"හක්ගල උද්භිද උද්‍යානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
වැඩිදුර තොරතුරු ඇතුලත් කොට යාවත්කාලීන කරන ලදී
14 පේළිය:
}}
 
'''හක්ගල උද්භිද උද්‍යානය''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] නිර්මාණය කර තිබෙන [[උද්භිද උද්‍යානය|උද්භිද උද්‍යාන]] පහ අතුරින් දෙවැනියටම විශාල, [[නුවරඑළිය]] පිහිටා තිබෙන උද්‍යානයකි. අනෙක් උද්භිද උද්‍යාන හතර වන්නේ [[රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකා|පේරාදෙණිය උද්භිද උද්‍යානය]], [[හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය]], [[මිරිජ්ජවිල උද්භිද උද්‍යානය]], ගනේවත්ත ඖෂධ උද්‍යානය සහ [[සීතාවක උද්භිද උද්‍යානය]]යි.<ref>{{cite web |url=http://www.agridept.gov.lk/NBG/Hakgala.HTM |title=History and Introduction|accessdate=2008-08-07|work=agridept.gov.lk}}</ref> උද්‍යානය ආසන්නයෙන්ම [[හක්ගල දැඩි ස්වභාව රක්ෂිතය]]ද පිහිටා තිබේ.<ref name="Green 1990">{{cite book|last=Green|first=Michael J. B.|title=IUCN directory of South Asian protected areas|publisher=[[International Union for Conservation of Nature|IUCN]]|year=1990|pages=211–213|isbn=2-8317-0030-2|url=http://books.google.com/books?hl=en&lr=&id=bs_t9aOtIk0C&oi=fnd&pg=PR1&dq=hakgala+strict+nature+reserve&ots=_RKQTOcUXw&sig=50MUt0bBIi9S9ECnAmVDm1-f53E#v=onepage&q=hakgala%20strict%20nature%20reserve&f=false|accessdate=2009-10-02}}</ref>
 
 
==පිහිටීම==
නුවරඑළියේ සිට, [[නුවරඑළිය]]-[[බදුල්ල]] ප්‍රධාන පාරේ, කිලෝ මීටර 16 ක් පමණ දුරින් උද්‍යානය පිහිටුවා තිබෙයි. උද්‍යානය සහිත භූමි ප්‍රදේශය මුහුදු මට්ටෙම් සිට අඩි 5,400 ක් පමණ ඉහලින් පිහිටා තිබීම නිසා සිසිල් දේශගුණයක් සහිත වෙයි. වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16° - 30° පමණ අතර අගයකින් විචලනය වෙයි.<ref name=abey>[[#Abey04|Abeywardena 2004]]: pp. 344-45</ref> දෙසැම්බර් සිට පෙබරවාරි අතර කාල සීමාව සිසිල් දේශගුණයක් සහිත වන අතර, අප්‍රියෙල් හා අගෝස්තු අතර කාලය සාපේක්ෂව උනුසුම් වෙයි.
 
අඩුම වර්ෂාපතනය ජනවාරි සිට මාර්තු දක්වා වන අතර එය මිලිමීටර් 70 සිට 100 දක්වා විය හැකියි. වර්ෂා කාළය අප්‍රේල් මාසය අවසන්වන විට පැමිණෙන අතර වැඩිම වර්ෂාපතනය ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා ලැබේ. එය මිලිමීටර් 190 සිට 225 තරම්වේ.
 
==ඉතිහාසය==
1861 වසරේ දී ප්‍රථමයෙන්ම මෙම භූමිය තුල [[සින්කෝනා]] වගා කිරීම අත්හදා බැලූ අතර, සින්කෝනා වගා කිරීමට වඩා [[තේ]] වගා කිරීම සුදුසු වීම නිසා, මේ භූමිය තුල තේ වගාකිරීම අත්හදා බලන ලදී. පසුවරාජකීය 1884උද්භිද වර්ෂයේදීඋද්‍යානයේ මෙමඅධ්‍යක්ෂක භූමියආචාර්ය සංවර්ධනයත්වේයිට්ස් කරමින්සිංකෝනා උද්භිදඅත්හදා උද්‍යානයක්බලන්න ලෙසහක්ගල ප්‍රකාශයටතෝරගෙන පත්තියෙන්නේ කරනඑහි ලදීසමශ්‍රීතෝෂ්ණ දේශගුණය සිංකෝනා ගසේ නිජබිම වෙන පීරූ රාජ්‍යයේ ඇන්ඩීස් කඳුවැටිය ප්‍රදේශයේ දේශගුණයට බොහෝ සමානවුනු නිසා බව සටහන් වෙනවා.<ref>දන්නා හක්ගල ගැන නොදන්නා දේ, විද්‍යා ගවේෂණ (ටෙරන්ස් කහපොල ආරච්චි ) [https://vidya-gaweshana.blogspot.com/2017/08/lak-dasun.html]</ref>
 
සිංකෝනා අතීතයේදී විශාල ලෙස වගාකෙරුනු වාණිජ භෝගයක් වූ අතර එයින් ලබාගත් ප්‍රධානම ඖෂධය වූයේ මැලේරියාව සඳහා ප්‍රතිකාරයක් ලෙස දෙන ක්විනීන් (quinine) නම් ඖෂධයයි. මේ සඳහා ලන්දේසි හා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් ආසියාතික රටවල අක්කර දහස්ගණනක සිංකෝනා වගාකොට තිබුණා.
 
හක්ගල ආරම්භවූ සමයේ ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයවූ කෝපි වගාවට ආදේශක භෝග පිලිබඳව පර්යේෂණ පවත්වමින් සිටි යටත් විජිත ආණ්ඩුව විසින් සිංකෝනා වගාවට ලංකාව සුදුසුදැයි සොයා බලන්න හක්ගල ප්‍රදේශය තෝරා ගෙන අත්හදාබැලීමේ වගාවන් ආරම්භකලා. කෝපි කොළ රෝගය නිසා ලංකාවේ කෝපි කර්මාණ්තය විනාශවී යනවිට හක්ගල උද්‍යානයෙන් සිංකෝනා පැල ලක්ෂ ගණනක් ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් හට ලබාදීමට ආචාර්ය ත්වේයිට්ස් හා හක්ගල උද්‍යාන පාලකවරුන්ට හැකිවුන බව බ්‍රිතාන්‍ය යටත්-විජිත වාර්තා පවසනවා.
 
පසුව 1884 වර්ෂයේදී මෙම භූමිය සංවර්ධනය කරමින් උද්භිද උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන අතර මූලික වෙලා තියෙන්නෙත් එවක පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂක ආචාර්ය ඩී.එච්.කේ ත්වේයිට්ස් මහතා.
 
සිංකෝනා වැවීම සඳහා හක්ගල උද්‍යානයේ පලමුවෙනි භාරකාරයා විධියට  එම්.ආර්.ඩබ්ලිව් මැක්නිකෝල් (1861 - 1866) මහතා පත්කර තිබෙනවා. මැක්නිකෝල්ගෙන් පසුව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ආචාර්ය ඩී.එච්.කේ ත්වේයිට්ස් (1868 - 1881) මෙහි භාරකරු බවට පත්වෙනවා.
 
===== '''හක්ගල හා නොක් පවුල''' <ref>දන්නා හක්ගල ගැන නොදන්නා දේ, විද්‍යා ගවේෂණ (ටෙරන්ස් කහපොල ආරච්චි) [https://vidya-gaweshana.blogspot.com/2017/08/lak-dasun.html]</ref> =====
[[ගොනුව:Nock memorial summer house hakgala botanical garden.jpg|thumb|නොක් අණුස්මරණ ග්‍රීෂ්ම නිවහන. මේ ග්‍රීෂ්ම නිවහන තනා තිබෙන උස්භූමියේ සිට බැලූ විට නමුණුකුල කඳුපන්තියද, ඊට එපිටින් ඌව ද්‍රෝණියද, දකුණු පසින් හපුතලේ කපොල්ලද, වම්පසින් මදුල්සිමා කඳුවැටියද දකින්නට පුලුවන්.]]
1882දී (සමහර මූලාශ්‍රවලට අනුව 1884දී) හක්ගල උද්භිද උද්‍යානයක් බවට පර්වර්තනය කිරීමේ මූලික පියවර තැබුණු අතර මේ මහා කර්තව්‍යයේ පුරෝගාමීන්වූයේ නොක් පවුලයි. හක්ගල උද්‍යානයක් බවට පරිවර්තනය කිරීම සඳහා එහි පලමු භාරකරු ලෙස පත්කරන ලද්දේ විලියම් නොක් (1882 - 1904) නැමති බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පුතුන් දෙදෙනා වන ජේ.කේ නොක් (1904 - 1909) හා ජේ.ජේ නොක් (1911 - 1940) හක්ගල භාරකරුවන් ලෙස ක්‍රියාකලා.
 
හක්ගල උද්‍යානයේ අප අද දකින සුන්දරත්වයට අඩිතාලම දැමුවේ මේ නොක් පවුලේ පියා හා පුතුන් දෙදෙනායි. හක්‌ගල උද්භිද උද්‍යානය 1882-1940 දක්‌වාම නොක්‌ පවුලේ පරම්පරා තුනක්‌ වසර 58 ක්‌ම පාලනය කරමින් එය ඉමහත් දියුණුවට පත්කලා. 1882 දී මුලින්ම විලියම් නොක්‌ස්‌ මහතා සින්කෝනා වගා පාලනයට පැමිණ 1882-1903 උද්‍යාන අධිකාරිවරයා ලෙසට කටයුතු කර උද්‍යානයේ අද ඇති සුන්දරත්වයට අඩිතාලම දැමුවා.
 
1903 දී ඔහු විශ්‍රාම ගනු ලැබුවේ සිය පුතු වූ ඡේ. කේ. නොක්‌ වෙත එම කටයුතු භාර කරමින්. ජේ.කේ නොක් 1903 සිට 1909 දක්වා වසර 6ක් මේ උයනේ භාරකරු ලෙස ක්‍රියාකොට නත්තල් නිවාඩුව සඳහා බ්‍රිතාන්‍යයට යන අතරතුරේදී නෞකාව මුහුදුබත්වී මියගියේ 1909 දෙසැම්බර් 13වැනිදායි.
 
වසර 6ක් සේවයකරමින්, බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍රවූ ජේ.කේ නොක්ගේ කණගාටුදායක මරණයෙන් ශෝකයට පත් හක්ගල ඔහු සමග සේවයකල ඔහුගේ සහෝදර සේවකයින්, ජේ.කේ නොක් සිහිවීමට මෙන්ම ඔහුගේ පියාද හක්ගල උද්‍යානයට කල සේවය සිහිකරමින් නොක් නාමය හක්ගල උද්‍යානයේ සදාකල් නොනැසී පවත්වාගෙන යාම සඳහා කුඩා ග්‍රීෂ්ම නිවහනක් සිහිවටනයක් ලෙස නිර්මාණය කලා. අදටත් මේ නොක් අනුස්මරන ග්‍රීෂ්ම නිවහන හක්ගල උයනේදී ඔබට දැකගත හැකියි.
 
ඉන්පසු ඔහුගේ සොයුරු ජේ.ජේ නොක් මෙහි උද්‍යාන පාලක තනතුර භාරගත් බව පැවසෙනවා. ජේ.ජේ නොක් 1909 සිට 1940 දක්වා වසර 31ක කාළයක් හක්ගල රමණීය උයනක් බවට පරිවර්තනය කරන්නට කැපවුනා. සුදුජාතික යටත් විජිත පාලක පැලැන්තියේ වුවත් නොක් පවුල වැන්නවුන් මේ රටට කල සේවය අමතක නොකල යුතුයි.
 
නොක් අණුස්මරණ ග්‍රීෂ්ම නිවහන ලෙස හඳුන්වන කුඩා ගොඩනැගිල්ලක් උද්‍යානය තුල දකින්නට ලැබෙනවා.මේ ග්‍රීෂ්ම නිවහන තනා තිබෙන උස්භූමියේ සිට බැලූ විට නමුණුකුල කඳුපන්තියද, ඊට එපිටින් ඌව ද්‍රෝණියද, දකුණු පසින් හපුතලේ කපොල්ලද, වම්පසින් මදුල්සිමා කඳුවැටියද දකින්නට පුලුවන්.
 
==ජනප්‍රවාද==
[[රාමායනය]] පුරාවෘත්තයට අනූව, ලංකා රාජ්‍යයෙහි [[රාවණා]] රජු ඉන්දියානු දේවියක වූ සීතාව පැහැරගෙන පැමිණ සැඟවූවා යැයි කියන්නේ මේ ප්‍රදේශයේම පවතින සීතාඑලිය තුලයි.<ref>[http://www.tourslanka.com/ramayana-sri-lanka.php Ramayana sites in Sri Lanka] ''tourslanka.com''.</ref><ref>[http://www.zeenews.com/Zee-Exclusive/2007-11-07/406053news.html Tracing evidence of Lord Ram and his times] ''[[Zee News]]''.</ref> එම පුරාවෘත්තය සිහිකරමින් ඉදිකෙරුණු [[සීතා අම්මාන් කෝවිල]]ද, උද්‍යානය ආසන්නයෙන්ම වාගේ පිහිටා තිබෙයි.
 
තවත් අප්‍රකට ජනප්‍රවාදයකට අනුව රාවණා රජු දක්‌ෂ වෛද්‍යවරයකු ලෙසටද ප්‍රසිද්ධ වී සිටි බැවින් රාජකීය ඔසු උයන හක්‌ගල පිහිටා තිබුණා. රාමා - සීතා කතා පුවත්වල සඳහන් වන අන්දමට සීතා දේවිය ඌවපරණගම ලුණුවත්තේ ස්‌ත්‍රී පුර ගල්ලෙනේ සඟවා සිටියදී වැඩි කාලයක්‌ ගත කිරීමට සිදුව තිබුණේ ඝනඳුර මධ්‍යයේ ලු. එනිසාම දෝ සීතා දේවියට ආලෝකය ලැබීම මදවීමෙන් ඇස්‌ රෝගයක්‌ සෑදී තිබෙනවාලු.
==සංචාරක ආකර්ෂණය==
 
විවිධ ශාක විශේෂ 10,000<ref name=abey/> කට අධික ප්‍රමාණයක් මෙම උද්‍යානය තුල රෝපණය කොට තිබෙන අතර, උද්‍යානය නැරඹීම සඳහා වාර්ෂිකව 500,000<ref name=abey/> ක පමණ සංචාරකයන් පිරිසක් පැමිණෙයි.
එනිසා සීතා දේවිය රහසිගතවම මෙම හක්‌ගල ඔසු වන උයනේ ස්‌ථානයක සඟවාගෙන එම ඇස්‌ රෝගයට ප්‍රතිකාර කර තිබෙනවා. එම ඇස්‌ රෝගය සුව වී සීතා දේවියට යළි පෙනීම ලබාදුන් ස්‌ථානය "සීතා එළිය" නම්වීලු. අදත් හක්ගල උයනට ඉතා නොදුරු ස්ථානයක සීතා කෝවිල පිහිටා ඇති අතර ඉන් පහල ඇති ගඟෙහි සීතා දේවිය ස්නානය කොට තිබෙන බව හින්දූන් විශ්වාස කරනවා. එම සීතාදේවී කෝවිල ද්‍රවිඩ ජාතිකයින් මෙන්ම ලංකාවේ සංචාරය කරන ඉන්දියානුවන් නොවරදවාම එන තැනක් බවට දැන් පත්වෙලා.
 
== සංචාරක ආකර්ෂණය ==
විවිධ ශාක විශේෂ 10,000<ref name="abey" /> කට අධික ප්‍රමාණයක් මෙම උද්‍යානය තුල රෝපණය කොට තිබෙන අතර, උද්‍යානය නැරඹීම සඳහා වාර්ෂිකව 500,000<ref name="abey" /> ක පමණ සංචාරකයන් පිරිසක් පැමිණෙයි.
 
== හක්ගල දැඩි ස්වභාවික රක්ෂිතය ==
සත්ව සහ ශාක විශේෂයන් අවම බලපෑමක් යටතේ බෝවීම මඟින් එම විශේෂිතයන් මිහිපිටින් වඳවී යාම වැලක්වීම සදහා ස්වභාවික පරිසරයක් සපයන විද්‍යාත්මක පර්යේෂණ සදහා යෝග්‍ය පහසුකම් ඇති භූමි දැඩි ස්වභාවික රක්ෂිත ලෙස ප්‍රකාශ කොට ආරක්ෂා කරනවා. ලංකාවේ දැඩි ස්වභාවික රක්ෂිත තුනක් ඇති අතර හක්ගල දැඩි ස්වභාවික රක්ෂිතයට අමතරව, රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතය හා යාල ස්වභාවික රක්ෂිතයද වනවා.
 
දැඩි ස්වභාවික රක්ෂිත පූර්ණ ස්වභාවික පද්ධති ලෙස ආරක්ෂා කෙරේ. එබැවින් දැඩි ස්වභාවික රක්ෂිත තුළ මිනිස් ක්‍රියාකාරකම් වලට අවසර ලබා නොදේ. එනමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පර්යේෂණ ක්‍රියාකාරකම් කිරීමට හැක.
 
හක්ගල දැඩි ස්වභාවික රක්ෂිතයක් 1938දී ප්‍රකාශයට පත්කල අතර එය හෙක්ටාර 1142ක වපරිසයකින් යුතු වනවා. හක්ගල දැඩි රක්ෂිතය ලංකාවේ දුර්ලභ කඳුකර වළාකුළු වනාන්තර (montane cloud forests) වලින් සමන්විත වනවා. නිතරම වළාකුළු වලින් වැසී පවතින, මීටර් 1000ට වඩා උසින් තිබෙන වනාන්තර කඳුකර වළාකුළු වනාන්තර ලෙස හඳුන්වනවා.
 
==කරුණු==
"https://si.wikipedia.org/wiki/හක්ගල_උද්භිද_උද්‍යානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි