"ඉබ්බාගල රජ මහා විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
}}
'''ඉබ්බාගල රජ මහා විහාරය''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[කුරුණෑගල දිස්ත්‍රික්කය|කුරුණැගල දිස්ත්‍රික්කයේ]] පිහිටි පුරාණ [[පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය#ලෙන් විහාර|ලෙන් විහාරය]]කි. [[කුරුණෑගල]] නගරාසන්නයේ<ref name=kurunegala>{{cite web|last=|first=|title=කුරුණෑගල#රිලිජන් |url=http://kurunegala.net/religion/|accessdate=24 දෙසැම්බර් 2016|publisher=කුරුණෑගල.නෙට්|date=}}</ref> පිහිටා ඇති විහාරය ඇතාගල පර්වතයේ මධ්‍ය නිම්න ආශ්‍රිතව ගොඩනගා තිබේ.<ref name=Al>{{cite web|last=|first=|title=ඉබ්බාගල රජමහා විහාරය |url=http://amazinglanka.com/wp/ibbagala/|accessdate=24 දෙසැම්බර් 2016|publisher=අමේසිංලංකා|date=}}</ref> වර්තමානයේදී විහාරය [[ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුව|ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ස්ථානය]]ක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ.<ref name=Gaz1401/>
 
   විජය රජු විසින් පලවා හරින ලද කුවේණිය මහ වනයේ ගල් පව්වක් මත සිට ශෝකයෙන් විලාප දෙමින් ශාප කළ බවත් ඒ වටා සිටි ඇතෙක්, කුරුමිණියෙක්, ඉබ්බෙක්, එළුවෙක් සහ ආඳෙක් ගල් බවට පත් වූ බවත් ආශ්චර්යජනක පුරාවෘත්තයක් ලෙසින් ජනප්‍රවාදයට එක්වෙනවා. කුවේණිය ශාප කළ ස්ථානය කුවේණි ගල ලෙසත් ඇතාගල, කුරුමිණියාගල, ඉබ්බාගල, එළුගල හා අඳාගල එකම ස්ථානයක කුරුණෑගල ප්‍රදේශයේ දැකගත හැකිය.
 
   දෙවනි බුවනෙකබාහූ රජු 1293 දී යාපහුවේ පැවති රාජධානිය මුහුදු මට්ටමේ සිට මීටර් 116ක උසින් පිහිටන මීටර් 316ක් උස ඇතුගල පාමුල පිහිටුවා දන්ත ධාතුව ද කුරුණෑගලට වැඩම වූ බව මහාවංසයේ සඳහන්. දළදා මැඳුරේ වතාවත් සිදු කළ සංඝයන් වහන්සේලාගේ ආවාස පහසුව උදෙසා ඉබ්බාගල අසල ගල් ලෙන් නිර්මාණය කර තිබෙනවා.
 
   බුවනෙකබාහූ රජුගේ වයෝවෘද්ධ මෑණියන්ට සිරිපා වන්දනාවට මහත් ආසාවක් ඇති වී ඇති අතර ඇය සිටින රෝගී බව හේතුවෙන් ඇයව දුර බැහැර එම වන්දනාව සඳහා පිටත් කිරීමට රජු අකමැති බැවින් සිරිපා අනුරුවක් ඉබ්බාගල රජමහා විහාරයේ නිර්මාණය කර මෑණියන්ගේ අවශ්‍යතාව සංසිදවූ බව ජනප්‍රවාදයේ සඳහන්. බුවනෙකබාහූ රජු විසින් ඉබ්බාගල රජමහා විහාර භූමියේ පිළිම ගෙයක් සහ දාගැබක් ද තනවා විහාරයේ නඩත්තුව උදෙසා ගම්වර පූජාවක් ද සිදුකර ඇති අතර කුරුණෑගල යුගයට අයත් සිතුවම්, නිර්මාණ හා මහනුවර යුගයේදී සිදු වූ යම් යම් ප්‍රතිශක්තිකරණ අද ද දැකගත හැකිය.
 
   කොළඹ සිට කිලෝමීටර් 84ක් දුරින් පිහිටි වයඹ පළාත් සභා ගොඩනැගිල්ල පිටුපස බුවනෙකබාහූ රාජ මාළිගය හා කුරුණෑගල දළදා මැඳුරේ නටබුන් බොහෝමයක් පවතින අතර නව ඉදිකිරීම් හේතුවෙන් බොහෝ ඓතිහාසික සාධක විනාශ වී ගොසිනි. වයඹ පළාත් සබා ගොඩනැගිල්ල අසලින් ඇතුගලට යන මාර්ගයේ මීටර් 100ක් පමණ ගිය තැන හමුවන ඉබ්බාගල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ස්ථානයක් ලෙස නම් කර තිබුණ ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ බවක් නම් පෙනෙන්නට නැහැ.
 
   ඉබ්බාගල රජමහා විහාරය තුළ මෙන්ම අවට පරිසරය තුළත් පවතින අයස්කාන්තය, අවට වැව් හා කඳු පර්වත අතරින් මවෙන අපූරු දර්ශන සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත් ය. අපේ රටට නොයෙක් යුගයන්හි දී උරුමව ඇති මෙම පෞඩත්වය අද දවසේ රජයේ සෘජු මැදිහත් වීමෙන් සංරක්ෂණය කිරීමක් සිදු නොවන්නේ නම් හෙට දවසේ අහිමිව යන්නේ උදම් ඇනීමට ඉතිහාසයක් පමණක් නොව බොහෝ ආර්ථික වාසි සපයන සංචාරක ආකර්ශනයන් කිරීමට හැකි උරුමයන්ය.
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/455993" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි