"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
කුලවලට අැති අපහසාත්මක නම් යෙදුනු හැටි
ටැග: Emoji විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
154 පේළිය:
විසිවන සියවසේදි බ්‍රිතාන්‍යන් මගින් ගොවිගම කුලය සතුවූ දේශපාලන බලය දුර්වල කිරීමේ අරමුණින් යම් යම් බලතල අනෙක් කුල වලටද ලබා දීමට කටයුතු කල අතර ඉන් එක් කුලයක් වූ කරාව මිනිසුන්ද ක්‍රිස්තියානි දහම වැලදගනිමින් රජයේ තනතුරු වලට ඇතුළු වෙමින් යම් සමාජ මට්ටමක් ගොඩනගා ගන්නා ලදී.මේ සදහා සිංහල මහා සංඝයා අතර පැවති කුලබේදයද හේතුවු බව සැළකේ.එකල ගොවිගම කුලයට පමණක් උපසම්පදාව දැරීමට අයිතිය ඇතිබවට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් නිකුත් කර තිබූ රාජ අණ සහ බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ සමාජය මගින් කරාව මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ මසුන් මැරීම පහත් ක්‍රියාවක් ලෙස සැළකීම කාරාව මිනිසුන් බුදු දහමින් ඈත්ව ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමට හේතුවූ බව සදහන්ය.
පසුකාලීනව ගොවිගම කුලයෙහි බලයට විරුද්ධව නැගිසිටීමේදී ඔවුන් රාජ වංශිකයන් ලෙස හඳුන්වා දෙමින් මතවාදයක් ගොඩනැගීමට උත්සාහ දරා ඇත.මොවුන්ගේ මෙම ඉතිහාසය විකෘති කිරීමෙහි අවසන් ප්‍රතිඵලය ලෙස භූමිපුත්‍ර පක්ෂය විසින් ගොවිගම හැර අන් සියළු කුල පහත් කුල ලෙස බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එය මානව හිමිකම් සංවිධාන වල ඉල්ලීම් මත පසුව ඉවත් කර ගන්නා ලදී.
 
පෙර සඳහන් කල මතයට හාත්පසිම වෙනස් සාක්ෂි සහිතව පෙන්වා දිය හැකි විස්තරයක්ද අැත. එනම් කරාව ලෙසින් හඳුන්වන්නේ kaurawa වංශයයි. මධ්‍යම භාරතයේ ගංඟා යමුනා ගංගා දෙක අතර පිහිටි කුරු රට දැනටද හඳුන්වන්නේ කුරුක්ෂේත්‍ර දිස්ත්‍රික්කය ලෙසටය. මෙයට වසර 3000 කට පමණ පෙර එරට රජකල කෞරව රාජ වංශයේ කෟෙරව_- පාන්ඩව දෙමස්සිනාලා දෙපසට බෙදී කල මහා යුද්ධය " මහා භාරත යුද්ධය " ලෙස හැඳින්වේ. මෙම යුදයෙන් පැරදුනු කෞරව වංශිකයන්ගෙන් සමහරුන් අවට රට වලට විසිර ගියහ. ඔවුන් දකුණු ඉන්දියාවට මෙන්ම හෙළදිවටද සංක්‍රමණය වූහ. බුදුන්ගේ කාලයටත් පෙර මෙරටට පැමිණි කෞරවයෝ මෙරටෙහි රජුන් බවට පත්වූහ.
 
බුදුන් වහන්සේ කුරුරට වැසියන් බුද්ධිමතුන් ලෙස හඳුන්වාදී මහා සතිඵට්ඨාන සූත්‍රය එරට වැසියන්ට දේශනා කලහ.
 
කරාව ලෙස හදුන්වනු ලැබූ කුලයක් රොබට් නොක්ස් ගේ එදා හෙළදිව හි "කුලමල ගරු නම්බු" පරිච්ඡේදයේ සදහන් නොවේ.💤 මහනුවර යුගයෙදී ගොවි කුලය හැර අන් සෑම සෑම කුලයකටම අපහාසාත්මක වෙනත් නම් පටබැද අැත. එහෙත් විශාලම අපහාසය නිශ්ශංක මල්ල රජු ගේ ගල්පොත සෙල්ලිපියේ පලකොට අැත්තේ ගොවි කුලය වෙනුවෙනි. ගල්පොත සෙල් ලිපිය ලංකාවේ අැති අඩි 8 ක් පලල අඩි 25 ක් දිගින් යුතු විශාලතම සෙල් ලිපිය වේ. එහි පලකොට අැත්තේ " ඉදින් යම් ගොවිකුල අැත්තකු රාජ්‍ය සේවය පැතීනම් කවුඩු කැනහිලුන් රාජ හංස සිංහ වෙස් ගන්නා සේ සලකා දර්පෝත ගත කල යුතුය." යනුවෙනි.
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි