"ස්පේස් එක්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පින්තූර ඇතුලත් කිරීම
පිංතූර ඇතුලත් කිරීම හා යාවත්කාලීන කිරීම
1 පේළිය:
{{DISPLAYTITLE:ස්පේස් එක්ස් : Space X}}
[[ගොනුව:Iridium-4 Mission (25557986177).jpg|thumb|ස්පේස් එක්ස් මූලස්ථානය, හෝතෝන්, කැලිෆෝනියාව|alt=]]
Space Exploration Technologies Corp හෙවත් Space X ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය මූලස්ථානය කරගත් ගගනවිද්‍යා තාක්ෂණ, රොකට් නිෂ්පාදන හා අභ්‍යවකාශ ගමන් සේවා සපයන අධිතාක්ෂණික සමාගමකි. සමාගමේ ප්‍රාරම්භකයා වන්නේ ඉන්ජිනේරුවෙකු, තාක්ෂනවේදියෙකු, නව නිර්මාපකයෙකු හා ව්‍යවසායකයෙකු වන ඊලෝන් මස්ක් ය. <ref>ටෙරන්ස් කහපොල ආරච්චි, විද්‍යා ගවේෂණ https://vidya-gaweshana.blogspot.com/2016/06/spacex-tesla-motors-high-tech-dreams-of.html</ref>
 
[[ඊලෝන් මස්ක්]] සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) හා ප්‍රධාන තාක්ෂණික නිළධාරී (COO) තනතුරු දෙකම දරන අතර [[:en:Gwynne_Shotwell|ග්වෙන් ශොට්වෙල්]] සභාපතිත්වය දරයි.
{| class="wikitable"
|+ස්පේස් එක්ස් | Space X
|'''නම'''
|'''Space Exploration Technologies Corporation'''
|-
|'''අයිතිය'''
|පුද්ගලික
|-
|'''කර්මාණ්තය'''
|ගගනවිද්‍යා හා අභ්‍යවකාශ
|-
|'''ප්‍රාරම්භක'''
|ඊලෝන් මස්ක්
|-
| rowspan="2" |'''ප්‍රධාන නිළධාරීන්'''
|ඊලෝන් මස්ක් (CEO & CTO)
|-
|ග්වෙන් ෂොට්වෙල් (සභාපති)
|-
|'''මූලස්ථානය'''
|කැලිෆෝනියාවේ හෝතෝන් නගරය
|-
|'''2019 ආදායම'''
|ඩොලර් බිලියන 2යි
|-
|'''සේවක සංඛ්‍යාව'''
|8000 (2020 මැයි)
|}
 
=== ස්පේස් එක්ස් ඉතිහාසය ===
Line 19 ⟶ 47:
3. මොඩියුලර් ආකෘතියෙන් රොකට්ටු නිර්මාණය මගින් කුඩා රොකට්ටුවල කොටස් විශාල රොකට්ටු වලට යොදාගැනීම
 
=== ස්පේස් එක්ස් සමාගමේ ප්‍රධාන රොකට්ටු, අභ්‍යවකාශ මෙහෙයුම් හා ව්‍යාපෘති. ===
=== ෆැල්කන් 1- Falcon 1 ===
 
==== ෆැල්කන් 1- Falcon 1 ====
[[ගොනුව:SpaceX falcon in warehouse.jpg|වම|thumb|ෆැල්කන් 1 රොකට්ටුව ස්පේස් එක්ස් සංක්‍රීර්ණයේදී ගොඩනගමින් තිබේ. මර්ලින් එන්ජිම පැහැදිලිව දැකගත හැකිය]]
ෆැල්කන් 1, ස්පෙස් එක්ස් සමාගම සාර්ථකව ගුවන්ගත කල පලමු අභ්‍යවකාශ රොකට්ටුව මෙන්ම පුද්ගලික සමාගමක් විසින් සිදුකල පලමු කක්ෂගත අභ්‍යවකාශ ගමන (orbital space-flight) සිදුකල රොකට්ටුව වනවා. මෙම රොකට්ටුවට ෆැල්කන් යන නම යෙදුවේ ස්ටාර්-වෝස් චිත්‍රපට මාලාවේ දැක්වෙන "[[:en:Millennium_Falcon|මිලෙනියම් ෆැල්කන්]]" නම් අධිවේගී අභ්‍යකාශ යානයට ගෞවරයක් ලෙස බව මස්ක් ප්‍රකාශකර තිබෙනවා.
Line 27 ⟶ 57:
ෆැල්කන් 1 රොකට්ටුව, ස්පේස් එක්ස් සමාගමේ තාක්ෂණය ප්‍රායෝගිකව ආදර්ශනය කර පෙන්වූ අතර පුද්ගලික අංශයට සාර්ථකව මෙන්ම විශ්වාසවන්ත ලෙස රොකට්ටු නිෂ්පාදනය කොට අභ්‍යවකාශ ගතකල හැකි බව ඔප්පු කලා. නාසා ආයතනය, සිය අභ්‍යවකාශ අවශ්‍යතා සඳහා ස්පේස් එක්ස් තෝරා ගැනීමට ෆැල්කන් 1 රොකට්ටුව විශාල දායකත්වයක් ලබා දුන්නා.
 
2008දී නාසා ආයතනය ස්පේස් එක්ස් සමාගමට Commercial Resupply Services (CRS) කොන්ත්‍රාත්තුව ලබාදුන්නා. ඒ අනුව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සැපයුම් ගෙනයාමට ස්පේස්ක් එක්ස් සමාගමට අවස්ථාව ලැබුනා. මේ සඳහා ෆැල්කන් 9 නම් විශාල රොකට්ටුව හා ඩ්‍රැගන් නම් අභ්‍යවකාශ යානය නිර්මාණය සඳහා නාසා ආයතනය මූල්‍ය සහයද ලබා දුන්නා. <ref>Falcon 1 (Wikipedia) [https://en.wikipedia.org/wiki/Falcon_1]</ref>
 
==== ෆැල්කන් 9 - Falcon 9 ====
[[ගොනුව:SpaceX Demo-2 Launch (NHQ202005300044).jpg|thumb|ෆැල්කන් 9 ගුවන්ගත කිරීමක්. නාසා 39A රොකට් සංකීර්ණය]]
ෆැල්කන් 1ට යොදාගත් මර්ලින් එන්ජින් නවයක් පලමු අදියරට යොදාගන්නා ෆැල්කන් 9, අදියර දෙකකින් ඩ්‍රැගන් කැප්සූලය අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇති කක්ෂය වෙත ගෙනයා හැකි රොකට්ටුවක්. ටොන් 22ක බරක් පහල පෘථිවි කක්ෂයටද (Low Earth Orbit) ටොන් 5.5ක බරක් Geostationary කක්ෂය වෙතද ගෙනයාමට ෆැල්කන් 9ට හැකියාව තිබෙනවා.
 
අභ්‍යවකාශ ගමනේ පලමු අදියර අවසන්ව, දෙවැනි අදියර රොකට්ටුවෙන් වෙන්වූ විට, පලමු අදියර ආපසු පෘථිවියට ගොඩබැස්වීමේ අපූරු හැකියාව ෆැල්කන් 9 රොකට්ටුවලට තිබෙනවා. මෙය පලමු වතාවට සාර්ථකව සිදුවුනේ 2015 දෙසැම්බරයේදීයි.
 
ෆැල්කන් 9 රොකට්ටු මේවනවිට අභ්‍යවකාශ ගමන් 89ක් සාර්ථකව සිදුකර තිබෙන අතර ඉන් 51 වතාවකදී පලමු අදියර ආපසු ගොඩබැස්වීමට සමත්ව තිබෙනවා.<ref>Falcon 9 (Wikipedia) [https://en.wikipedia.org/wiki/Falcon_9]</ref>
 
==== ෆැල්කන් හෙවි - Falcon Heavy ====
[[ගොනුව:Falcon Heavy Demo Mission (39337245145).jpg|වම|thumb|ෆැල්කන් හෙවි රොකට්ටුවේ පරීක්ෂණ පියාසැරියක්]]
ෆැල්කන් හෙවි යනු ටොන් 64ක බරක් පහල පෘථිවි කක්ෂය වෙත ගෙනයා හැකි, බලසම්පන්න රොකට්ටුවකි. පලමු අදියර ලෙස එකට තබන ලද ෆැල්කන් 9 රොකට්ටු තුනක් සමගාමීව ක්‍රියාත්මක වේ. මැදින් ඇති ෆැල්කන් 9ට ඈඳූ අනෙක් ෆැල්කන් රොකට්ටු දෙක බූස්ටර් රොකට්ටු ලෙස ක්‍රියාකරයි.
 
මෙම රොකට්ටුවේ පලමු අදියරේ මැද රොකට්ටුව හා බූස්ටර් රොකට්ටු දෙකද ඇතුලුව මර්ලින් එන්ජින් 27ක් එකවර ක්‍රියාත්මක වෙයි. ෆැල්කන් හෙවි රොකට්ටුවට අඟහරු වෙත ටොන් 16ක් බර යානාවක් ගෙනයාමට හැකිය. ෆැල්කන් හෙවි රොකට් පද්ධතිය දැනට සාර්ථක ගමන්වාර තුනක් අවසන් කර ඇති අතර තවත් 8ක් සැලසුම්කර ඇත. <ref>Falcon Heavy (Wikipedia) https://en.wikipedia.org/wiki/Falcon_Heavy</ref>
 
==== කාගෝ ඩ්‍රැගන් කැප්සූලය - Cargo Dragon (Dragon 1) ====
අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ටොන් 6ක සැපයුම් ගෙනයාමට නිර්මාණය කල කාගෝ ඩ්‍රැගන් කැප්සූලය ෆැල්කන් 9 රොකට්ටුවක් ආධාරයෙන් ගුවන් ගත කරයි. පලමු පියාසැරිය 2010දී සිදුවූ අතර මෙය පුද්ගලික සමාගමක් අභ්‍යවකාශයට යවා, ආපසු ගෙන්වාගත් එකම අභ්‍යවකාශ යානාව වනවා. මේ වනවිට කාගෝ ඩ්‍රැගන් කැප්සූලය සාර්ථක ගමන්වාර 23ක් අවසන් කොට ඇති අතර එය විශ්‍රාම ගන්වා තිබෙනවා. ඩ්‍රැගන් 2 කැප්සූලය ඒ වෙනුවට හඳුන්වාදී ඇති වඩාත් විශාල කැප්සූලයක් වනවා. <ref>ස්පේස් එක්ස් ඩ්‍රැගන් කැප්සූලය ගොඩබසී (විද්‍යා ගවේෂණ)[https://vidya-gaweshana.blogspot.com/2019/03/space-flight.html]</ref>
 
==== ඩ්‍රැගන් 2 භාණ්ඩ ප්‍රවාහන කැප්සූලය - Dragon 2 (cargo version) ====
නාසා ආයතනය ලබාදුන් Commercial Resupply Services-2 කොන්ත්‍රාත්තුව යටතේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ටොන් 6ක සැපයුම් ගෙනයාමට නිර්මාණය කල කාගෝ ඩ්‍රැගන් 2 කැප්සූලය නැවත නැවත භාවිතයට ගත හැකි ලෙස නිර්මාණය කර තිබෙනෙනවා.
 
ස්වයංක්‍රියව ISS මධ්‍යස්ථානය වෙත පියාසර කොට එය හා සම්බන්ධවීමට හැකි කාගෝ ඩ්‍රැගන් කැප්සූලයේ පියාසර මෘදුකාංග ලිනක්ස් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වනනවා. C++ හා ජාවාස්ක්‍රිප්ට් පරිගණක භාශාවලින් පියාසර මෘදුකාංග සකසා තිබෙනවා.
 
==== කෲ ඩ්‍රැගන් කැප්සූලය - Crew Dragon (Dragon 2 crewed version) ====
අභ්‍යවකාශගාමීන් 7ක් ගෙනයා හැකි ලෙස සකසා තිබෙන ඩ්‍රැගන් 2 කැප්සූල මාදිලිය කෲ ඩ්‍රැගන් ලෙස හඳුන්වනවා. මෙයට හදිසියකදී ගුවන්ගත වෙමින් තිබෙනව රොකට්ටුවෙන් ඉවත්ව ගගනගාමීන් ආරක්ෂාකරගත හැකි ගැලවුම් පද්ධතියක් (launch escape system) හඳුන්වාදී තිබෙනවා. අධිබල සුපර්-ඩ්‍රේකෝ නම් එන්ජින් 8ක් ක්‍රියාත්මකවී ඉතා වේගයෙන් රොකට්ටුවෙන් ඈතට කැප්සූලය ගෙනයාහැකි ලෙස මෙම පද්ධතිය සකස්කොට තිබෙනවා.
 
Line 56 ⟶ 88:
මේ වනවිට කෲ ඩ්‍රැගන් කැප්සූලය පලමු නාසා අභ්‍යවකාශ ගාමීන් දෙදෙනා ISS මධ්‍යස්ථානයට ගෙනගොස් සුරක්ෂිතව ආපසු ගොඩබස්වා පලමු ගමන සාර්ථකව අවසන් කර තිබෙනවා.
 
==== කෲ ඩ්‍රැගන් ඩෙමෝ 1 අභ්‍යවකාශ ගමන - Crew Dragon Demo 1 ====
මිනිසුන් ගෙනයාම සඳහාම සැකසූ කෲ ඩ්‍රැගන් කැප්සූලයේ පලමු පරීක්ෂණ අභ්‍යවකාශ ගමන ඩෙමෝ 1 ලෙස හඳුන්වනවා. මෙහිදී ගගනගාමීන් වෙනුවට රිප්ලි නම් ආකෘතියක් පියාසර කරවූවා. 2019 මාර්තු 2වැනිදා සිදුවුකල මේ පියාසැරිය, පලමු මිනිස් චාරිකාවට පෙර කෲ ඩ්‍රැගන් කැප්සූලයේ අවසන් පරීක්ෂණ පියාසැරිය ලෙස සැලකුනා.
 
අලුත්ම ෆැල්කන් 9 රොකට්ටුවකින් ගුවන්ගත වූ කෲ ඩ්‍රැගන් ඩෙමෝ 1 පියාසැරිය රිප්ලි නම් ආකෘතියක් සාර්ථකව ISS මධ්‍යස්ථානය හා බද්ධවූ අතර, ISS හි ගගනගාමීන් කෲ ඩ්‍රැගන් කැප්සූලය තුලට පිවිස එය පරීක්ෂා කලා. 2019 මාර්තු 8 වැනිදා ඩෙමෝ 1 මෙහෙයුම සාර්ථකව ගොඩබැස්සා.
 
==== කෲ ඩ්‍රැගන් ඩෙමෝ 2 අභ්‍යවකාශ ගමන ====
2020 මැයි 30 වැනිදා, ගගනගාමීන් දෙදෙනෙකුද රැගෙන, ෆැල්කන් 9 රොකට්ටුවකින් කෲ ඩ්‍රැගන් ඩෙමෝ 2 පියාසැරිය International Space Stations බලා පිටත්වුනා. නාසා ගගනගාමීන්වූ ඩග්ලස් හර්ලි හා රොබර්ට් බෙන්කන් මේ සඳහා තෝරාගෙන තිබුනා. මේ පියාසැරිය මගින් නාසා ආයතනය, ස්පේස් එක්ස් සමාගමේ රොකට්ටු හා අභ්‍යවකාශ කැප්සූල වලට මානව ගගනගාමීන් රැගෙන අභ්‍යවකාශයට ගොස්, ආපසු නැවතත් නිර්පද්‍රිතව ගෙන ඒමේ හැකියාව පිලිබඳව පූර්ණ ක්‍රියාවලිය පරීක්ෂණයට බඳුන්කලා.
කෲ ඩ්‍රැගන් ඩෙමෝ 1 අභ්‍යවකාශ ගමන
 
දින 63ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකල කෲ ඩ්‍රැගන් කැප්සූලය හා ගගනගාමීන් දෙදෙනා 2020 අගෝස්තු 2වැනිදා පැරිෂූට මගින් අත්ලාන්තික් සාගරයට ගොඩබැස්සා. 2011දී ඇට්ලැන්ටිස් අභ්‍යවකාශ ශටලයේ අවසන් පියාසැරියෙන් පසු, ඇමරිකානු භූමියෙන් අභ්‍යවකාශ ගතවූ පලමු ගගනගාමීන් දෙදෙනා ලෙස කෲ ඩ්‍රැගන් ඩෙමෝ 2 යානයේ ඩග්ලස් හර්ලි හා රොබර්ට් බෙන්කන් ඉතිහාසයට එක්වෙනවා.
 
==== ස්ටාර්-ලින්ක් අභ්‍යවකාශ අන්තර්ජාල සේවාව ====
චන්ද්‍රිකා මගින් ලොව දුශ්කර පලාත්වලට අධිවේගී අන්තර්ජාල සබඳතා ලබාදීම සඳහා ස්පේස් එක්ස් ආරම්භ කල ව්‍යාපෘතිය ස්ටාර්ලින්ක් ලෙස හඳුන්වනවා. මේ චන්ද්‍රිකා ස්පේස් එක්ස් මගින් නිර්මාණය හා නිෂ්පාදනය සිදුකරන ලද අතර 2018දී පලමු පරීක්ෂණ චන්ද්‍රිකා ගුවන්ගත කලා. මේ වනවිට චන්ද්‍රිකා 655ක් ගුවන්ගත කොට ඇති අතර අන්තර්ජාල සේවා පරීක්ෂණ දැන් ඇමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. <ref>ඊලෝන් මස්ක්ගේ SpaceX එකවර චන්ද්‍රිකා 64ක් උඩුගුවනට යැවීමේ උත්සාහයක! (ටෙරන්ස් කහපොල ආරච්චි, විද්‍යා ගවේෂණ ) [https://vidya-gaweshana.blogspot.com/2018/12/space-flight-spacex-64.html]</ref>
 
=== මූලාශ්‍ර ===
=== ස්ටාර්-ලින්ක් අභ්‍යවකාශ අන්තර්ජාල සේවාව ===
ස්ටාර්-ලින්ක් අභ්‍යවකාශ අන්තර්ජාල සේවාව
[[ප්‍රවර්ගය:සමාගම්]]
[[ප්‍රවර්ගය:අභ්‍යවකාශ ගවේෂණය]]
"https://si.wikipedia.org/wiki/ස්පේස්_එක්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි