"වර්ගීකරණාත්මක අනුස්ථිතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
5 පේළිය:
ජීවී වර්ගයන් පිළිබඳ වඩාත් සුවිශේෂ විස්තර සපයන සහ එම නිසාම පුළුල් නොවන ප්‍රවර්ගයන් කිහිපයක් කිසියම් අනුස්ථිතියක් විසින් එය යටතෙහි පවත්වාගෙන යයි. ජීවින් පිළිබඳ වඩාත් පුළුල් විස්තර සපයන සහ පොදු පූර්වජයන්ගෙන් දිස්වෙන සුවිශිෂ්ට ගුණ හෝ [[රූපානුදර්ශි ලක්ෂණය|ලක්ෂණ]] හෝ වෙතින් එකිනෙකට සම්බන්ධිත ජීවීන් සමූහයන් අඩංගු අනුස්ථිතීන් යටතෙහි, එක් එක් අනුස්ථිතිය වර්ගීකෘත වන අතර ඒවා එම අනුස්ථිතියට ඉහළින් පවතියි. කිසියම් ''විශේෂයක'' අනුස්ථිතිය සහ එහි ''ගණය'' පිළිබඳ විස්තර සැපයීම ''මූලික'' වෙයි; මෙයින් ගම්‍ය වන්නේ, කිසියම් ජීවියෙකු හඳුනාගැනීම සඳහා, මෙම පළමුවන අනුස්ථිතින් දෙක හැර අනෙකුත් අනුස්ථිතීන් සඳහන් කිරීම සාමාන්‍යයෙන් ආවශ්‍යයික නොවන බවයි. <ref>{{උපන්‍යාස වෙබ් |url= http://www.iapt-taxon.org/nomen/main.php?page=art2 |at=Articles 2 and 3 |title=ඉන්ටර්නැෂනල් කෝඩ් ඔෆ් නොමන්ක්ලේචර් ෆො ඇල්ගී, ෆන්ජයි ඇන්ඩ් ප්ලාන්ට්ස් – මෙල්බර්න් කෝඩ් |date=2012 |website=IAPT-Taxon.org}}</ref>
 
නිදසුනක් ලෙසින් කිසියම් විශේෂයක්, [[රතු හිවලා]], ''වුල්පස් වුල්පස්'', සලකමු: එයට ඉහළින් පවතින අනුස්ථිතිය වනුයේ, ''[[වුල්පස්]]'' නමැති ගණය වන අතර, එයට අයත් වන්නේ සමස්ත "සැබෑ" හිවලුන් වෙති. උන්ගේ සමීපතම බන්ධුන් සිටිනුයේ සමීපයෙන් ඉහළ අනුස්ථිතිය වන, [[කානිඩෙ]] කුලය වෙත වන අතර, එයට අඩංගු වන්නේ සියළුම බල්ලන්, වෘකයන්, නරියන් සහ, හිවලුන් වෙති; එයට ඉහළ අනුස්ථිතිය වන්නේ, [[කානිවෝරා]] ගෝත්‍රය වන අතර, එයට [[කෑනිෆෝර්මියා|කෑනිෆෝර්ම්ස්]] (වලසුන්, සීල් මත්ස්‍යයන්, මුගටියන්, උරුලෑවන්, රැකූනාවන් සහ ඉහත සඳහන් කල සියළු සතුන්), සහ [[ෆීලිෆෝර්මියා|ෆීලිෆෝර්ම්ස්]] (බළලුන්, හයිනා නම් බලු දිවියන්, හෝතඹුවන්) අයත් වෙති. කානිවෝරාවන් යනු, ලොම් සහිත, උණුසුම් රුධිරය සහිත, පැටවුන්ට කිරි දෙන ජීවි සාමාජිකයන් අඩංගු [[මමාලියා]] නමැති වර්ගය යටතේ ගැනෙන එක් සමූහයක් වන අතර, පිට කොන්දක් සහිත සත්ත්වයන් අඩංගු වන [[කෝඩෙටා]] වංශය යටතෙහි මෙම මමාලියාවන් වර්ගීකරණය වන අතර, සියළු සත්ත්වයන් අඩංගු වන [[ඇනිමේලියා]] රාජධානිය යටතෙහි මෙම කෝඩෙටා වංශිකයන් වර්ගීකරණය වෙති. අත්‍යන්තයෙහි, මෙම සියල්ලන්ගේම උසස්තම අනුස්ථිතිය වන්නේ [[සෛල න්‍යෂ්ටිය|සෛල න්‍යෂ්ටියක්]] සහිත අනෙකුත් සියළු ජීවීන් එක් සමූහයකට ගැනෙන [[යුකේරියා]] නමැති වසමය.
"https://si.wikipedia.org/wiki/වර්ගීකරණාත්මක_අනුස්ථිතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි