"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අසමත් වේ
අනුව
9 පේළිය:
 
==මූලික උගැන්වීම්==
<blockquote>'''“සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධානුසාසනං.“'''</blockquote><blockquote>'''''සියලු පවින් වැලකුමත් - කුසලයෙහි යෙදීමත්, සිත දමනය කිරීමත් - බුද්ධ අනුසාසනයයි.'''''</blockquote>මේ ජීවිත පැවැත්ම තුළ පවතින, එහෙත් අපට පියවි ඇසට නොපෙනෙන අනතුරක් බුදු හිමියන්ගේ නුවණැසට හසු විය. එනම් සසර ගමන තුළ අපට නොයෙක් [[ලෝකය(බුදු දහම)|ලෝකවල]] ඉපදෙන්නට සිදු වන බවයි. මිනිස් ලොව හැරුන විට, තිරිසන් ලෝකය වැනි අපට ගෝචරවන තැන්වලත්; ප්‍රේත ලෝකය, නිරය, දිව්‍ය ලෝක ආදී අපට හසු නොවන තැන්වල ද ඉපදීමට සිදු වෙයි. සසර පැවැත්මේ ඇති අවදානම එහි ඇති අනාත්ම (තමාගේ වසඟයේ පැවැත්විය නො හැකි) ස්වභාවයත්; එනිසා ම නිරය වැනි ඒකාන්තයෙන්ම දුක් සහගත ලෝක මඟ හැර සිටීමේ නොහැකියාවත් ය.
 
කුමණ ලෝකයක ඉපදුනත්, ඉපදීම තුළින් බහුල වශයෙන් ලැබෙන්නේ වයසට යාම(ජරා රෝගෝ දුක්ඛෝ), කැමති දේ නොලැබීම වැනි දුක් ගොඩක් බව බුදු හිමියන් පෙන්වා දෙයි. මනුෂ්‍ය ලෝකයේ සැප දුක් මිශ්‍ර තත්ත්වයක් මතුවී පෙනුනත්, අප ජීවිත නිරන්තරයෙන්ම වෙනස්වන ස්වභාවයට ([[අනිත්‍ය]]), ඒ නිසාම දුක් සහිත ([[දුක්ඛ]]) එලෙසම තමාට අවශ්‍ය ආකාරයට පැවැත්විය නොහැකි ([[අනාත්ම]]) ස්වභාවයෙන් යුක්ත බව, යන යතාර්ථය ගැඹුරෙන් සිතන ඕනෑම කෙනෙකුට දැක ගත හැකිය. එම දැක්ම අෂ්ඨලෝක ධර්‍මය හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය ජීවන දර්ශනයයි (නිවීමයි).
===චතුර්රාර්යචතු සත්‍යය===
{{main|චතුරාර්ය සත්‍යය}}
බරණැස් නුවර අසළ පිහිටි මෙකල සාරානාථ නමින් හඳුන්වනු ලබන ඉසිපතනයේදී තථාගතයන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි ධර්‍ම දේශනාවටම ඇතුළත් වූ චතුරාර්‍ය්‍ය සත්‍යය බුදු දහමේ හදවතය. එසේ වන්නේ බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණය අවබෝධ කර ගැනීම යනු, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමම වන බැවිනි.
20 පේළිය:
බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොවදීම ප්‍රත්‍ය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂ කළ හැකිය.
[[Image:දේශනා.jpg|200px|right|thumb|ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තුල සදහන් වෙ.
# දුක පිලිබඳ උතුම් සත්‍යයය ([[දුක්ඛ|දුක්ඛාර්ය සච්ච]])
# දුකටකට හේතුව පිලිබඳ උතුම් සත්‍යයය ( [[සමුදය|දුක්ඛ සමුදයාර්ය සච්ච]])
# දුක නැති කිරීම පිලිබඳ උතුම් සත්‍යයය ([[නිරෝධ|දුක්ඛ නිරෝධාර්ය සච්ච]])
# දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳ උතුම් සත්‍යයය ([[මාර්ග සත්‍යය|දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සච්ච]])
 
===පටිච්ච සමුප්පාදය===
35 පේළිය:
අනාත්ම - සදාකාලික පුද්ගල ආත්මයක් නොපවතී.
 
===සත් තිස් බෝධි පාර්ශ්වික ධර්ම===
'''සත් තිස් බෝධි පාර්ශ්වික ධර්ම''' යනු සූත්‍ර දේශනාවල දක්වා ඇති නිවන (බෝධිය) ලබාගැනීමට සම්පූර්ණ කලයුතු [[සතර සතිපට්ඨානය]], [[සතර ඍද්ධිපාද]], [[සතර සම්මප්මදාන වීර්යය]], [[පංච ඉන‍්ද්‍රිය]], [[පංච බල]], [[සප්ත බොජ්ඣංග]], [[ආර්ය අෂ්ඨාංගික මාර්ගය]] යන ධර්ම කරුණු ය. මෙම දහම ඉලක්ක වී ඇත්තේ [[නිවන]] වෙතම ය; එහි ගැබ් වී ඇත්තේ විමුක්ති (දුකින් පරිපූර්ණ ලෙස ම මිදීම) රසය යි.
== තිසරණ==
41 පේළිය:
බුද්ධ ධර්මයට අනුව බෞද්ධයකු සරණයායුත්තේ තිසරණ පමණකි.
# [[බුද්ධ]]
# [[ධම්ම|ධම්මඅනුව]]
# [[සංඝ]]
 
51 පේළිය:
== බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන් ==
[[ගොනුව:Buddha_Bodhgaya.jpg|thumb| ගෞතම බුදුන්ගේ ප්‍රතිමාවක්, භාග්‍ය, ඉන්දියාව|link=Special:FilePath/Buddha_Bodhgaya.jpg]]
බෞද්ධ සම්ප්‍රදායන් වර්ග කිරීමේ ප්‍රධාන ක්‍රමය වන්නේ දැනට පවතින ධර්ම ග්‍රන්ථ ලියා ඇති භාෂාවන් අනුව වර්ග කිරීමයි. ඒවා නම් පාලි, සංස්කෘත, ටිබෙට් (මොංගාලියානු පරිවර්තන) හා චීන වන අතරඅයය සමහරක්හා කොරියාන්ආර්ය භාෂාවෙන්අෂ්ඨාංගික මාර්ගය තිබේ.පිළිගන්නා මෙයනමුත් ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වර්ගීකරණයක් වුවද භාෂා වෙනස්කම හැරුණු විට සියලුසමහර සම්ප්‍රදායන් බැඳී ඇති පොදු කරුණු ද ඇති බැවින් දර්ශනවාදී හා ආගමික මතවල වර්ගීකරණයමේවාට සඳහාඑතරම් මෙයලොකු සුදුසුවැදගත්කමක් නොවේනොලැබේ.
 
* සෑම සම්ප්‍රදායක් ම බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා ලෙස පිළිගනිති.
 
* සෑම සම්ප්‍රදායක් ම මධ්‍යම ප්‍රතිපදාව, පටිච්ච පමුප්පාදය, චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිගන්නා නමුත් සමහර සම්ප්‍රදායන් වල මේවාට එතරම් ලොකු වැදගත්කමක් නොලැබේ.
 
* ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට නිර්වාණය අවබෝධ කර ගත හැක (බෝධි)
Line 65 ⟶ 61:
බුදු දහම පිළිබඳව සුවිශේෂී කාරණය වන්නේ භික්‍ෂූන් වහන්සේලා වනපොත් ආකාරයට (මුල් දේශනාව ඒ ආකාරයෙන්ම කටපාඩමින් තබා ගැනීම) රැකගත් බුද්ධ දේශනා 18,000ට අධික සංඛ්‍යාවක් අදටත් [[ත්‍රිපිටකය]] නමින් සුරක්‍ෂිතව ග්‍රන්ථාරූඪච තිබීමයි. මෙම ග්‍රන්ථ [[ත්‍රිපිටකය]] නම් වෙයි. අදටත් එම දේශනා හදාරන්නෙකුට බුදු සමිඳුන්ගේ විස්මිත අවබෝධය දැක ගත හැකිය. එලෙසම උන් වහන්සේ වදාළ මාර්ගය ඔස්සේ සසර දුක නිමා කර ගැනීමටද අදටත් කිසිඳු බාධාවක් නැත.
 
බුදු දහම අඩංගු වන්නේ [[ත්‍රිපිටකය]] නම් ග්‍රන්ථ එකතුවෙහි ය. දළ වශයෙන් ගත් කල: [[සූත්‍ර පිටකය]] යනු නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ගේ අවබෝධය ට ගැලපෙන ලෙස දේශනා කරන්නට යෙදුනු, නිවන් මග හෙළි කරන, [[නවාංග ශාස්තෘ ශාසනය|නවාංග ශාස්තෘ ශාසනයට]] අයත් මූලික බුද්ධ දේශනා ආදිය යි; [[විනය පිටකය|විනය පිටකයෙහි]] ඇතුළත් වන්නේ විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයන් නිවන් මඟ තුළ හික්මවීමට දේශනා කරන විනය කරුණු ය; [[අභිධර්ම පිටකය]] යනු එම ධර්ම කරුණුවල ම සවිස්තරාත්මකව බෙදා දැක්වීමකි.
 
බොහෝ පඩිවරැන් විශ්වාස කරන්නේ පාලි ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන්වහන්සේ ගේ නියම ඉගැන්වීම් සැබෑ ලෙසම අඩංගු වන බවයි. නමුත් මහායාන වල මුලාරම්භය මුල් බුදුදහමේ අඩංගු වුවද මහායාන සුත්‍ර බුද්ධ දේශනා නොවේ. නමුත් කිසිවෙක් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ලෙස දේශනා කළේ මේ කරැණු යැයි නිසැකයෙන් ම කීමට නොහැකි හෙයින් මහායාන ලියවිලි වල තම ශ්‍රාවකයාට මේ බුදුරජාණන්වහන්සේගේ මුල් දේශනා ලෙස දක්වා ඇත. නමුත් බටහිර වියතුන් බොහෝ දෙනෙක් පිළිගන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සත්‍ය වශයෙන්ම අඩංගු වන්නේ පාලිධර්ම ග්‍රන්ථ වල බවයි.
 
==බුද්ධාගම==
{{මූලික|බුද්ධාගම}}
බුද්ධාගම හෙවත් බුදුසමය යනු බුදුන් වහන්සේ දේශනාකල [[බුදු දහම]] පාදකකොට ගොඩනැගී ඇති ආගමයි. [[බුදු දහම]] ස්ථිර සහ අකාලික නමුදු බුද්ධාගම ප්‍රදේශයෙන් ප්‍රදේශයට සහ කාලයෙන් කාලයට වෙනස්වේ.
 
බුදුරජාණන් වහන්සේ යනු කවුද ? උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද? යන්න විවිධ වූ අර්ථ විවරණ වලින් දැනගත හැකිය. උන්වහන්සේ උත්තම ස්ථානයකට පත්වූ මනුෂ්‍යයෙක් ද, නොඑසේ නම් මහායාන බෞද්ධයන් විශ්වාස කරන අන්දමට විශ්වයේ පැතිර සිටින උතුම් ජිවියෙක් ද යන මතයන් තහවුරැ කිරීමට අවශ්‍ය සාක්ෂි ඉතිහාසයේ අඩංගු නොවේ. මහායාන බුදුදහමෙ දී මෙම කරැණු එතරම් සැලකිල්ලකට නොගනී.
 
විවිධ බුද්ධ සම්ප්‍රදායන් වලට අයත් අය අතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හා භික්ෂු විනය නීති පිළිබදව විවිධ මතභේද පවතී.
 
<br />
=== මුල් බුදුසමය ===
සාම්ප්‍රදායිකව බුදුරජාණන් වහන්සේ සදාචාරය හා නිවැරදි අවබෝධය සදහා අනුබල දුන් සේක. දෙවියන් ද තම තමා‍ගේ කර්මයට යටත් වන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ යමෙකුට සත්‍ය නිවැරදි ව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් තමා විසින් ම නිවනට යන මාර්ගයේ ගමන් කළ යුතු බවත් තමා එම මාර්ගය පෙන්වා දීමට සිටින ගුරුවරයෙකු පමණක් වන බවත් දේශනා කළ සේක. බුදුදහමේ එන භාවනාව සෘද්ධි බල ලබාගැනීමට නොව මනසේ යථා ස්වරෑපය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් නිර්වාණය ලගා කරගැනීමට යොදා ගනී.
===වජ්‍රායනය===
 
Line 87 ⟶ 77:
වජ්‍රායනයේ මුලිකාංග බොහෝ ප්‍රමාණයක් සංවර්ධනය හා සංයුක්ත කිරීමෙන් සිදුවිනි. මෙයින් බොහෝ කොටස් ශතවර්ෂ ගණනාවක් පැවතුණි.
 
===ව===
===වර්තමානයේ බුද්ධාගම===
එකී විමර්ශනයකින් හෙළිවුයේ බුදුදහම ලෝකයේ 4 වෙනියට වැඩිම පිරිසක් අදහන ආගම වන අතර ඉදිරියෙන්ම ඇත්තේ ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම් යන බවය. බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලයේදී ආරම්භ වු සංඝ ශාසනය ලෝකයේ පැරණිතම සංවිධාන වලින් එකකි.
[[ගොනුව:Buddha_statues_in_a_temple_on_Jejudo.jpg|thumb|alt=tiny globe|කොරියාවේ විහාරයක්]]
බුදුදහම ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම පරිහානියට පත් වු අතර එහි අවට රටවල්වල බුදුදහම පැවතුනද, බුදුදහමේ ව්‍යාප්තියක් සිදු නොවීය. නමුත් වර්තමානයේ එය නැවත ශක්තිමත් වෙමින් පවතී. බුදුදහම අදහන්නන් මිලියන 230 සිට 500 දක්වා ප්‍රමාණයක් ලොව පුරා පැතිර සිටින අතර සමහරක් ඇස්තමේන්තුවලට අනුව එය මිලියන 310 ක් පමණ වේ. නමුත් මෙම ප්‍රමාණය නියත නොවේ. එයට හේතු,
 
* බෞද්ධයන් යන ගණයට අයත්වන්නන් නිර්වචනය අපහසු වීම
 
* චීනය, වියට්නාමය හා උතුරු කොරියාව යන රටවල තත්වය
 
එකී විමර්ශනයකින් හෙළිවුයේ බුදුදහම ලෝකයේ 4 වෙනියට වැඩිම පිරිසක් අදහන ආගම වන අතර ඉදිරියෙන්ම ඇත්තේ ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම් යන බවය. බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලයේදී ආරම්භ වු සංඝ ශාසනය ලෝකයේ පැරණිතම සංවිධාන වලින් එකකි.
 
* පාලි ධර්ම ග්‍රන්ථ අසුරු කරන ථේරවාදී බුදුදහ‍ම කාම්බෝජය, ලාඕස්, තායිලන්තය, ශ්‍රී ලංකාව හා බුරුමයේ ප්‍රධානම බුදුදහමයි. ඉන්දියාවේ දාලිත් බෞද්ධ සංගමයද, අනුගමනය කරන්නේ ථේරවාදි බුදුදහමය.
Line 103 ⟶ 86:
* ටිබෙට් භාෂාවෙන් ලියවුනු ටිබෙට් බුදුදහම ටිබෙටයේ, ඉන්දියාව, භූතානය, මොංගෝලියාව, නේපාලය හා රුසියානු සමුහාණ්ඩුවේ දක්නට ලැබේ.
 
ආගමික සංඛ්‍යාන සම්බන්ධ වෙබ් අඩවියකින් පවත්වන ලද සංගණනයකින් හෙලි වුයේ ඉහත සඳහන් ප්‍රධාන සම්ප්‍රදායන් තුනට පිළිවෙලින් මිලියන 124, 185 හා 20? පමණ බැතිමතුන් සිටින බවයි.
 
වර්තමානයේ බුද්ධ ධර්මය ලොවපුරා ව්‍යාප්තව ඇති අතර බෞද්ධ ග්‍රන්ථ විවිධ භාෂාවලට පරිවර්තනය වී ඇත. බටහිර රටවල්වලදී බුදුදහම විදේශීය හා ප්‍රගතිශීලි ලෙස සළකන අතර නැ‍ගෙනහිර දී එය සංස්කෘතියේම කොටසකි. ආසියාවේ බුදුදහම මනා සංවිධානයකින් යුක්තවන අතර රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙයි. සමහර රටවල එය නිලවශයෙන් පිළිගත් ආගමක් වේ. බටහිරට එය වර්ධනය වන අධ්‍යාත්මික දර්ශනයකි.
 
== ධර්ම සංගායනා ==
{{main|ධර්ම සංගායනා}}
ධර්ම ග්‍රන්ථවලට අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පළමුවන ධර්ම සංඝායනාව පැවැත්විය. ඉන්දියානු සම්ප්‍රදායට අනුව ඉගැන්වීම් පරපුරෙන් පරපුරට පැවතුනේ මුඛ වහරෙනි. මෙම සමුළුවේ මූලික අරමුණ වුයේ මෙසේ මුඛ පරම්පරාවෙන් පැවතෙන ධර්ම කරුණු සාමුහිකව කියවීමෙන් පසුව එම කරුණුවල වැරදි තිබේදැයි පරික්ෂා කිරීමයි. පළමුවන ධර්ම සංඝායනාවේදී බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක වන ආනන්ද තෙරුන් විසින් පාලි සූත්‍ර හා අභිධර්මය කියවූ අතර උපාලි මහරහතන් වහන්සේ විනය නීති දේශනා කළ සේක.
 
දෙවන ධර්ම සංඝායනාවෙන් යම් කාලයකට පසුව සංඝ සමාජය විවිධ නිකාය බෙදීම් වලට ලක්විය. මෙම නිකාය භේදය ඇතිවූයේ කිනම් කාලයකදී දැයි නිශ්චිතව කිව නොහැකි නමුත් දීපවංශයට අනුව එය දෙවන ධර්ම සංඝායනාව අවසන් වු වහාම සිදු විය.
 
නිකාය භේදය හටගත්තේ ස්ථිවර හා මහාසාංඝික යන කොටස් දෙක අතරය. මෙම දෙපාර්ශවයේම ජනශ්‍රැති එකිනෙකට වෙනස් අදහස් දක්වයි. ථේරවාදි ග්‍රන්ථයන් වන දීප වංශයට අනුව දෙවන ධර්ම සංඝායනාවේ ඇති වූ මතභේදයේ දී පරාජයට පත් වූ පිල විරෝධය දැක්වීමක් වශයෙන් වෙන්ව ගොස් මහා සාංඝික ලෙස නිකායන් පිහිටුවා ගත් බවයි. උතුරු පරම්පරාවක් වන සරස්වතිවාද හා පුග්ගලවාද (අතීත ස්ථිවිර කොටසින් බෙදුනු කොටස්) නිකායට අනුව මෙම භේදය රහතන් වහන්සේලාගේ තත්වය පහළ බැසීමට හේතු වූ කරුණු 5 න් එකකි. ස්ථිවිර කොටස් තුළින් සම්ප්‍රදායන් කිහිපයක් හටගත් අතර ථේරවාදි සම්ප්‍රදාය ඉන් එකකි. මුල් යුගයේදී මෙම මතවාද විනය නිසා හටගත් අතර විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරන භික්ෂුන් වහන්සේලා එකම ආරාමයේ සමගිව විසුහ. නමුත් ක්‍රි.ව. 100 දී පමණ ආගමික කරුණු මුල් කරගෙන මතභේද හටගැනීම ආරම්භ විය.
 
ටිබෙට් දුල්වා ග්‍රන්ථයන්හි සංගායනාව සඳහා පාදක වූ වෙනස්ම හේතුවක් දැක්වේ. “සැරියුත් හිමියන්ගේ පරිනිර්වාණයෙන් සංවේගයට පත් මහරහතන් වහන්සේලා අසූදාහක් පිරිනිවන් පෑහ. මුගලන් හිමියන්ගේ පරිනිර්වාණයෙන් සංවේගයට පත් මහරහතන් වහන්සේලා සැත්තැදහසක් පිරිනිවන් පෑහ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව සංවේගයට පත් මහරහතන් වහන්සේලා එක්ලක්ෂි අසූදහසක් පිරිනිවන් පෑහ. එහෙයින් මහජනයාගෙන් එල්ලවන චෝදනාවන්ගෙන් මිදීම පිණිස ධර්මය සහ විනය සංගායනා කළහ.” යනුවෙන් එහි සඳහන් වේ. මේ හා සමාන ප්ර කාශයක් මහා වස්තුවේද හමු වේ. එහි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහරහතන් වහන්සේලා පන්සීයක් පිරිනිවන් පෑ බවත් ඒ නිසා සංගායනාව සිදු කළ බවත්ය.
 
මෙම සියලු කාරනා පිරික්සා බැලීමේදී පැහැදිලි වන කරුණ නම් බුදු දහමේ සුරක්ෂිතභාවය උදෙසා ධර්ම සංගායනාවක අවශ්‍යතාව බුද්ධ කාලයේ සිටම පැවති බවයි. එය බුද්ධ පරිනිර්වාණයෙන් පසුව අත්‍යාවශ්‍ය කරුණක් විය. මේ සඳහා සුභද්‍ර නම් මහලු භික්ෂුවගේ වචනය ප්‍රබලම හේතුවක් වූ අතර විසිරී තිබූ ධර්මය එක්රැස් කිරීමටත්, ධර්මය හා විනය සම්බන්ධව පැවති ගැටළු නිරාකරණය කිරීමටත් ඇති වූ උවමනාව ධර්ම සංගායනාවක් කිරීම සඳහා හේතු විය. එමෙන්ම බුදුන් වහන්සේගේ ඇවෑමෙන් ධර්මය සහ විනය ගුරු තනතුරෙහි තබා ගන්නා ලෙස කළ අවවාදයත්, ධර්මය සංගායනා කිරීමේ වැදගත්කම සඳහන් වන දේශනාත් ප්‍රථම සංගායනාව සඳහා පාදක විය. එහෙයින් පාවචනය අතීතසත්ථුක නොවන පරිදි දෙව්මිනිසුන්ගේ හිත සුව පිණිස, ශාසන චිරස්තිථිය සඳහා මහතෙරුන් වහන්සේලා විසින් ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරන ලදී. ඒ අනුව යමින් ස්ථවිරයන් වහන්සේලා විසින් සංගායනාත්‍රයක් සිදු කළ බැව් ශාසන ඉතිහාසය තුළින් ප්‍රකට වේ.
 
== දහමේ වර්ගීකරණයන් ==
#[[ධම්මවිනය]] - සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යැයි කාන්ඩ තුනකට එක්රැස්කොට ඇත. ඒවා ත්‍රිපිටක පොත් වහන්සේලා ලෙස ගෞරවාර්ථයෙන් හඳුන්වනුලැබේ.
#[[නවාංග සාත්‍රෘ සාසනය]]- සුත්ත, ග‍ෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්බූතධම්ම, වේදල්ල යනුවෙන් ශාසනය සංග්‍රහ වේ.
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි