"අමිතාබ් බච්චන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
 
17 පේළිය:
==පෙර ජීවිතය==
අලහාබාද් හි උත්තර ප්‍රදේශ් හි උපත ලැබු ඔහු පැවත එන්නේ හින්දු-සීක් පවුලකිනි. ඔහුගේ පියා වන වෛද්‍ය. හර්විනාශ් බච්චාන් ප්‍රසිද්ධ කවියෙක් වු අතර, මව වන තේජි බච්චන් ෆයිසලාබාද් හි ජීවත් වු සීක්-පන්ජාබි ජාතිකයෙකි. "ඉන්කියුලාබ් සින්ඩාබද්" නම් ප්‍රසිද්ධ වැකියෙන් එන "ඉන්කියුලාබ්" නමින් ඔහුව මුලින් හඳුන්වන ලදී. ඉන්දියානු අරගලය කාලය තුල ඔහුව නැවතත් අමිතාබ් යනුවෙන් නම් කල අතර එහි තේරුම වුයේ "කිසි දිනෙක නොමියෙන ආලෝකය යි". ශ්‍රීවාස්තව් ඔහුගේ වාසගම වුවද, තම පියා කවි ලිවිම සඳහා භාවිතා කලේ බච්චාන් යන නාමයයි. අමිතාබ් සිනමාවට පිවිසියේ මේ නමින් වන අතර, වර්තමානයේ ඔහුගේ පවුලේ සියලු දෙනාම පොදු අවශ්‍යතා සඳහා මෙම නම භාවිතා කරයි. හර්විනාශ් රායි බච්චාන් හට පුතුන් දෙදෙනකු සිටියහ. අමිතාබ් ඉන් වැඩිමහල් වු අතර දෙවැනියා වුයේ අජිතාබ් ය. ඔහුගේ මව වේදිකාවට උනන්දුවක් දැක්වු අතර,ඇයට චිත්‍රපටයක චරිතයක් ලබා දුන්නද, ඇය එය ප්‍රතික්ෂේප කලාය. ඔහුගේ මව බච්චන්ගේ කැමැත්ත පිළිබඳව දැන සිටි අතර,ඔහු කෙදිනක හෝ වේදිකාවට පිවිසෙන බව දැන සිටියාය. ඔහු "ජේ නානා ප්‍රභෝධිනි" "බෝයිස් හයි ස්කූල්" හිද, පසුව "නයිනිතාල් ශර්වුඩ් විදුහලේදි කලා අංශයෙන් ඉගෙනුම ලැබීය. නව දිල්ලියේ විශ්ව විද්‍යාලයක්,"කිරෝරි මාල් විදුහලින්" විද්‍යා අංශයෙන් ඔහු උපාධියක් ලබා ගත්තේය. "බර්ඩ් ඇන්ඩ් කොම්පැනි" නම් කල්කටාවෙ පිහිටි නැව් සමාගමක කටයුතු කල ඔහු ඉන් පසුව ඉවත් වුයේ තම සිනමා ජීවිතය ආරම්භ කිරීමේ අදහසිනි.
 
{{Authority control}}
 
[[ප්‍රවර්ගය:1942 උපත්]]
"https://si.wikipedia.org/wiki/අමිතාබ්_බච්චන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි