"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ධසමහා යෝධයන්
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
41 පේළිය:
 
==රජරට ආක්‍රමණය==
තමාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීගැනීමෙන් මෙන්පසුපසු දුටුගැමුණු රජු උතුර ආක්‍රමණය කිරීමට සැළසුම් කළේය. මෙයට රජරට පමණක් නොව අර්ධ ස්වාධීන පාලන සංස්ථාවන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් විය. ඒ හැරුණු විට සංඝයා වහන්සේලා පිරිසක්ද ආශිර්වාදය පතා භාවනාව බලාපොරොත්තුවෙන් සර්වඥ ධාතු අඩංගු කොතයක්ද ගෙන යන ලදී. මේ සියල්ල හැරුණු විට ඔහුගේ පියා විසින් දිවයිනේ විවිධ පෙදෙස් වලින් කැදවා පුහුණු කල නන්දි මිත්‍ර, සුරනිමල, මහාසේන, ථෙරපුත්තාභය, ගෝඨයිම්භර, භරණ, වසභ, වේළුසුමන සහ පුස්ස දේව නම් වු දස මහා යෝධයින්ද එක්වූහ. මෙම යුද්ධ ව්‍යාපාරයේදී දුටුගැමුණු විසින් දෙමළ පාලකයින් බොහෝ සංඛ්‍යාවක් පරාජය කරනු ලැබුහ. (මහා වංශය අනුව 32 ක් තරම් සංඛ්‍යාවක් ) විජිත නගරය හාර මසක් මුලුල්ලේ වට කිරීමෙන් පසු ආරක්ෂාව සදහා දෙමළ සේනාවෝ උණු දිය හා තාර දුටුගැමුණුගේ ඇතුන්පිට වත් කළහ. මෙම කාලයේදී ඔහු ගැමි ප්‍රධානියෙකුගේ දියණියකු වු රන් එතනා විවාහ කර ගත්තේය. මෙම ගැමි ප්‍රධානියා ඒ වන විට අනුරාධපුරයේ එළාරට තුටු පඩුරු යවමින් සිටි කෙනෙක්. රජුගේ උපාය ශිලි බවත් කණ්ඩුලගේ නිර්භීත භාවයත් යුද්ධයේ ජයග්‍රහණයට ඉවහල් විය. යුද්ධය උච්චස්ථානයට පැමිණියේ අනුරාධපුරයේ නැගෙන හිර දොරටුවේදීය. එහිදි කණ්ඩුල ඇතු අරා සිටි දුටුගැමුණු මහාපබ්බත නම් ඇතු අරා සිටි මහළු එළාර සමග සටන් කොට අවසා‍නයේ හෙල්ලකින් ඇන එළාර ජිවිතක්ෂයට පත් කළේය. මෙම සටන ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් වලින් එකකි.
 
අනුරාධපුරයේදී ලත් දුටු ගැමුණුගේ ජයග්‍රහණය පෙර නොවු විරූ තත්ත්වයකට පත්වුයේ සම්පුර්ණයෙන් වාගේ ශ්‍රී ලංකාවේ පාලනය ඔහුට නතු වීම නිසයි. එසේ වුවත් එපමණකින් ඔහුගේ දුෂ්කර තත්වය නිම නොවිනි. ඔහු පරාජයට පත් කල එළාර චෝල අධිරාජ්‍යයෙන් පැමිණි රජ කෙනෙකු වුවත් ඔහු ඉතා යුක්ති ගරුක ධාර්මික රජේකු ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබිණ. දුටු ගැමුණු වෙනත් අයට වඩා වෙනස් මගක් ගෙන මියගිය එළාර රජුට පුජනීයත්වයක් දෙනු පිණිස එළාරගේ දේහය ආදාහනය කර සොහොන් ගෙයක් තනවා එම සොහොනට ගරු කළ යුතු බවට නියෝග පැනවීය. තවදුරටත් කියතොත් ඔහුගේ කීරිතිමත් ජයග්‍රහණය ගැන මෙනෙහි කරද්දි ඔහුට සතුටක් නොදැනුනේ ලක්ෂ ගාණක් ජීවිත විනාශ වු හෙයිනි. මෙය සනාථ වන්නේ වංශ කථා වලට අනුව (68 සහ 69 අතර) ඔහු විසින් කළා ගේ සැළකෙන ස්ථුප, විහාර ආරාම, පුජනීය ස්ථාන ඇතුලු අප්‍රමාණ වු ආගමික ගොඩනැගිලි ගැන කල්පනා කරන විටය.
"https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි