"දෙවන එලිසබෙත් රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
77 පේළිය:
1947 එළිසබෙත් රැජිණ [[ෆිලිප් කුමාරයා|පිලිප් කුමරු]] සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ පිලිප් කුමරු ලෙස වුවද, ජාති ප්‍රවේශනයෙන් පසු ඔහු පිලිප් මවුන්ට්බැටන් සහ එඩින්බරෝහි ආදිපාද යන නම් වලින් හඳුන්වනු ලැබීය. වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු සහ මුණුපුරන් අටදෙනකු ඇත. අටවැන්නාවූ ජේම්ස්, සෙවර්න් හි විස්කවුන්ට්වරයා උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරියට දාවය.
 
1926 වසරේ අප්‍රේල් 21 වනදා උපත ලැබූ එළිසබෙත් කුමරිය (දෙවන එලිසබෙත් රැජින) ගේ සම්පූර්ණ නම එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරී ය. ඇයගේ මාපියන් වන්නේ vi ජෝර්ජ් රජු හා එළිසබෙත් කුමරියයි. රැජිනගේ  පියා වන vi ජෝර්ජ් රජු, v ජෝර්ජ් රජුගේත් මේරී කුමරියගේත් දෙවන පුතු යි.  රැජිනට එළිසබෙත් යන නම හිමිවූයේ තම මව වන එළිසබෙත් කුමරියගෙන් වන අතර  ඇලෙක්සැන්ඩ්‍රා නම් ලැබුවේ තම සීයා වන v ජෝර්ජ් රජුගේ මවගෙනි. මේරි යන නම රැජිනට ලැබුණේ තම තම පියා වන vi ජෝර්ජ් රජුගේ මවගෙනි.
 
කිතුනු ආගමට අනුව එළිසබෙත් රැජින බෞතීස්ම කරනු ලැබුවේ ඇයගේ උපතින් දින 37කට පසු එනම්, 1926 මැයි 29 වන දින බකිංහැම් මාලිගාවේ දීය. දෙවැනි එළිසබෙත් රැජින බෞතීස්ම කරනු ලැබුවේ යෝර්ක්හි ඇන්ග්ලිකානු  අගරදගුරු කොස්මෝ හෙරඩ්න් ලෑන්ග් විසිනි.
 
'''රැජිනගේ ළමාවිය'''
{{අනු-ඇරඹුම}}
 
දෙවෙනි එළිසබෙත් රැජිනගේ එකම නැඟණිය මාග්‍රට් රෝස් කුමරියයි. ඇය උපන්නේ 1930 අගොස්තු 21 දායි. එළිසබෙත් හා මාග්‍රට් කුමරියන් දෙදෙනාම අධ්‍යාපනය හැදෑරුවේ තම මවගේ අධික්ෂණය යටතේ ගෙන්වනු ලැබු හසල දැනුමක් සහිත ගුරුවරුන්ගෙනි. භාෂාව, ඉතිහාසය, සංගීතය හා සාහිත්‍ය ඔවුන් ඉගෙනගත් විෂයන් විය. මෙදෙදෙනා අතරින් සතුන්ට වඩාත් ආදරය දක්වා ඇත්තේ එළිසබෙත් කුමරියයි. ඇයගේ ප්‍රියතම සුරතලුන් වුයේ අශ්වයන් හා සුනඛයන්ට. කුඩා එළිසබෙත් ඉතාම විනෝදකාමී සංවේදී මෙන්ම මනා හැදීයාවෙන් යුතු වුවාය. කුඩා එළිසබෙත්ගේ සුරතල් නාමය වුයේ “ලිලිබෙට්”ය. ඊට හේතු වුයේ එළිසබෙත් යන්න උච්චාරණයේදී ඇය අතින් සිදුවු වරදකි. මේ අනුව රජ පවුලේ සාමාජිකයන් සැවොම ඇය ඇමතුවේ ලිලිබෙට් යනුවෙනි. The Little princesses’ කෘතියේ එළිසබෙත් ගේ තොරතුරු රැසක්ම ඇතුළත්වේ.  {{අනු-ඇරඹුම}}
{{අනු-වංශ|වින්ඩ්සර් රාජ වංශය|12 අප්‍රේල්|1895|[[වෙටින් රාජ වංශය|වෙටින් රාජ වංශයෙ]]}}
{{අනු-රාජ}}
"https://si.wikipedia.org/wiki/දෙවන_එලිසබෙත්_රැජිණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි