"සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
කෙටිකතාව
නූතන සිංහල කවිය
271 පේළිය:
 
මීමන ප්‍රේමතිලක, සාගර පලන්සූරිය, පී. බී. අල්විස් පෙරේරා, විමලරත්න කුමාරගම වැනි කවියන් අයත් වන කොළඹ යුගයේ දෙවන පරපුර වර්ඩ්ස්වත්, ෂෙලී වැනි කවියන් අයත් වූ බටහිර රොමැන්ටික් කාව්‍ය ප්‍රවණතාවේ බලපෑම දැඩි ව පෙන්නුම් කළේ ය. ප්‍රේමය සහ ස්වභාව සෞන්දර්ය මොවුනගේ සුලබ තේමා විය. දේදුන්න, සුවද, මී වදය, වෙඩිල්ල වැනි මාසික කවි සගරා බිහිවෙමින් කවිය ජනප්‍රිය වෙමින් ආ මෙකල ලියැවුණු බොහෝ කවි සරල, සැහැල්ලු, සුන්දර රචනා විය. සිංහල කවිය බහුජන වින්දන මාධ්‍යයක් කිරීමට මෙය හේතු විය. එමෙන් ම ඔවුහු මින් පෙර කවියට වස්තු විෂය නොවූ පොදුජන චරිත විෂය කරගනිමින් සිංහල කවියට නව වස්තු විෂයන් හදුන්වා දුන්හ. මෙවැනි ඇතැම් රචනා විසින් පීඩිත පන්තියේ ජීවිත ද විවරණය කෙරුණි. නිදසුන් ලෙස විමලරත්න කුමාරගමගේ රචනා සහ පී. බී. අල්විස් පෙරේරාගේ ඇතැම් රචනා දැක්විය හැකි ය.<ref name=රත්නශ්‍රී/>
 
==නූතන සිංහල කවිය==
සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යයේ නිමාවත් සමඟ තත්කාලීන දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික පසුබිම පාදක කර ගනිමින් 19 වන සිය වසේ අග හා 20 වන සියවසේ මුල් භාගයේ දී පමණ ‘නූතන සිංහල කවියේ’ සමාරම්භය සිදු වෙයි. පුරාතන පද්‍ය සාහිත්‍යයෙහි වූ ආගමික මුහුණුවර පූර්ව නිශ්චිත කාව්‍ය ආකෘතිය, භාෂාව හා අලංකාර භාවිතයෙහි වූ නියමයන්ක්‍ රමයෙන් වෙනස් වී මෙම යුගයේ දී කවිය සමකාලීන දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික වෙනස් වීම්වලට සමගාමීව බිහි වූයේ ය. කවියේ ආගමික මුහුණුවර, පොදු ජනයාගේ ලෞකික අත්දැකීම් හා හැඟීම් ප්‍රතිනිර්මාණය කරා විතැන් වෙද්දී භාෂාවේ වූ පණ්ඩිත ප්‍රිය වූ විදග්ධ භාවය ක්‍රමයෙන් ව්‍යවහාරික භාෂාවට සමීප විය. කවිසමයානුගත අලංකාර හා රීතීන්වෙ නුවට පොදු ජන සුඛාවබෝධය හා අරමුණු සාධනය උදෙසා වූ අලංකාර හා රීතීන් වෙත කවීහු නැඹුරු වූහ. මුද්‍රණ තාක්ෂණයේ ආගමනයත් සමග කවිය පොදු ජන සමාජය අතර ජනප්‍රිය සාහිත්‍ය මාධ්‍යයක් බවට ක්‍රමයෙන් පත්වි ය. එතෙක් පැවතියා වූ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ හා ඉන් පසු පොදු ජන සාහිත්‍යයක් කරා විතැන් වූ කවියේ නො මඳ පෝෂණයත් බටහිර සාහිත්‍යයේ ප්‍රබල ආභාසයත් ලබමින් එය සිදු විය. නූතන කවියේ ප්‍රථම භාගයේ කවීන්අ තර පියදාස සිරිසේන, ආනන්ද රාජකරුණා, ජී. එච්. පෙරේරා හා එස්. මහින්ද හිමි ප්‍රමුඛ වෙති. එවකට යටත්නූතන සිංහල කවිය නොමිලේ බෙදා හැරීම සඳහා ය. 11 විජිතකරණයට ලක්ව සිටි ශ්‍රී ලාංකේය ජනතාව එම මානසිකත්වයෙන් මුදවා ගනු වස්ිජාත්‍යනුරාගය’ කුළුගැන්වෙන කාව්‍ය බන්ධනය කිරීමට මෙම යුගයේ දී ප්‍රමුඛත්වය හිමි විය. ඒ සඳහා කේන්ද්‍රය වශයෙන් ළමයා යොදා ගත් බව ඉහත කවීන්ගේ කාව්‍ය සමුච්ච නිරීක්ෂණය කිරීමේ දී විශද වෙයි. එම යුගයේ කවිය වෙසෙසින් ම මෙහෙය වූයේ යුගයේ අවශ්‍යතාව වෙනුවෙනි. එහෙයින් මෙම කාව්‍ය අධ්‍යයනය කළ යුත්තේ ඒ ඒ කවි හුදෙකලාව ගනිමින් නොව යුගයේ සමාජ පසුබිම කෙරෙහි සවිඥානික වෙමිනි. මින් පසු අවධිය ඉතා ප්‍රබල ලෙස කවිය පොදු ජනයාට සමීප වූ කාල වකවානුවක්ලෙ ස සැලකිය හැකි ය. සාගර පලන්සූරිය (කේයස්), විමලරත්න කුමාරගම, පී.බී. අල්විස් පෙරේරා, බී. එච්. අමරසේන, මීමන ප්‍රේමතිලක, එච්.එම්. කුඩලිගම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ යන කවීහු මෙම යුගය නියෝජනය කළහ. ප්‍රමාණාත්මකව ඉතා විශාල සංඛ්‍යාවක් කවි ලියැවුණු මෙම යුගයේ කවිය ජනතාව අතර පතළ වීම කෙරෙහි මුද්‍රණ ශිල්පයේ දියුණුව ඍජුව බල පෑවේ ය. කවි පොත්, කවි සඟරා, කවි කොළ සුලබ වූ මෙම යුගයේ බොහෝ කවීහු බටහිර රොමැන්ටික් කවීන්ගේ ආභාසය නො මඳව ලදහ. ඒ අනුව ඔවුන්ගේ කවිය ඊට පූර්ව යුගයේ කවීන් ගෙන් බෙහෙවින්වෙ නස් විය. වස්තු විෂය විවිධ වීමත්භාෂාව සරල හා සුගම වීමත් භාව ගෝචර උපමා රූපකවලින් සමන්විත වීමත් මෙහි විශේෂ ලක්ෂණ ලෙස දැක්විය හැකි ය. ස්ත්‍රිය හා ස්ත්‍රීපුරුෂ ප්‍රේමය සෞන්දර්යාත්මකව චිත්‍රණය කිරීමට බොහෝ කවීන් පෙලඹුණු අතර පුද්ගල හා සමාජ අත්දැකීම් මානව දයාවෙන් යුක්තව ප්‍රතිනිර්මාණය කිරීමට මොවුහු නිබඳව ම උත්සාහ ගත්හ. නූතන කවිය සම්බන්ධව සලකා බැලීමේ දී ‘හෙළ හවුල’ සාකච්ඡාවට භාජනය කළ යුතු වෙයි. කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ පුරෝගාමීත්වයෙන් ඇරඹුණු ව්‍යාකරණ ශාස්ත්‍රය සම්බන්ධ දැඩි මතධාරී ගුරු කුලයක් වන මෙහි සිංහල කවිය කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් සැපයූ කවීහු කිහිප දෙනෙක් ද වෙති. ස්වකීය භාෂා මතවාද නිර්මාණ කාර්යයේ දී පවුරක් වුව ද සූක්ෂ්මව විශිෂ්ට නිර්මාණශීලී ප්‍රතිභාවක් කුමාරතුංග මුනිදාස, අරිසෙන්අ හුබුදු, රැයිපියල් තෙන්නකෝන් වැනි කවීන්ගේ නිර්මාණවලින් පිළිබිඹු වෙයි. ඉහත අවධීන්හි කවියේ වූ දුබලතා හඳුනා ගනිමින් මානව හා සමාජ අත්දැකීම්ප්‍ රතිනිර්මාණය කරනු වස් නවමු කාව්‍ය ප්‍රස්තුත, භාෂා හා රීතීන් මෙන් ම අලංකාර සම්ප්‍රදායක කාලීන අවශ්‍යතාව කාලීනව පැන නගිමින් තිබූ යුගයක ජී. බී. සේනානායක පලි ගැනීම (1948) නම් වූ ස්වකීය කෙටි කතා සමුච්චයට අන්තර්ගත කොට "ගද්‍යයත් පද්‍යයත් අතර රචනා විශේෂයක්” ලෙස නම් කරමින් නිදහස් පද්‍ය ආකෘතිය කවියට හඳුන්වා දෙයි.
සිරි ගුනසිංහ ඔහු විසින් මිබුද්ධි ගෝචර කාව්‍ය’ ලෙස හඳුන්වා දෙන නිසඳැස් කාව්‍ය සම්ප්‍රදාය ද බිහිවන්නේ මීට තදාසන්න කාලයක දී ය. 1956 දී මස් ලේ නැති ඇට යනුවෙන් කාව්‍ය ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්ක ළ සිරි ගුනසිංහ "කවියෙහි ඇත්තේ බුද්ධියෙන් ග්‍රහණය කර ගත යුතු හැඟීම්හා අදහස් ය” යන මතයෙහි තරයේ එල්බ සිටියෙකි. ඔහු කවිය නවමු මාවතකට ප්‍රවේශ කිරීමේ නැති නම් සිවු පද ආකෘතියෙන්මි දී නව්‍ය කාව්‍ය සම්ප්‍රදායකට ප්‍රවේශ කිරීමේ කාර්යයේ දී ප්‍රබල මැදිහත්කරුවා ලෙස හැඳින්වීම සාවද්‍ය නො වේ. මෙසේ ආරම්භ වූිනිසඳැස් කාව්‍ය’ සම්ප්‍රදායෙහි ඇතැම් දුබලතා පැවතුණත් කවි රස විඳින ජනයාට එය ආගන්තුක අත්දැකීමක් විය.
ඒ අනුව නිසඳැස් කවියෙහි නිෂේධනීය ලක්ෂණ බැහැර කරමින් සාධනීය ලක්ෂණ උකහා ගනිමින්, සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යයෙන් ද ජන කාව්‍ය සම්ප්‍රදායෙන් ද, විදේශීය කවියෙන් ද නො මඳ ආභාසය ලබමින් නූතනය දක්වා කවිය රැගෙන ආ පුරෝගාමීන් ලෙස ගුණදාස අමරසේකර හා මහගම සේකර යන කවීන් දෙ පළ සැලකිය හැකි ය. මහගම සේකර ගත් මාර්ගය අනුව ගිය රත්න ශ්‍රී විජේසිංහ, දයාසේන ගුණසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ වැනි කවීන්ට හා කිවිඳියන්ට නූතන කවි කෙතෙහි ප්‍රමුඛස්ථානයක් හිමි වේ. නූතනයෙහි දී කවිය අර්ථපූර්ණ හා භාවපූර්ණ මාධ්‍යයක් බවට පත්කි රීමෙහි ලා නන්දන වීරසිංහ, යමුනා මාලිනී පෙරේරා, එරික් ඉලයප් ආරච්චි
වැනි කවියෝ හා කිවිඳියෝ පුරෝගාමී වූහ. ඒ අතර ලක්ශාන්ත අතුකෝරළ, මංජුල වෙඩිවර්ධන, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සුහර්ෂණී ධර්මරත්න වැනි තරුණ කවීහු ද වෙති.
 
=== ජනප්‍රිය සාහිත්‍යය ===
"https://si.wikipedia.org/wiki/සිංහල_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි