"මණිද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය:
මණිද්වීපය පිහිටා ඇත්තේ ඇත්තේ සුධා සමුද්‍රය නම් අමෘතය පිරුණු සාගරයක් වන මධ්‍යයේය. මණිද්වීපය ධාමය ඉතාම සංකීර්ණ ව්‍යහුයක් ගන්නා අතර මෙහි ආකෘතිය [[මහාමේරු යන්ත්‍රය]] මෙන් පිහිටා ඇත.<ref>{{cite web|title=Devi Loka – Material World of Birth and Death|url=https://www.vedicfeed.com/devi-loka-material-world-of-birth-and-death/}}</ref> මෙහි පිටතින්ම තිබෙන්නේ දොරටු සතරක් සහිත විශාල බැම්මකි එහි සෑම දොරටුවකම ආරක්ශකයන් සියය බැගින් සිටින අතර දෙවඟන බැහැ දැකීමට විවිධ විශ්වයන්ගෙන් එන සමස්ථ දේව ගණයාගේ වාහන නවතා තිබෙන බැවින් මෙහි සෑම විටම ඉතාම කලබලකාරී ස්වභාවයක්. මෙහි ඉතා මිහිරි පැන් සහිත ළිඳවල්ද තිබේ. දෙවනි ප්‍රාකාරය නිර්මාණය කර තිබෙන්නෙ රසදිය මිශ්‍ර සින්ක් සහ තඹ වලිනි. එම ප්‍රාකාරයට බොහෝ පිවිසුම් තිබෙන්නා සේම පළමු ප්‍රකාරයට වඩා ඉතාමත් විශාලය. එම ප්‍රාකාරය තුළ ලිං පොකුණු යනාදිය ද, සෑම විටම ඵල හට ගන්නා විශ්වයේ තිබෙන සෑම අකාරයේ වෘක්ෂයක්ම වර්ධනය වී තිබේ. එම සෑම වෘක්ෂයකම කොවුලන් සිටින අතර ඔවුන්ගේ හඬ ඉතාමත්ම මනරම්ය. බිගුන් මල් පැණි උරා බොන අතර ගිරවුන් සමණලුන් ඔබ මොබ සැරිසරම හා එහි පවතින යුශ රැගත් සප්ත ගංගාවන් පරිසරයේ සුන්දරත්වය වඩාවාලයි. තඹ ලෝහයන්ගෙන් නිර්මිත තෙවනි ප්‍රාකාරය සමචතුරස්‍රාකාර වන අතර මීටර් 84000 ක් පමණ විශාලය. මෙම ප්‍රකාරය තුළ කල්පවෘක්ෂයන් ( හිතු පැතු සම්පත් දෙන වෘක්ෂයක්, ඉන්ද්‍ර දෙවියන් සතුවත් මෙවැනි වෘක්ෂයක් තිබේ) වලින් පිරුණු වනයක් තිබෙන අතර මෙහි සෘතුන් වලට අධිපති නිරිදුන් වාසය කරනු ලබයි. ඔහුගේ සිංහාසනය සහ ආභරණ නිමවා තිබෙන්නෙ සුවඳවත් පුෂ්පයන්ගෙනි. ඔහු නිරතුරුව පුෂ්පයන්ගෙන් රොන් ගමින් සිටින අතර '''මධු ශ්‍රී සහ මාධව ශ්‍රී''' යන බිරින්ඳෑවරු දෙදෙනා පිරිවරා සිටී. සිව්වන ප්‍රාකාරය ගොඩනගා ඇත්තේ ඊයම් ලෝහයෙනි. එහි උසද පෙර ප්‍රාකාරය හා සමානය. මෙම ප්‍රාකාරය තුළ මධ්‍ය උද්‍යානයේ වාසය කරනු ලබන්නේ තම පතිනියන් වන ශුක්‍ර ශ්‍රී සහ ශුචි ශ්‍රී සමඟින් වසන්ත සෘතුවයි. මෙහි සියලු ගස් වැල් ඉතා සශ්‍රීක සේම ජලයේද පවතින්නේ ඉතාමත්ම සිසිලසකි. පිත්තල ලෝහයෙන් නිර්මිත පස්වැනි ප්‍රාකාරය තුළ සඳුන් වෘක්ෂයන්ගෙන් ගහණ උද්‍යානයෙහි පාලකයා වන්නේ වස්සාන සෘතුවයි. ඔහු ගේ ඇස් අකුණුසැර සේය, ඔහුගේ ශරීර ආවරණ වන්නේ වැසි වළාකුලුයි. ස්වරය කුණාටුවක් මෙන්ය. '''නභ ශ්‍රී, නභශ්‍ය ශ්‍රී, ස්වරස්‍ය, රස්‍යසාලිණි, අම්භා, දුලා, නිරත්නි, අභ්‍රමන්ති, මේඝ යාන්තිකා, වර්ශ්‍යන්ති, චිවුනිකා සහ වරිධාරා''' යනුවෙන් බිරින්ඳෑවරු දොළොස් දෙනෙකි. මෙහි තිබෙන සෑම ගසක්ම ලා දළු වලින් යුක්තය.සෑම ගංගාවක් ම ඉතා වේගයෙන් ප්‍රවාහය වන්නා සේම පොකුණු සංසාර චක්‍රයට ඇලුණු මිනිසුන් මෙන් බොහෝ අපිරිසිදුය. ඉන්පසුව පවතින්නේ පංච ලෝහ වලින් නිර්මාණය කෙරූ සයවන ප්‍රාකාරයයි. මෙහි මධ්‍යයේ පවතින මන්දාර වෘක්ෂයන්ගෙන් පිරුණ උද්‍යානයෙහි විරාජමානව සිටින්නේ සරත් සෘතුවයි. ඔහුගේ පතිනියන් දෙදෙනා වෙන්නෙ ඉශූලක්ශ්මි සහ උර්ජාලක්ශ්මි යන දේවීන්‍ ය. ඉන්පසුව තියෙන්නෙ රිදි වලින් තැනු සත්වෙනි ප්‍රාකාරයයි. එහි මධ්‍යයේ තිබෙන්නේ නිරන්තරයෙන් පුෂ්පයන්ගෙන් විකසිත වී ඇති පරිජාතා වෘක්ෂයන්ගෙන් ගහණ උද්‍යානයයි. සර්වබලධාරී දෙවඟනගේ බැතිමතුන් මෙම මල් වල සුවදින් කුල්මත් වෙයි. මෙහි වාසය කරන්නේ හේමන්ත සෘතුවයි. ඔහුගේ බිරින්ඳෑවරු වන්නේ සහ ශ්‍රී, සහස්‍ය ශ්‍රී යන දෙදෙනායි. එමෙන්ම දේවියගේ භක්තිකයන් මෙහිදි වෘතයන්ද රකිනු ලබයි. රත්‍රන් වලින් නිර්මාණය කෙරු අටවැනි ප්‍රාකාරය මධ්‍යයේ පවතින්නේ ඵල වැල වලින් පිරුණු කධම්භ වෘක්ෂයක් සහිත උද්‍යානයකි. මෙහි පුෂ්පයන්ගේ පැණි භක්තියන් විසින් පානය කරනවා සේම මෙහි වාසය කරන්නෙ පිනි සෘතුවයි ඔහුගේ බිරින්ඳෑවරු වන්නේ '''තප ශ්‍රී සහ තපස්‍ය ශ්‍රී''' යන දේවීන්ය. ඒ වගේම දේවිය වෙනුවෙන් අගණා තෑගි නිර්මාණය කරන බැතිමතුන්ද මෙහි වාසය කරයි.
 
මෙම ප්‍රාකාරයට පසුව තිබෙන්නේ පුෂ්පරාග මාණික්‍යන්ගෙන් නිර්මිත නමවන ප්‍රාකාරයයි. ඒ තුළ විවිධ මාණික්‍යන් සහ දියමන්ති වලින් තැනු බොහෝ ප්‍රාකාර තිබෙන අතර නගරයේ මධ්‍යට විට එවායේ දීප්තියද ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වේ. මේ එක් එක් ප්‍රාකාර තුළ විවිධ අංගනයන් තුළ සෑම විශ්වයකම සිටින ආරක්ෂකයන්ගේ මූල ස්වරූපය වාසය කරයි. නැගෙනහිරින් පිහිටි ප්‍රදේශයේ පිහිටා ඇත්තේ සුරයන්ගේ නරපති වන [[ඉන්ද්‍ර]] දෙවිඳුන් සහ ඉන්ද්‍රානි දේවියගේ මනරම් අමරාවතී පුරයයි. සෑම විශ්වයකම සිටින ඉන්ද්‍ර දෙවිවරුන්ට වඩා ආලෝකයක් තේජසක් මෙම ඉන්ද්‍ර දෙවිඳුන්ට තිබේ. ගිනිකොණ ප්‍රදේශයේ තිබෙන්නේ අග්නි නගරයයි. මෙහි වාසය කරන්නේ සෑම විශ්වයටමවිශ්වයකම සිටින අග්නි දෙවියන්ගේදෙවිවරුන්ගේ මූල තත්වයයි. එතුමා එතුමාගේ බිරින්දෑවරු වන ස්වාභා සහ ස්වාහාස්වදා සමගින් වාසය කරයි. දකුණු ප්‍රදේශයේ යම දෙවියනුත්, නිරිතදිගින් රාක්ශ නගරයත්, බටහිර දෙසින් වරුණ නගරයත්, වයඹ දෙසින් වායු නගරයත්, උතුරෙන් කුබෙර ප්‍රමුඛ යක්ඛයන්ගේ නගරයත් පිහිටා තිබේ. ගිණිකොණ දෙසින් පිහිටන්නේ රුද්‍ර ලෝකයයි. මෙහි [[රුද්‍ර]] දෙවියන් ප්‍රමුඛ එකාදශ රුද්‍රයන් මෙහි වාසය කරනු ලබයි. ඔවුන් ඉතා වියරුවෙන් සිටින අතර එය පිළිබිඹු වන්නේ මුඛයෙන් නිකුත් වන අග්නියෙනි. ඊසානදිගින් [[බද්‍රකාලි]] දේවිය සහ [[වීරබද්‍ර]] ඇතුළු කෝටියක් වූ රුද්‍රානීන් වාසය කරනු ලබයි. බද්‍රකාලි සහ වීරබද්‍ර දෙවියන්ගේ ශරීරය කාල වර්ණ වන අතර එතුමාගේ හස්තයන්හී ත්‍රිශුලයක් සහ උඩැක්කියක්ද, ගෙලෙහි නාගයෙකු මෙන්ම ශරීරය සත්ව සමකින් ආවරණය කරගෙන සිටී.
 
පුෂ්පරාග මාණික්‍යන්ගෙන් නිර්මිත එම ප්‍රාකාරයට පසුව පද්මරාග රත්නයන්ගෙන් නිර්මිත දසවන ප්‍රාකාරය පවති. එහි වාසය කරන්නේ සිව්සැට කාලාවන් වන අතර ඒ සෑම කලාවක් සඳහාම වෙන වෙනම ලෝක බැගින් තිබේ. ඔවුන් සෑම දෙනෙක්ගේම මුහුණු ඉතාමත් බියකරුය. සෑම කලාවකටම සහස්‍ර දහසක සෙනාව බැගින් සිටී. එම කලාවන් වන්නේ '''පිංගලාක්ශී, විශාලක්ශී, සමෘද්ධි, වෘද්ධි, ශ්‍රද්ධා, ස්වාහා, ස්වධා, මායා, ස්මඥා, වසුන්ධරා, ත්‍රීලොකධාත්‍රී, සාවිත්‍රී, ගායත්‍රී, ත්‍රිදශෙශ්වරී, සුරූපා, බහුරූපා, ස්කන්ධමාතා, අච්යුතප්‍රියා, විමලා, අමලා, අරුණී, ආරුණී, ප්‍රකෘති, විකෘති, ස්‍රිෂ්ටි, ස්ථිති, ස්මහෘති, සන්ධ්‍යා, මාතා, සතී, හම්සී, මර්දිකා, වජ්රිකා, පරා, දේවමාතා, භගවතී, දේවකී, කමලාසනා, ත්‍රිමුඛී, සප්තමුඛී, සුරාසුරවිමර්ධිනී, ලම්බොස්තී, ඌර්ධ්වකේශී, බහුශීර්ෂා, වෘකොදරී, රතරෙඛාවයා, ශෂිරෙකා, ගගණවෙගා, පවනවෙගා, භුවනපාලා, මදනාතුරා, අනංගා, අනංගමතනා, අනංගමෙඛලා, අනංගකුසුමා, විශ්වරූපා, සුරාදිකා, ක්සයංකරී, අක්ශෝභ්‍යා, සත්‍යවාදිනී, බහුරූපා, ශුචිව්‍රතා, උදාරා සහ වාගීසී යන දේවීන්ය.''' ඉන්පසු තිබෙන්නේ ගෝමේධ මාණික්‍යන්ගෙන් නිර්මිත එකලොස්වන ප්‍රාකාරයයි. මෙහි වාසය කරනු ලබන්නේ විවිධ අස්ත්‍ර ශස්ත්‍ර දරා සිටින දෙවඟනගේ දෙතිස් මහා ශක්තීන් වන '''විද්‍යා , හ්‍රී, පුෂ්ඨි, ප්‍රඥා, සිනිවාලි, කුහූ, රුද්‍රා, වීර්‍යා, ප්‍රභා, නන්දා, පොශාණි, රිධිදා, ශුභා, කාලරාත්‍රි, මහා රාත්‍රි, බද්‍රකාලි, කපර්ධිනි, විකෘති, ධන්ඩි, මුණ්ඩිනි, සෙන්ධුකන්ධා, ශිකන්ධිණි, නිශුම්භශුම්භමතනී (කෞශිකි), මහිශාසුරමර්ධිනි, ඉන්ද්‍රානි, රුද්‍රානි, ශංඛරාර්ධශාරීරිණී, නාරී, නිරායනී, ත්‍රීශූලිණි, පාලිණි, අම්භිකා සහ හ්ලාධිනි''' යන දේවීන්ය. ඔවුන් සියල්ලගේම පෙනුම ඉතාමත් භයංකර මෙන්ම ඔවුන් ජිවින්ගේ පාපි ක්‍රියාවන් විනාශ කරන්නීය. සෑම අයෙක්ටම දිගු දිවක් පිහිටා තිබෙන්නේය. එම දේවින් සියල්ලෝටම සමස්ථ විශ්වයන් සියල්ල එකවර විනාශ කිරීමේ හැකියාව ඇත්තාය.
25 පේළිය:
 
===චින්තාමණී ගෘහය===
දේවි ලෝකයේ බින්දු ස්ථානය හෙවත් සර්වබලධාරී දෙවඟනගේ ස්ථානය වන්නේ ශ්‍රී දේවිය වාසය කරන චින්තාමණි රත්නයන්ගෙන් නිර්මිත මන්දිරයයි. මෙහි එක්දහස් එකසියක් පමණ අලංකාර ස්ථම්භයන් දක්නට ලැබන අතර ඇතැම් ඒවා සූර්‍යකාන්ත මාණික්‍යන්ගෙන්ද, චන්ද්‍රකාන්ත මාණික්‍යන්ද, ඇතැම් ස්ථම්භ විද්යුත්කාන්ත රත්නයන්ගෙන්ද නිර්මිතය. මෙය මූල ප්‍රකෘති ශ්‍රී දේවියගේ රාජ මන්දිරය වන අතර සියලු ස්ථානයන්ගේ සර්ව උත්තරීතර ස්ථානය වන මෝක්ෂයේ ස්ථානයයි. මෙම මන්දිරය තුළ ප්‍රධානව '''ශෘංගාර මණ්ඩපය, මුක්ති මණ්ඩපය, ඥාන මණ්ඩපය සහ ඒකාන්ත මණ්ඩපය''' ලෙසින් ස්ථම්භ දහස බැගින් යුක්ත මණ්ඩප සතරක් තිබේ. ඒ එක් එක් මණ්ඩපයන්හී ආලෝකය සූර්‍යන් කෝටියකගේ රශ්මිය හා සමානය.
 
== ආශ්‍රේයයන් ==
"https://si.wikipedia.org/wiki/මණිද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි