"මණිද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
13 පේළිය:
ඉන්පසුව තිබෙන්නේ ඉන්ද්‍රනීල මාණික්‍යයන්ගෙන් නිර්මාණය වුණු තවත් ප්‍රාකාරයකි. ඒ තුළ ඉන්ද්‍රනීල මාණික්‍යන්ගෙන් නිර්මිත නිවාස සහ මාර්ග තිබේ. එමෙන්ම එහි ඉතා විශාල පද්මයක් මධ්‍යයේ සර්වබලධාරී දෙවඟනගේ ශක්තින් 16 වාසය කරයි. එනම්, '''කරාලි, විකරාලි, උමා, සරස්වති, ශ්‍රී දුර්ගා, ඌශා, ලක්ශ්මි, ශෘතී, ස්මෘති, දෘති, ශ්‍රද්ධා, මේධා, මතී, කාන්ති සහ ආර්‍ය''' ලෙසයි. මේ සියල්ල අන් කිසිවක් දේවියගේම විවිධ විවිධ ශක්ති ප්‍රභේදයන්ය. ඉන්පසුව තිබෙන්නේ මුතු වලින් නිර්මාණය වුනු පහළොස්වන ප්‍රාකාරයයි. ඒ තුල සිටින්නෙ දේවියගේ අශ්ඨ ශක්තින් වන අ'''නංගකුසුමා, අනංගකුසුමාතුරා, අනංගමධනා, අනංගමධමාතුරා, භුවනපාලා, ගගණවෙගා, ශෂිකේහා සහ ගගණරෙඛා යන දේවීන්ය.''' මේ සියලු ශක්තීන් ඉතාමත් ඥාණාන්විත මෙන්ම සමස්ථ විශ්වයක් තුළ සිදුවන සියලු දෑ පිළිබඳව හොඳින් දැනුවත්. ඔවුන් විසින් මහා දේවියට සෑම විශ්වයක් තුල සිදුවන සෑම ක්‍රියාවක්ම නිරන්තරයෙන් වාර්තා කරනු ලබයි.
 
ඊලඟට මරකත මාණික්‍යන්ගෙන් නිමවුනු දහසයවෙනි ප්‍රාකාරය පිහිටා තිබේ. එහි ඇතුලත තිබෙන නිවාස, මාර්ග සහ ප්‍රාකාර සියල්ලද මරකත මාණික්‍යන්ගෙන්ම නිර්මිතය. මෙහි මධ්‍යයේ ඉතා විශාල කොන් සහයක් තිබෙන යන්ත්‍ර ආකෘතියක් ඇති අතර එහි නැගෙනහිර කෝණයේ තුර්වේදය ඇතුලු සියලු පුරාණ සමඟ [[බ්‍රහ්ම]] දෙවිඳුන් සහ සියලු අවතාර සමඟ [[ගයාත්‍රිගායත්‍රී]] දේවිය වාසය කරයි. නිරිත දිග කෝණයේ සිටින්නෙ [[සරස්වතිසරස්වතී]] දේවිය සමඟින් මහා [[විෂ්ණු]] දෙවිඳුන් සමඟ එතුමාගේ දස අවතාරයි. වයඹ දිශාවේ සිටින්නෙ [[ශිව]] දෙවියන් සහ [[පාර්වතිපාර්වතී]] දේවියගේ ස්වරූපයි. ගිනිකොණ දිශාවේ වාසය කරන්නෙ [[කුවේර]] සහ [[මහාලක්ශ්මිමහාලක්ෂ්මී]] දේවියයි. බටහරි දිශාවේ වාසය කරන්නේ කාම දෙවියන් සහ රතී දෙවඟනයි. [[මහාගණපති]] දෙවිඳුන් සහ එතුමාගේ ශක්තිය වන පුෂ්ඨි දෙවඟන වාසය කරන්නේ ඊශාණ දිශාවේය.මෙහි පෙන්නුම් කරන්නේ සෑම විශ්වයකම සිටින සියලුම ප්‍රධාන දෙවියන්ගේ සමස්ථයයි. දහ හත්වෙන ප්‍රාකාරය තුල වාසය කරන්නේ පංච මහා භූතයන්ට අධිපති ශක්තීන්ය. ඉන්පසුව තිබෙන්නේ නවරත්න මාණික්‍යන්ගෙන් නිර්මිත ප්‍රාකාරයයි මෙහි නවරත්නයන්ගෙන් නිර්මිත මන්දිර තුළ දසමහාවිද්‍ය ස්වරූප මෙන්ම එවායේ උප ස්වරූප වෙන් වෙන් වශයෙන් වාසය කරයි. සමස්ගථයක් ලෙස ගත්විට දෙවඟනගේ ස්වරූප කෝටි 7ක් පමණ මෙහි වෙන් වෙන් වශයෙන් වාසය කරනු ලබයි. බහිරවයන් විසින් ආරක්ෂා කරනු ලබන ඉතා විශාල කුළුනු දහස් ගණනකින් යුත් විශාල මැදුරක් මෙහි තිබෙන අතර එහි මධ්‍යයේ සූසැට යෝගිනියන් පිරිවරමින් ඉතා දිව්‍යමය කේසරයන් දහසකින් යුක්ත සිංහාසනයක විරාජමානව සිටින්නේ විශ්වයේ ආදි [[මහාවිද්‍යා]]ව වන ශ්‍රී [[මහාකාලි]] දේවියයි. ඇයගේ වාහනය ලෙස ශිව දෙවියන්ගේ අප්‍රාණික සිරුර බිම වැතිරී සිටින අතර දේවියගේ ස්වාමියා වන ශ්‍රී [[මහාකාල]] ඇයගේ දකුණු පසින් වැඩ සිටී. ඔවුන් දෙදෙනාගේ ස්වරූපය රෞද්‍ර සේම අඳුරුය.
 
== ආශ්‍රේයයන් ==
"https://si.wikipedia.org/wiki/මණිද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි