"මුතියංගන චෛත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'   ''නමුණුකුලත් නමදින ලොව එකම''       ෴ '''මුක්තක ධාත...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
(වෙනසක් නොමැත)

15:03, 2 අගෝස්තු 2020 තෙක් සංශෝධනය

   නමුණුකුලත් නමදින ලොව එකම

      ෴ මුක්තක ධාතු ස්තූපය

   ගෞතම බුදු රජාණන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වෙසක් පොහොය දා පන්සියයක් රහතන් වහන්සේලා සමඟ කැළණියට වැඩම කළ අවස්ථාවේ ඉන්දික දිව්‍ය පුත්‍රයාගේ ආරාධනාවකට අනුව මුතියංගනයට වැඩම කළ සේක. වර්ථමාන මුතියංගණ සෑය පිහිටි භූමියේ නිරෝධ සමාපත්තියෙන් වැඩවුන් බුදුන් වහන්සේ තම දාඩිය බිඳු, මුතු බවට පත් කළ සේක.

   දේවානම්පියතිස්ස රජ දවස දෙතිස් ඵල බෝධියක් රෝපණය කර, මුක්තක ධාතු ( මුතු බවට පත් කළ දා බිඳු ) හා කේශ ධාතු නිදන්පිත කරමින් බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩවුන් පිංබිමේ මුතියංගනය චෛත්‍ය ඉදිකරන ලද බව බුද්ධඝෝෂ හිමියන්ගේ සමන්ත ප්‍රාසාදිකා අටුවාව හා ථූපවංශය යන මූලාශ්‍රයන් හී සඳහන් ය.

   වෙස්සන්තර ජාතකය ඇතුළත් පැතිකඩ සිතුවමක් මුතියංගණ රජමහා විහාරයේ ඇති අතර ඉඩෝර කාලය පැමිණි විට එම සිතුවම පෙරහනයකින් නමුණුකුල කඳු මුදුනට ගෙන යාමෙන් වර්ෂාව ඇති වන බව ජනප්‍රවාදයේ එන විශ්වාසයකි. ඉපැරණි චෛත්‍ය, බෝධිඝරය හා විහාරගෙය යන විහාරාංග වලින් සමන්විත මුතියංගණ රජමහා විහාරයේ මකර තොරණ ඉතා විශේෂ නිර්මාණයකි. හිඳි බුද්ධ රූපයක් හා දෙපස මොණර රූප දෙකකින් යුත් එම සුවිශේෂී මකර තොරණ වෙනයම් ස්ථානයක දකින්නට නොලැබෙන බව නම් විශ්වාස ය. එමෙන්ම මුක්තක ධාතු නිදන්පිත ලොව එකම චෛත්‍ය වන්නේ ද මුතියංගණ සෑ රජුන් ය.

   ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිටිම මහරහතුන් වැඩසිටි මුතියංගනය පිංබිම අවසන් වරට ප්‍රතිසංස්කරණය වී ඇත්තේ මහනුවර යුගයේදී ය. 1979 වසරේදී පුරාවිද්‍යා ආරක්ෂක ස්ථානයක් ලෙස නම් කරන මුතියංගනය වෙසක් පෙරහැර කාලයට බොහෝ සේ සංචාරක ආකර්ශනය දිනාගනී.

"https://si.wikipedia.org/w/index.php?title=මුතියංගන_චෛත්‍යය&oldid=456179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි