"මණිද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:ශෘංගාර මණ්ඩපය මණිද්වීපය.jpg|alt=|thumb|211x211පික්|'''මණිද්වීපයේ ශෘගාර මණ්ඩපය තුළ භුවනේශ්වරී දේවිය උදෙසා දෙවි දේවතාවුන් ස්තෝත්‍ර ගායනා කිරීම''']]
මණිද්විපය යනු හින්දු ධර්මයට අනුව විශ්වීය තල වලින් උත්තරිතම තලය වන මෝක්ෂයේ තලයයි. දේවී ලෝක, දේවි ධාම, භක්ති ධාම සහ ශක්තී ධාම යනුවෙන්ද අරුත් ගන්වන්නේ මණිද්වීපයයි. පුරාණ ග්‍රන්ථයන්ට අනුකූලව [[ආදි පරාශක්ති]] දේවියගේ නිවහන වන අතර එය සියලු ලෝකයන්ට වඩා උසස් වන හෙයින් ''සර්වලෝක'' ලෙසින් හඳුන්වයි. සමස්ථ විශ්වයන්හී උච්චතම ස්ථානය මෙන්ම [[ක්‍රිෂ්ණ]] ලෝකය, [[වෛකුන්තය]],[[කෛලාශය]], බ්‍රහ්ම ලෝකය සහ මහා විශ්වය මෙයට පහලින් පිහිටයි. මණිද්වීපයෙහි ඡායාව මහා විශ්ව ගර්භයට පතිත වන්නේය. මණි යනු මැණික් වේ. මණිද්විපය යනු මාණික්‍යන් ගෙන් නිර්මාණය වූ දිවයිනයි. සමස්ථ ජිවාත්මයන්ගේ මාතාව වන [[ආදි පරාශක්ති]] දෙවියගේ නිවාසය මෙය වන අතර නිර්මාණ ක්‍රියාවලියේදි එතුමිය තම ස්වකීය ඉච්ඡාවන් පරිදි මෙම ද්වීපය නිර්මාණය කරන ලදි. සර්වබලධාරි දෙවඟනගේ සමස්ථ දසමහාවිද්‍ය ස්වරූපයන් ඇතුළු සමස්ථ ස්වරූපයන් මෙහි වාසය කරන අතර ඇය සමඟ පරාශිව දෙවිඳුන්ගේ ඊට අනුරූප ස්වරූපයන් වාසය කරන්නේය.
 
==නිරුක්තිය==
මණිද්වීපය යන්නෙහි අරුත මාණික්‍යන්ගෙන් නිර්මිත දිවයින යන්නයි. මෙම දිවයින පිහිටා ඇත්තේ අමෘතය පිරුණු සාගරයක් වන සුධ සමුද්‍රය මධ්‍යයේය. මණිද්වීපය ධාමය ඉතාම සංකීර්ණ ව්‍යහුයක් ගන්නා අතර මෙහි ආකෘතිය මහාමෙරු යන්ත්‍රය මෙන් පිහිටා ඇත. මෙහි පිටතින්ම තිබෙන්නේ දොරටු සතරක් සහිත විශාල බැම්මකි එහි සෑම දොරටුවකම ආරක්ශකයන් සියය බැගින් සිටින අතර දෙවඟන බැහැ දැකීමට විවිධ විශ්වයන්ගෙන් එන සමස්ථ දේව ගණයාගේ වාහන නවතා තිබෙන බැවින් මෙහි සෑම විටම ඉතාම කලබලකාරී ස්වභාවයක්. මෙහි ඉතා මිහිරි පැන් සහිත ළිඳවල්ද තිබේ.
 
== ආශ්‍රේයයන් ==
"https://si.wikipedia.org/wiki/මණිද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි