"අංගුලිමාල පිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළුNo edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
1 පේළිය:
වංචනිකයින්ගේ අදහස් අනුව නොමග ගිය ගුරුවරයාගේ ඉල්ලීම අනුව දහසකට වඩා මිනිසුන් මරමින් ඇගිලි කපමින් මාලයක් සාදා ගුරුවරයාට පුද දීමට සැරසුනු අහිංසක නම් කුමරුවෙකු බුදුන් වහන්සේගේ මගපෙන්වීමෙන් එම දාමරික ක‍්‍රියාවන් අතහැර ආර්ය ජාතියෙහි නැවත් ඉපදීමට යොමු කරවූ අතර විළිරුදාවෙන් දුක්‍ඛිත වූ මවක අරභයා කරන ලද [[සත්‍යක‍්‍රියාව]] අංගුලිමාල පිරිත ලෙසින් ව්‍යාවහාරයේ පවතී. එම පිරිතෙහි අදහස වන්නේ ආර්ය ජාතියේ උපන් දා පටන් (රහත් වූ දා සිට) කිසිදු සතෙකුගේ දිවි තොර නොකළ බව සත්‍යයි. ඒ සත්‍යයේ බලයෙන් මේ ගර්භයට ආශිර්වාද වේවා යන්නයි. දහසකටත් අධික මිනිසුන් නැසූ අඟුල්මල්, පැවිදි ව රහත් වීමෙන් පසු ඔහු කෙරෙහි සමාජය තුළ පැවති භීතිය නසන්නට බුදුහිමියන් කළ උපක්‍රමය ලෙසද මෙය දැකිය හැක. අද බෞද්ධ සමාජයේ දරුවෙකු මෙලොවට බිහිවන්නේ බොහෝ විට මෙම ආශිර්වාදයත් සමඟ ය.
 
බුදුහිමියන්ගේ පුරිසධම්මසාරථී ගුණය ප්‍රකට කෙරෙන ප්‍රධාන දමන කථා පුවත ලෙස සාහිත්‍යධරයන් අභිරුචියෙන් වර්ණනා කළේ අංගුලිමාල දමනයයි. ගුරුළුගෝමී, විද්‍යාචක්‍රවර්තී දෙදෙනාම තම කෘති දෙකට බුදුගුණ විශද කරලීම පිණිස මෙම අංගුලිමාල දමනය එක් කළහ. මේ අතරින් ගුරුළුගෝමී අමාවතුරේ අංගුලිමාල දමන කථාව ඉතාම විසිතුරු සාහිත්‍ය නිර්මාණයක් ලෙස ඉදිරිපත් කෙරෙයි. කථාවේ මතුපිටින් මතුවන කථා රසය අභිභවා වසංගතයෙන් විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයක මතුවන සමාජ ධර්ම රාශියක් ප්‍රකට වන ලෙයින් ගුරුළුගෝමී අගුල්මල් දමනය වර්ණනා කරයි.
"https://si.wikipedia.org/wiki/අංගුලිමාල_පිරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි