"ක්‍ෂුද්‍රජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Reverted to revision 436841 by Lee: rm vandal. (TW)
20 පේළිය:
1676 වර්ෂයේදී ඇන්ටන් වෑන් ලියුවන් හූක් ඔහු විසින්ම නිෂ්පාදනය කරන ලද තනි කාචයකින් සමන්විත අන්වීක්ෂයකින් බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන ලදී.ප්‍රථම වරට ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනය කරනු ලැබුවේ ඇන්ටන් වෑන් ලියුවන් හූක් ලෙස සඳහන් වුවද, ප්‍රථම වරට ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව අන්වීක්ෂීය නිරීක්ෂණය සිදුකර වාර්තා කරනු ලැබුවේ රොබට් හූක් විසින්1665 වර්ෂයේදීය.මෙහිදී ඔහු විසින් අංකුරනය වන දිලීර පිළිබඳව නිරීක්ෂණය කරන ලදී.
 
ප්‍රථම වරට අණ්වීක්ෂයක් තුලින් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කිරීම පිළිබඳව ගෞරවයට පාත්‍ර වන්නේ ඕලන්දයේ ඩෙල්ෆ්ට් හි විසූ ලන්දේසි ජාතික රෙදිපිළි වෙළෙන්දෙකු වූ ඇන්ටන් වෑන් ලියුවන් හූක් ය.කෙසේ වුවද ප්‍රථමයෙන් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරනු ලැබුවේ රෝමානු කතෝලික පූජකයෙකු වූ ඇතනාසියස් කර්වර් බවටද අදහසක් පවතී.ප්‍රක්ෂේපනයන් සඳහා වූ මැක් ලන්තෑරුම නිපදවීමේදී පුරෝගාමියෙකු ලෙස ලෙස ක්‍රියා කල මොහුට කාච වල ගතිගුණ පිළිබඳ මනා දැනුමක් විය.ඔහු විසින් රචිත එක් ග්‍රන්ථයක ස්වභාවධර්මයේ වූ වස්තුන්ගේ ආශ්චර්යමත් ව්‍යුහයන් අන්වීක්ෂයෙන් විමර්ශනය කිරීම යනුවෙන් ලතින් භාෂාවෙන් වූ පරිච්ඡේදයක් අන්තර්ගත වේ.එම පරිච්ඡේදයේදී ඔහු විසින් සඳහන් කර ඇත්තේ "මෙපමණ විශාල ප්‍රමාණයක් පණුවන් විනාකිරි සහ කිරි වල අඩංගු වන බව කිසිවෙකු විශ්වාස කරයිද ?" යනුවෙනි.එසේම උණු වී යන ද්‍රව්‍ය තුල බඩගා යන ක්ෂුද්‍ර ජීවීන් විශාල ප්‍රමණයක් සිටින බව ඔහු විසින් සඳහන් කරන ලදී.
 
19වනි ශතවර්ෂයේදි ෆර්ඩිනන්ඩ් කෝන් නම් උද්භිද විද්‍යාඥයා විසින් බැක්ටීරියා විද්‍යාව(පසුව ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේ කොටසක් බවට පත් විය) සොයගන්නා ලදී.ඔහු සතුව තිබු ඇල්ගි සහ ප්‍රභාසංශ්ලේෂක බැක්ටීරියා පිළිබඳ දැනුම තවත් බැක්ටීරියාවන් වන බැසිලස් සහ බෙගිඅටෝආ වන් පිළිබඳ විස්තර කිරීමට ඉවහල් විය.බැක්ටීරියා ක්‍රමවත් ලෙස වර්ගීකරණය කිරීම සහ බීජාණු සොයාගැනීම ප්‍රථම වරට සිදු කරනු ලැබුවේ කෝන් විසින්ය.ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේ පියා වන [[ලුවී පාස්චර්]] සහ වෛද්‍ය ක්ෂුද්‍ර ජීවි විද්‍යාවේ පියා වූ රොබට් කොක් කෝන්ගේ සමකාලිනයෝ වන අතර පාස්චර් වඩාත් ප්‍රසිද්ධ වූයේ ඔහු විසින් ස්වංසිද්ධ ජනනය අසත්‍ය බව පෙන්වීමට සිදු කරන ලද පරීක්ෂණ මාලාව නිසාය.මෙම පරීක්ෂණ වල ප්‍රථිඵලයක් ලෙස ක්ෂුද්‍ර ජීවි විද්‍යාවද ජීව විද්‍යාවක් ලෙස සැලකීමට සිදුවිය. පාස්චර් විසින් ආහාර කල් තබා ගැනීම(පැස්ටරීකරණය ) සඳහා ක්‍රම සැලසුම් කරනු ලැබූ අතර ඔහු විසින් ඇන්ත්‍රැක්ස්,කොලරාව සහ ජලභීතිකාව යන රෝග සඳහා එන්නත් සොයා ගන්නා ලදී.කොක් වඩාත් ප්‍රසිද්ධ වූයේ විශේෂිත රෝග වලට හේතු වන්නේ විශේෂිත වූ ක්ෂුද්‍ර ජීවීන් බව සොය ගැනීමෙනි.කෝක් විසින් "කෝක්ගේ උපකල්පන" ලෙස හැඳින්වෙන වර්ගීකරණ ශ්‍රේණියක්ද හඳුන්වාදෙන ලදී.නුමුහුම් රෝපණයකින් බැක්ටීරියාවන් වෙන්කරගන්නා ලද ප්‍රථම විද්‍යාඥයින් අතරට කෝක්ද ඇතුලත්ය.එමෙන්ම ඔහු විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාවක් වූ ''Mycobacterium tuberculosis'' බැක්ටීරියාව සොයා ගන්නා ලදී.
"https://si.wikipedia.org/wiki/ක්‍ෂුද්‍රජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි