"වෛරස" හි සංශෝධන අතර වෙනස්කම්

 
වෛරස ස්වයං විභේදනය විය හැකි පුරාතන ඩී.එන්.ඒ. වලින් සමන්විතවන අතර මේවන විට විග්‍රහකර ඇති අන්දමට ඒවා ජීවය සදහා මූලික වූවන් වේ. වෛරසවල ආකෘතියට වඩා සරළ ආකෘතියක් සහිත ද්‍රව්‍යයන් වනුයේ වයිරොයිඩ, සැටලයිට සහ ප්‍රියෝනයි.
 
== වෛරසවල සොයාගැනීම් ==
 
ජල භීතිකා‍, කහ උණ සහ වසූරිය යන රෝග ඇති කරන වෛරස දශක ගණනාවක් මුළුල්ලේ මිනිසුන් හට බලපෑම් ඇති කර ඇත. පොලියෝ රෝග ඇති කිරීම සදහා හේතුව එවකට පැහැදිලිව නොතිබුණ ද පුරාතන ඊජිප්තු වෛද්‍ය ක්ෂේත්‍රයෙහි රූපාක්ෂර සාක්ෂි මගින් එකල ද පෝලියෝ රෝගය පිළිබදව අවබෝධයක් තිබූ බව පැහැදිලි වේ. 10 වන ශතවර්ෂයේදී මොහොමඩ් ඉබන්සකාරියා රාසි විසින් රචිත වසූරිය සහ සරම්ප පිළිබදව වූ නිබන්ධන වලින් එම රෝග දෙක පිළිබදව මුල්ම පැහැදිලි විස්තරාර්ථ කතනයක් දෙන ලදී. 1020 දී ඇවිසෙනා විසින් රචිත The Canon Of Medicine නම් ග්‍රන්ථයෙහි ඔහු ක්ෂය රෝගය සහ ලිංගාශ්‍රිත රෝග වැනි රො‍්ගවල බෝවන සුළු ස්වභාවය පිළිබදව විස්තර කරන ලද අතර ස්පර්ශයෙන් හෝ ජලය සහ පස් මගින් සහ සිරුරෙන් නිකුත්වන නොයෙකුත් ස්‍රාවයන් මගින් එම රෝගවල බෝවීමේ හැකියාව පිළිබද විස්තර කරන ලදී. තවද ඔහු මෙම රෝග බෝවීම වැළැක්වීමට සහ සීමාකිරීම සදහා රෝග නිරෝධායන ක්‍රම හදුන්වා දෙන ලදී.
 
14 වන ශතවර්ෂයේදී කාල මෘත්‍ය හෙවත් මහාමාරිය වසංගත රෝගය අල්-අන්ධාලුස් ප්‍රදේශය කරා ලගා වූ අවස්ථාවේදී ඉබන් කාටිමා විසින් මෙම රෝගය ඇති වනුයේ මිනිස් සිරුරට ඇතුළු වන ක්ෂුද්‍ර ජීවියෙකු මගින් බව සොයා ගන්නා ලදී. මහා මාරිය රෝගය ඇති කිරීමට හේතු කාරක වන ජීවියා බැක්ටීරියාවක් වන බව පසුකාලීනව හදුනා ගන්නා ලදී. තවත් 14 වන ශතවර්ෂයේ විසූ වෛද්‍යවරයෙකුවන ඉබන් අල්-කාටි (1313 – 1374) විසින් රචිත මහාමාරිය පිළිබදව වූ නිබන්ධනයෙහි ඔහු සදහන් කර ඇත්තේ ස්පර්ශයෙන්, ඇදුම්වලින් සහ භාවිතා කරන උපකරණ මගින් එම රෝගය පැතිර යන ආකාරය පිළිබදවයි. ඔටෝමන් අධිරාජ්‍යයෙහි විසූ ඉංග්‍රීසි ජාතික තානාපතිවරයෙකුගේ බිරිද වූ මේරී මොන්ටෙගු විසින් 1717 දී එම ප්‍රදේශයෙහි කාන්තාවන් තම දරුවන් වසූරිය රෝගයට එරෙහිව අත් එන්නත් කරන ආකාරය නිරීක්ෂණය කරන ලදී. 18 වන ශතවර්ෂයේ අග භාගයේදී එඩ්වඩ් ජෙනර් විසින් කරන ලද නිරීක්ෂණයකට අනුව ගව වසූරිය රෝගය වරක් වැළදී තිබු සාරා නේල්ම්ස් නම් කිරිදොවන්නියක් හට පසු කාලීනව වසූරිය රෝගය සෑදීමට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ඇති වී තිබුණි. ගව වසූරිය රෝගය ඇති කරන වෛරසය වසූරිය ඇති කරන වෛරසයට සමාන නමුත් එය වඩාත් හානිකර වෛරසයකි. මෙම සොයාගැනීම් මත පදනම්ව ජෙනර් විසින් වසූරිය සදහා එන්නතක් සොයා ගන්නා ලදී. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කාලයක් මුළුල්ලේ සිදුකරන ලද එන්නත්කරණ වැඩ සටහන් නිසා 1979 දී වසූරිය රෝගය මුළු ලොවින්ම තුරන් කරන ලද්දක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.
 
19 වන ශතවර්ෂය අග භාගයේදී චාල්ස් චැන්බර්ලන්ඩ් විසින් වර්ධක මාධ්‍යයක වගා කරන ලද බැක්ටීරියාවන් ‍ෙපරා ඉවත් කිරීමේ හැකියාව ඇති කුඩා සිදුරු සහිත පෝසිලෙන් පෙරනයක් නිෂ්පාදනය කරන ලදී. ඩිමිත්‍රි අයිවර්නොව්ස්කි මෙම පෙරනය භාවිතා කරමින් දුම්කොළ ශාකයක ඇති වන Tobacco Mosaic Virus නම් වෛරසය පිළිබදව අධ්‍යයනය කරන ලදී. ඔහු ආසාදිත දුම්කොළ ශාකයක කොළ ඉතා හොදින් පොඩිකර මෙම පෙරනය මගින් පෙරීමකට ලක්කර ලැබෙන කොටස වෙනත් දුම්කොළ ශාකයක් ආසාදනය කිරීමට භාවිතා කරන ලදී. එමගින් රෝග කාරක ද්‍රව්‍ය බැක්ටීරියාවක් නොවන බවට හදුනා ගන්නා ලදී. වෙනත් පර්යේෂකයන් මගින් ද මේ හා සමාන පර්යේෂණ සිදුකොට එවන් ප්‍රතිඵල ලබා ගන්නා ලදී. මෙම පරීක්ෂණ මගින් සොයාගන්නා ලද්දක් වනුයේ වෛරස බැක්ටීරියාවන්ට වඩා ප්‍රමාණයෙන් ඉතාමත්ම කුඩා බවයි. වෛරස යන වචනය ප්‍රබන්ධ කරන ලද්දේ ලන්දේසි ජාතික ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥයෙකු වූ මාටිනස් බිජරින්ක් විසිනි. ඔහු අයිවනොස්කි විසින් සිදුකරන ලද අත්හදා බැලීම් භාවිතයට ගනිමින් දුම්කොළ ශාකයට රෝග ඇති කරන රෝග කාරක ද්‍රව්‍ය බැක්ටීරියාවකට වඩා ඉතා කුඩා වූවක් බවට හදුන්වන ලදී. ඔහු ලතින් බසින් Contagium vivum fluidum (දියවන සුළු රො‍්ග කාරක ජීවි ද්‍රව්‍ය යන තේරුම් ඇති) යන්න වාක්‍යයෙහි භාවිතා කිරීම මගින් වෛරස පිළිබදව මුල්ම අදහස ඇති කරන ලදී. මුලින්ම හදුනා ගන්නා ලද මනුෂ්‍ය වෛරස වර්ගය වනුයේ කහ උණ වෛරසයයි.
 
20 වන ශතවර්ෂයේ මුල භාගයේදී ෆෙඩ්රික් ට්වොට් විසින් වෛරස මගින් බැක්ටීරියාවක් ආසාදනය කළ හැකි බව සොයා ගන්නා ලදී. ෆිලික්ස් ඩි හෙරල්ඩ් විසින් කරන ලද සොයා ගැනීමකට අනුව ඒගාර් මාධ්‍යයක ව්‍යාප්ත කරන ලද තුනී ‍ෛසල වර්ධනයක සෛල මරණයක් ඇති කිරීමට වෛරසවලට හැකිබව සොයා ගන්නා ලදී. මරණයට පත් වූ සෛල ඇති ප්‍රදේශයන් ගණන් කිරීම මගින් එම ද්‍රවකයෙහි අන්තර්ගත වූ වෛරස් පිළිබදව අදහසක් ලබාගැනීමට ඔහුට හැකියාව ලැබුණි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙහි සොයාගැනීමත් සමගම වෛරස නිරීක්ෂණය කිරීමට මුල්මවරට අවස්ථාව පෑදුනි. 1935 දී වෙන්ඩල් ස්ටැන්ලි විසින් Tobacco Mosaic වෛරසය ස්පටිකීකරණය කිරීම මගින් එය සෑදී ඇත්තේ බහුතරයක් ප්‍රෝටීන් මගින් වන බව සොයාගන්නා ලදී. ඉන් කෙටි කාලයකට පසු වෛරස ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල යන කොටස් වලට බෙදන ලදී. 1939 දී මැක්ස් ඩෙල්බෘක් සහ E.L එලිස් විසින් කරන ලද සොයා ගැනීමකට අනුව අනෙකුත් ජීවී සෛලවලට වඩා බැක්ටීරියා භක්ෂකයන් වඩා වේගවත් ලෙස ප්‍රජනනය කරන බව සොයා ගන්නා ලදී.
 
මුල් කාලීනව විසූ වෛරස වේදින් හට ඇති වූ ප්‍රධානතම ගැටළුව නම් විෂබීජවලින් තොර වූ වර්ධක මාධ්‍යයක වෛරසයන් වෙනත් සෛලීය ක්ෂුද්‍ර ජීවින් මෙන් වර්ධනය කිරීමට හැකියාව නොමැති වීමයි. මෙම සීමාකාරී සාධකයන් හේතුවෙන් වෛරස වේදියෙකු හට ජීවි සත්වයෙකු රෝග කාරක වෛරසය මගින් ආසාදනය කිරීම‍ට අවශ්‍ය වුණි. මෙය ඉතා හානිකර තත්වයකි. 1931 දී මුල්ම වරට අර්නස්ට් විලියම් ගුඩ්පාස්චර් විසින් ඉන්ෆුලුවෙන්සා වෛරසය සහ වෙනත් වෛරස වර්ග කිකිලි බිත්තරවල වර්ධනය කරන ලදී. කෙසේ නමුත් ඇතැම් වෛරස මෙලෙස කිකිලි බිත්තරවල වර්ධනය නොවන අතර ඒවා වර්ධනය සදහා වඩාත් නම්‍යශීලී සුක්ෂ්‍යම උපක්‍රම අවශ්‍ය වේ. මෙම ගැටළුව සදහා විසදුමක් 1949 දී ජෝන් ෆැන්ක්ලින් එන්ඩර්ස්, තෝමස් වෙලර් සහ ෆේඩ්රික් චැප්මන් රෝබින්ස් විසින් එක්ව සොයා ගන්නා ලදී. ඔවුන් ජීවී සත්ව සෛලවල පෝලියෝ වෛරසය වර්ධනය කිරීමේ ක්‍රමයක් සොයා ගන්නා ලදී. ඔවුන්ගේ සොයාගැනීම් මේ වන විට වඩාත් පුළුල්ව නවීකරණය වී ඇති අතර විෂබීජ වලින් තොර වර්ධක මාධ්‍යයන්හි වර්ධනය නොවන වෛරස සහ අනෙකුත් ආසාදිත ද්‍රව්‍යයන් වර්ධනය සදහා භාවිතා කරන ලදී.
 
[[ප්‍රවර්ගය:ජීව විද්‍යාව]]

සංස්කරණ

27,411

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/451903" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි