"මණිද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
25 පේළිය:
 
===චින්තාමණී ගෘහය===
දේවි ලෝකයේ බින්දු ස්ථානය හෙවත් සර්වබලධාරී දෙවඟනගේ ස්ථානය වන්නේ ශ්‍රී දේවිය වාසය කරන චින්තාමණි රත්නයන්ගෙන් නිර්මිත මන්දිරයයි. මෙහි එක්දහස් එකසියක් පමණ අලංකාර ස්ථම්භයන් දක්නට ලැබන අතර ඇතැම් ඒවා සූර්‍යකාන්ත මාණික්‍යන්ගෙන්ද, චන්ද්‍රකාන්ත මාණික්‍යන්ද, ඇතැම් ස්ථම්භ විද්යුත්කාන්ත රත්නයන්ගෙන්ද නිර්මිතය. මෙය මූල ප්‍රකෘති ශ්‍රී දේවියගේ රාජ මන්දිරය වන අතර සියලු ස්ථානයන්ගේ සර්ව උත්තරීතර ස්ථානය වන මෝක්ෂයේ ස්ථානයයි. මෙම මන්දිරය තුළ ප්‍රධානව '''ශෘංගාර මණ්ඩපය, මුක්ති මණ්ඩපය, ඥාන මණ්ඩපය සහ ඒකාන්ත මණ්ඩපය''' ලෙසින් ස්ථම්භ දහස බැගින් යුක්ත මණ්ඩප සතරක් තිබේ. ඒ එක් එක් මණ්ඩපයන්හී ආලෝකය සූර්‍යන් කෝටියකගේ රශ්මිය හා සමානය. මෙම මණ්ඩප සතරෙහි හාත්පසින් පිච්ච මල් වලින් සුවදවත් වන අලංකාර උද්‍යාන සහ එවා තුළ පද්මයන්ගෙන් පිරි විල් ඇති අතර බඹරුන් ගුමු ගුමු නාදයෙන් හාත්පසර පියාසර කරන්නේය. ශෘංගාර මණ්ඩපය තුළ ශ්‍රී දේවිය තම ආසනයේ විරාජමානව සිටිමින් දෙවි දේවතාවුන් විසින් ගායනා කරන ස්තෝත්‍ර ගායනාවන්ට සවන් දෙමින් සිටි. ඒ අතරම මුක්ති මණ්ඩපයේ සිටිමින් ජිවින්ව භව සාගරයෙන් එතෙර කිරිමට මුක්තිය ප්‍රධානය කරයි. ඒ මොහොතේම ඥාන මණ්ඩපය තුළදී බ්‍රහ්මයන්, මුණිවරුන් හට ඥානය ප්‍රධානය කරන අතර ඒකාන්ත මණ්ඪපය තුළ හිදිමින් ඇය තම සෙනාපතිවරුන් සමඟ නිමන්ත්‍රණයේ යෙදෙමින් සිටින්නීය.
 
මෙහි උච්චතම ස්ථානයේ පිහිටියේ දේවියගේ ප්‍රධානම සභාවයි. මෙය චින්තාමණි ගෘහ යනුවෙන් හඳුන්වන අතර මෑණියන්ගේ සර්ව උත්තරීතර සිංහාසනය පිහිටන්නෙ මෙහිය. [[බ්‍රහ්ම]], [[විෂ්ණු]], [[රුද්‍ර]] සහ [[ඊශ්වර]] යන පාද සතරෙන් යුක්ත මතුපිට සදා ශිව වූ ශිවාකර ආසනයක මහා [[භුවනේශ්වරී]] දේවිය විරාජමානව සිටින්නීය. එතුමියගේ දකුණු පසින් විශ්වයේ ගෘහපති වන [[භුවනේශ්වර]] මහාදේව විරාජමානව සිටී. නිර්මාණය අවස්ථාවේදි මෑණියන් තම ශරීරයේ වම් පාර්ශවයෙන් මහාදේව ප්‍රකට කෙරු අතර එතුමා හිස් පහකින් යුක්ත වේ. එතුමාගේ වම් උකුලේ දෙවඟන වැඩ සිටී. එතුමියගේ සේවිකාවන් වන්නේ '''ජයා, විජයා, අජිතා, අපරාජිතා, නිත්‍යා විලාසිණි, ධොග්ද්‍රී, අඝෝරා සහ මංගලා''' යන දේවීන්ය. ඔවුන් සියල්ල නිරතුරුවම මහාදේවිය උදෙසා ගීතිකා ගායනා කරමින් සිටින්නීය. දේවියගේ වම් පස ඇති වස්තු සම්භාරය ගංගාවක් බවට පරිවර්තනය වී සුධ සමුද්‍රයට එකතු වේ.
 
== ආශ්‍රේයයන් ==
"https://si.wikipedia.org/wiki/මණිද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි