඹරා යුෂ මීපැණි සමග ගුණදායක වේ.
  • ආර්තව ගැටළු ඇති විට මල් ළපටි අව්වේ වියළා කුඩුකර එළකිරි සමග පානය කිරීමයි.
  • යටිපතුල් පැලී දියර ගලන විට මල් වේළා කුඩුකර මී කිරි සමග මුදවා උදේ හවස ආලේප කිරීම
  • පීනස , ප්රතිශ්යාව හා අර්ශස් සඳහා කතුරුමුරුංගා කොළ යුෂ 15ml කට මීපැණි මිශ්ර කර උදේ හවස බොන්න.
  • ප්රතිශ්යා කැස්සට හා උණට කතුරුමුරුංගා වදකහ කශාය කරදීම ගුණදායකය.
  • උගුර බැරැන්ඩිවීමට කොළ හා මල් 20g ක් හා ආඩතෝඩා කොළ 20g පත අට එකට සිඳුවා උදේ හවස පත බාගය බැගින් පානය කිරීම
  • හන්දි ඉදිමීමට කතුරුමුරුංගා මුල් කළු අත්තන මුල් උණු වතුරින් අඹරා දිනකට වරක් ගෑම මගින් සුවවෙයි.

කතුරු මුරුංගා මල් වල ප්රෝටීන් , තයමින් , නිකොටානික් අම්ලය , විටමින් A, B ,C ආදිය අන්තර්ගතයි. කතුරුමුරුංගා ප්ත්ර වල ඇති ප්රොටීන ඉතා උසස් වන අතර , අත්යාවශ්ය ඇමයිනෝ අම්ල නිදහස් ආකාරයෙන් ඇත. ඇලනින්, ඇස්පර්ජින්, ඇස්පාර්ටික් අම්ලය, හා ග්ලයිසීන් අඩංගුය. පත්ර වල කෙඳිති හා සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ, සින්ක්, කොපර්, ආදී ලෝහ සංගටක ඇත. කතුරු මුරුංගා කොළ වල කැලරි අධික අතර ප්රෝටීන්, මේද, පිෂ්ඨය, පොස්පරස්, විටමින් එ්, තයමින්, රයිබෝප්ලේවින්, නියසීන්, විටමින් සී, බීටා කැරොටීන් ආදිය බහුලය. කතුරු මුරුංගා ඇට ආහාරයට නොගනී. විෂ සහිත බවට විශ්වාස කෙරේ. නමුත් ඇට වලද ප්රෝටීන බහුලය. (36.5%), ඇටවල පිට පොත්ත ඉවත් කල වට ප්රෝටීන ප්රතිශතය 69.9කි . මෙය ප්රෝටීන් බහුලම ඇට වර්ගය වුවද එම ප්රෝටීනවල ජීව විද්යාත්මක අගය පහත්ය. කතුරු මුරුංගා පත්ර වල ඇති කැල්සියම් ප්රමාණය කිරි වල ඇති කැල්සියම් ප්රමාණයට කිට්ටුය. තවද පත්ර වල අයඩින් හා පෙකටීන් ප්රමාණයද සැලකිය යුතු මට්ටමක පවතී. ශාක පටකයක සින්ක් තිබුණත් එය අප ආහාරයට ගත් විට එය අප ශරීරයට උරා ගැනීමට ඇති ඉඩකඩ පයිටේට් නම් සංයෝග ඉහළ සාන්ද්රණයන්ගෙන් තිබුනහොත් අඩු වේ. කතුරුමුරුංගා වල පයිටේට් ප්රමාණය සින්ක් අණුක ප්රමාණයට වඩා අඩු අනුපාතයකින් තිබෙන නිසා කතුරුමුරුංගා වල ඇති සින්ක් ශරීරයට උරා ගැනීමට ඇති ඉඩකඩ කංකුං , මුකුණුවැන්න , ගොටුකොළ වැනි කොළ එළවළු වලට වඩා ඉතා වැඩිය. එය කතුරුමුරුංගා වල ඇති ඉතා වැදගත් ලක්ෂණයකි. කතුරුමුරුංගා පත්ර වල ඇති ප්රෝටීන ඉතා උසස් තත්වයේ එනම් 100ට 64ක් වූ ජීව විද්යාත්මක අගයන් ඇති ප්රෝටීනයක් සේ විස්තර කොට ඇත. එහි ජීර්ණතා සංගුණිතය 85කි. කතුරු මුරුංගා ඇට ආහාරයට ගත නොහැක. එය විශදායීයැයි විශ්වාස කෙරේ. කතුරු මුරුංගා සමට හිතකරන අතර සම වියළීම් කැසීම් එක්සිමා තත්ත්වයන් බැහැර කරන්නටත් යොග්යය වේ. තුවාල ලප , පැපොල , සරම්ප කැලැල් බැහැර කරන්නට හැකිබව කියවෙයි. එමගින් සමෙහි රැලි වැටීම් අවමවී සම වියපත්වීම් පමා කෙරෙයි. කතුරු මුරුංගා සිරුරේ අනවශ්ය දියර පිට කර හැරීමේ ගුණයෙන් යුක්ත වන අතර මුඛය තුළ තල්ලෙහි දිවෙහි ඇතිවන උෂ්ණ බීබිලි , වණවීම් , තොල පිපිරීම් ඉක්මනින් සුවකර ගැන්මට කතුරුමුරුංගා කොළ , මල් , එළඟිතෙල් හෝ බටර්වලින් තෙම්පරාදු කර කෑම පලදායකයි. විෂ නාශක ගුණැති කතුරු මුරුංගා කොළවලින් සිගරැට් දුමින් සිරුරටත් මොළයටත් වන හානි වැළැක්වීමේ හැකියාව ඇති බවත් මීයන් යොදා කළ පර්යේෂණ මගින් හෙළිව තිබෙනවා. කතුරු මුරුංගා මල් , කොළ , වෑංජන , මැල්ලුම් , සලාද , බැදුම් , හොදි වැනි විවිධ ක්රමවලින් ආහාරයට ගැනීමෙන් ඒවායේ ඇති උසස් රසායන ගුණ ලබාගත හැකියි. එසේ ආහාරමය සේ භාවිතය කල හැකි කතුරුමුරුංගා ශාකයේ භාවිතාවන් අතර ප්‍රධාන වශයෙන් ප්රති ජීවක ගුණැති කොළ තේ පානයක් සේ සකසනු ලබනවා. ළපටි කොළ යුෂ පානයෙන් ශක්තිය වර්ධනය වනවා. මල් ඇස්වලට බෙහෙවින් හිතකරයි. පෙනිම වර්ධනය කරමින් රාත්රි අන්ධතාව දුරුකරනවා. ආහාර රුචිය මෙන්ම මතක ශක්තිය ද වඩනවා. මල් තල තෙලින් හා එළඟි තෙලෙන් මලවා කෑම මාන්දම් රෝගයට මෙන්ම තොලකට පැලීම් වලටද ගුණදායකයි. මල් ගොටුකොළ හා ගිතෙල් සමග සමග ආහාරයට දීම අපස්මාර රෝගීන්ට හිතකර වනවා. එම රෝගයට කොළද ගුණයදායකයි. පොල් කිරි රතුලූනු දමා මිරිස් නැතිව උයන මල් වෑංජනය අළුතෙන් ඝන ආහාර හුරුවූ කුඩා දරුවන්ට යෝග්යයි. ශාක මුල් පොතු යුෂ මේස හැන්දක් මීපැණි බිංදු කීපයක් සමග මිශ්රකර දිනපතා ගැන්මෙන් සෙම දුරුවන බව සඳහන් වෙනවා. ළපටි කරල් වෑංජනය ආහාරයට ගැනීමෙන් කල්පනා ශක්තිය දියුණුවන අතර සිරුරේ බලය, හා ශුක්ර වර්ධනය ද සිදුවන බව සඳහන් වෙයි. කතුරු මුරුංගා පිළිකා ජනක දෙයක් බව මීට වසර කීපයකට පෙර පළ වූ වාර්තාවක් නිසා කතුරුමුරුංගා භාවිතය පිළිබඳ එක්තරා සැකමුසු තත්ත්වයකට පත්ව තිබුණි. කෙසේ වුවද විටමින් හා එවැනි පෝෂ්ය පදාර්ථ වලින් ගහණ වූ කතුරුමුරුංගා පිළිකා වළක්වන දිව ඔසුවක් බව පර්යේෂණ තුළින් පැහැදිළිවම පෙන්වා දී තිබේ. ටැනින් සැපොනින් ෆ්ලේවනොයිඩ් ඇල්කලොයිඩ ඇමයිනෝ අම්ල සහිතයි. බැක්ටීරියා වෛරස් නාශක ක්ෂුද්ර ජීවිනාශක , ප්රති ශක්තිකරණ ප්රති ජීවක , ප්රති ඔක්සිකාරක හා පිළිකා නාශක ගුණ සහිතය. දකුණු පලාත් ඔසු පැල දෙපාර්තමේන්තුවේ ලිපි හා ඔසු පැල හදුනාගනිමු සමූහයෙන් මෙන්ම ඉපැරණි හෙළ වෙදකම සමුහයේ තොරතුරු මෙන්ම අන්තර්ජාලයේද සහය ඇතිව සැකසුනකි ....

ඔසු පැල දෙපාර්තමේන්තුව දකුණු පලාත් පිටුවේ හා ඉපැරණි හෙළ වෙදකම පිටුවෙන් මෙන්ම ඔසු පැල හදුනාගනිමු පිටුවේ තොරතුරු ගෙන සැකසුනකි ..