"ක්‍ෂුද්‍රජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Reverted to revision 436841 by Lee: rm vandal. (TW)
10 පේළිය:
== ඉතිහාසය ==
=== අතීතය ===
මීට ශත වර්ෂ ගනණාවකට පෙර එනම් ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ සත්‍ය වශයෙන්ම අනාවරණයට පෙර ඔවුන්ගේ පැවැත්ම උපකල්පන මත රඳා පැවතුනි.ක්‍රි.ව.6 වන ශතවර්ෂය මුල් භාගයේදී ඡෛන ආගමික මහාවීර විසින් ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම පිළිබඳ ඉගැන්වීම් කරන ලදී.පෝල් ඩන්ඩස් විසින් විස්තර කරන පරිදි මහාවීර විසින් ස්ථිර වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ අදෘශ්‍යමාන ක්ෂුද්‍ර ජීවීන් පෘථිවියේත්, ජලයේත්, වායුගෝලයේ සහ ගින්දර තුලත් ජීවත් වන බවය.ජේන් ස්ක්‍රිප්චර්ස් විස්තර කරන පරිදි නිගොඩාස් යනු අණ්වීක්ෂයට හසු නොවන පොකුරු වශයෙන් ජීවත් වන කෙටි ආයු කාලයක් සහිත ප්‍රාණීන් වන අතර මොවුන් ශාක සහ සත්ව පටක ඇතුඵව විශ්වයේ සෑම තැනකම ජීවත් වේ.රෝමානු ජාතික මාර්කස් ටෙරෙන්ටියෙස් වැරෝ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව අධ්‍යනය කොට පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ප්‍රාණීන් මඩවගුරු අශ්‍රිතව බෝවන බැවින් එවන් ස්ථාන මනුෂ්‍ය වාසයට නුසුදුසු බව පෙන්වා දී ඇත.
 
වසංගත රෝග ආසාධනයට සහ පැතිරීයාමට හේතුවන්නේ ගුණනය වන ජීවී ඒකක ඍජුවම හෝ වක්‍රව සිදුකරන බලපෑම් මඟින් හෝ ඔවුන්ගේ ඈතට පැතිර යෑමේ හැකියාව මඟින් බව 1546 දී ගිරොලැමෝ ෆැරැකැස්ටෝරෝ විසින් ප්‍රකාශ කරන ලදී.
20 පේළිය:
1676 වර්ෂයේදී ඇන්ටන් වෑන් ලියුවන් හූක් ඔහු විසින්ම නිෂ්පාදනය කරන ලද තනි කාචයකින් සමන්විත අන්වීක්ෂයකින් බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන ලදී.ප්‍රථම වරට ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනය කරනු ලැබුවේ ඇන්ටන් වෑන් ලියුවන් හූක් ලෙස සඳහන් වුවද, ප්‍රථම වරට ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව අන්වීක්ෂීය නිරීක්ෂණය සිදුකර වාර්තා කරනු ලැබුවේ රොබට් හූක් විසින්1665 වර්ෂයේදීය.මෙහිදී ඔහු විසින් අංකුරනය වන දිලීර පිළිබඳව නිරීක්ෂණය කරන ලදී.
 
ප්‍රථම වරට අණ්වීක්ෂයක් තුලින් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කිරීම පිළිබඳව ගෞරවයට පාත්‍ර වන්නේ ඕලන්දයේ ඩෙල්ෆ්ට් හි විසූ ලන්දේසි ජාතික රෙදිපිළි වෙළෙන්දෙකු වූ ඇන්ටන් වෑන් ලියුවන් හූක් ය.කෙසේ වුවද ප්‍රථමයෙන් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරනු ලැබුවේ රෝමානු කතෝලික පූජකයෙකු වූ ඇතනාසියස් කර්වර් බවටද අදහසක් පවතී.ප්‍රක්ෂේපනයන් සඳහා වූ මැක් ලන්තෑරුම නිපදවීමේදී පුරෝගාමියෙකු ලෙස ලෙස ක්‍රියා කල මොහුට කාච වල ගතිගුණ පිළිබඳ මනා දැනුමක් විය.ඔහු විසින් රචිත එක් ග්‍රන්ථයක ස්වභාවධර්මයේ වූ වස්තුන්ගේ ආශ්චර්යමත් ව්‍යුහයන් අන්වීක්ෂයෙන් විමර්ශනය කිරීම යනුවෙන් ලතින් භාෂාවෙන් වූ පරිච්ඡේදයක් අන්තර්ගත වේ.එම පරිච්ඡේදයේදී ඔහු විසින් සඳහන් කර ඇත්තේ "මෙපමණ විශාල ප්‍රමාණයක් පණුවන් විනාකිරි සහ කිරි වල අඩංගු වන බව කිසිවෙකු විශ්වාස කරයිද ?" යනුවෙනි.එසේම උණු වී යන ද්‍රව්‍ය තුල බඩගා යන ක්ෂුද්‍ර ජීවීන් විශාල ප්‍රමණයක් සිටින බව ඔහු විසින් සඳහන් කරන ලදී.
 
19වනි ශතවර්ෂයේදි ෆර්ඩිනන්ඩ් කෝන් නම් උද්භිද විද්‍යාඥයා විසින් බැක්ටීරියා විද්‍යාව(පසුව ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේ කොටසක් බවට පත් විය) සොයගන්නා ලදී.ඔහු සතුව තිබු ඇල්ගි සහ ප්‍රභාසංශ්ලේෂක බැක්ටීරියා පිළිබඳ දැනුම තවත් බැක්ටීරියාවන් වන බැසිලස් සහ බෙගිඅටෝආ වන් පිළිබඳ විස්තර කිරීමට ඉවහල් විය.බැක්ටීරියා ක්‍රමවත් ලෙස වර්ගීකරණය කිරීම සහ බීජාණු සොයාගැනීම ප්‍රථම වරට සිදු කරනු ලැබුවේ කෝන් විසින්ය.ක්ෂුද්‍ර ජීවී විද්‍යාවේ පියා වන [[ලුවී පාස්චර්]] සහ වෛද්‍ය ක්ෂුද්‍ර ජීවි විද්‍යාවේ පියා වූ රොබට් කොක් කෝන්ගේ සමකාලිනයෝ වන අතර පාස්චර් වඩාත් ප්‍රසිද්ධ වූයේ ඔහු විසින් ස්වංසිද්ධ ජනනය අසත්‍ය බව පෙන්වීමට සිදු කරන ලද පරීක්ෂණ මාලාව නිසාය.මෙම පරීක්ෂණ වල ප්‍රථිඵලයක් ලෙස ක්ෂුද්‍ර ජීවි විද්‍යාවද ජීව විද්‍යාවක් ලෙස සැලකීමට සිදුවිය. පාස්චර් විසින් ආහාර කල් තබා ගැනීම(පැස්ටරීකරණය ) සඳහා ක්‍රම සැලසුම් කරනු ලැබූ අතර ඔහු විසින් ඇන්ත්‍රැක්ස්,කොලරාව සහ ජලභීතිකාව යන රෝග සඳහා එන්නත් සොයා ගන්නා ලදී.කොක් වඩාත් ප්‍රසිද්ධ වූයේ විශේෂිත රෝග වලට හේතු වන්නේ විශේෂිත වූ ක්ෂුද්‍ර ජීවීන් බව සොය ගැනීමෙනි.කෝක් විසින් "කෝක්ගේ උපකල්පන" ලෙස හැඳින්වෙන වර්ගීකරණ ශ්‍රේණියක්ද හඳුන්වාදෙන ලදී.නුමුහුම් රෝපණයකින් බැක්ටීරියාවන් වෙන්කරගන්නා ලද ප්‍රථම විද්‍යාඥයින් අතරට කෝක්ද ඇතුලත්ය.එමෙන්ම ඔහු විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාවක් වූ ''Mycobacterium tuberculosis'' බැක්ටීරියාව සොයා ගන්නා ලදී.
35 පේළිය:
== ක්ෂේත්‍ර ==
 
ක්ෂුද්‍ර [https://anumaana.com/courses/al-biology/ ජීවී විද්‍යාව] පහත සඳහන් ක්ෂේත්‍ර වලට බෙදා දැක්විය හැක.
 
 
42 පේළිය:
* ක්ෂුද්‍ර ජීවීන්ගේ ජාන ව්‍යුහය :-ක්ෂුද්‍ර ජීවීන්ගේ සෛල ක්‍රියාකාරිත්වය කෙරෙහි ජාන ව්‍යුහයේ සැකැස්ම සහ ජාන නියාමනය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.මෙම ක්ෂේත්‍රය අණුක ජීව විද්‍යාවටද සම්බන්ධ වේ.
 
* සෛලීය ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-[https://anumaana.com/lessons/%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb-%e0%b6%a2%e0%b7%93%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b7%80/ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව] සහ සෛල ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යන ක්ෂේත්‍රයකි.
 
* වෛද්‍ය ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් මිනිසාට ඇතිවන රෝග පිළිබඳව මෙන්ම වසංගත රෝග සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳව මෙහිදී අධ්‍යනය කරනු ලැබේ.රෝග ව්‍යාධි විද්‍යාව සහ ප්‍රතිශක්ති විද්‍යාව යන ක්ෂේත්‍ර සමග සම්බන්ධතාවයක් දක්වයි.
63 පේළිය:
(රෝග පාලනය සහ වැලැක්වීම මත පදනම් වන රැකියා අවස්ථා බොහොමයක් සඳහා ක්ෂුද්‍ර ජීව විද්‍යාව ආශ්‍රිත උපාධියක් අවශ්‍ය වේ.)
 
* පාංශු [https://anumaana.com/lessons/%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb-%e0%b6%a2%e0%b7%93%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b7%80/ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව] :-පසේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනයයි.
 
* ජලජ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව :-ජලයේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යනයයි.
"https://si.wikipedia.org/wiki/ක්‍ෂුද්‍රජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි