"ශිව දෙවියන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
3 පේළිය:
[[බ්‍රහ්ම]], [[විෂ්ණු]] සහ ශිව යන හින්දු ත්‍රී මූර්තිය තුළ ශිව දෙවියන්ව "විනාශකරන්නා" යනුවෙන් හැඳින්වෙයි. ශෛව සම්ප්‍රදායට අනුව ශිව විශ්වය නිර්මාණය කරයි, සුරැකීම හා පරිවර්තනය ද කරයි. ශක්ති වාදය නම් වූ හින්දු ආගමික සම්ප්‍රදායේ දී, ආදිපරාශක්ති නම් වූ දේවතාවිය හෝ [[දේවී|දේවි]] ශ්‍රේෂ්ඨ ලෙස විස්තර කර ඇති නමුත් ශිව දෙවියන් ගෞරවයට පාත්‍ර වී ඇත.
 
ශෛව ආගමට අනුව, ශිව විශ්වයේ උසස්ම, සීමාරහිත වන, නොවෙනස් වන බ්‍රහ්ම සහ විශ්වයේ පරම ආත්මය වේ. ශිව දෙවියන්ගේ කරුණාවන්ත කම මෙන්ම භයානක කම ගැන ද බොහොමයක් කතාන්දර තිබේ. ගුණවත් අංශ ගැන සැලකීමේදී, ඔහු සර්වඥාන ලෙස විස්තර කර ඇත. යෝගි.යෝගී වරයෙක් වන එතුමා කෛලාශ කන්දේ වැඩ සිටී. ශිව දෙවියන්ගේ බිරිඳ [[පාර්වතී]] සහ ඔහුගේ දරුවන් දෙදෙනා, ගනේෂ සහ [[මුරුගන් දෙවියෝ|කාර්තිකේය]] වේ. ඔහුගේ දරුණු පැතිවලින් ඔහු නිරන්තරයෙන්ම දුෂ්ටාත්මයන් දුරු කරයි. ශිව යනු [[යෝග|යෝගා]], [[භාවනා|භාවනාව]] සහ කලාව යන දේවල් වලට අධිපති දෙවියා ලෙස සලකනු ලබන නිසා අධියෝගී ශිව ලෙස ද හඳුන්වයි.
 
ශිව දෙවියන්ගේ ගෙළ වටා නාගයෙකු සිටින අතර අඩ සඳ හිසේ පළඳී, ශුද්ධ වූ ගංගා නම් ගඟ ඔහුගේ හිස කෙස් අතරින් ආරම්භ වේ. [[තෙවන ඇස|තුන්වන ඇසක්]] ඔහුගේ නළල මත පිහිටා ඇත. ත්‍රිශුලය ඔහුගේ ආයුධය වේ. නිමින්ද අල්විස්.
 
== ව්‍යවහාරය සහ වෙනත් නම් ==
"https://si.wikipedia.org/wiki/ශිව_දෙවියන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි