"ශ්‍රී ලංකාවේ දියඇලි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
new pic
28 පේළිය:
{{Clear}}
===[[රම්බොඩ ඇල්ල]]===
[[ගොනුව:RambodaSL waterNuwaraEDistrict asv2020-01 img08 Lower Ramboda fallsFalls.jpg|90px|thumb|right]]
මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටා ඇත. උස මීටර් 109 ක් පමණ වේ. කොත්මලේ ඔයේ අතු ගංගාවක් වන පන්න ඔයෙන් හට ගනියි.
{{Clear}}
40 පේළිය:
{{Clear}}
===[[දුන්හිඳ ඇල්ල]]===
[[ගොනුව:SL Badulla asv2020-01 img24 Dunhinda Falls.jpegjpg|100px|thumb|right]]
බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මීටර් 63 පමණ උසය. බදුලු ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි. කඳුමුදුනේ සිට පහලට වැටෙන ජල බිඳු ගල් කුලවල හැපි වාතය සමග මුසුව මීදුමක් සේ විසිරෙන බැවින් මී‍ට, දුම්හිඳ නම ලැබුණු බවත් පසුව කටවහරේ දී දුන්හිඳ ‍ලෙස නම ලැබුණු බවත් පැවසේ. කාලයාගේ ඇවෑමෙන් සිදු වු භූ ගෝලීය විපර්යාසයක් නිසා හෝ බදුලු ඔයේ ගමන් මග වෙනස්වී‍ම තුළ මෙම ඇල්ල නිර්මාණය වන්නට ඇත.
{{Clear}}
===රාවණා ඇල්ල===
[[ගොනුව:RawanaSL Ella asv2020-01 img01 Ravana Falls.jpg|100px|thumb|right]]
සුන්දරත්වයෙන් පරිපූර්ණ රාවණා ඇල්ල, ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගමන් කරනවිට හමුවන සොබාදහමේ විශිෂ්ඨ නිර්මාණයකි. මෙකී සුන්දරත්වය හා සබැදි පුරාවෘත්ත රාශියකුත් ඇත. එයින් රාවණා රජු සම්භන්ධ කතා පුවත් රැසකි.
වාල්මිකී විසින් රචිත රාමායණයේ කියැවෙන රාම - රාවණා කතා පුවතත් සමග මෙම අලංකාර දිය ඇල්ලත් සම්බන්ධතාවයක් පවතී. රාවණා රජතුමා විසින් සීතා කුමරිය රැගෙන විත් රදවා තැබුවායි සැළකෙන්නේ පෙර කී රාවණා ඇල්ල සමීපයේය. ඒ පිළිබද ඕනෑ තරම් ජනප්රනවාද අප අසා ඇත. සීතා කුමරිය රැගෙන විත් ආරක්ෂා සහිතව රදවා තැබීමට සුදුසුම ප්‍රදේශය ලෙස රාවණා රජු මෙම රාවණා ඇල්ල අවට තෝරා ගත් බව පෙනෙයි. එයට සාධකයක් ලෙස රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරය ( මෙම විහාරය ක්රි .පූ. 2 සියවසේ දී වළගම්බා රජු විසින් කරවන ලද්දකි ) ආසන්නයේ පිහිටා ඇති රාවණා ගුහාව පෙන්වා දිය හැක. මෙම රාවණා ගුහාව, රාවණා රජු විසින් සීතා කුමරිය රදවා තැබූ ගුහාව යැයි ජනවහරේ කියැවේ.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_දියඇලි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි