"අකිහිතෝ" හි සංශෝධන අතර වෙනස්කම්

අකිහිතෝ, [[හිරොහිතෝ]] අධිරාජ්‍යයාගේ සහ [[කෝජුන් අධිරාජිණිය]]ගේ වැඩිමහලුම පුත්‍රයාද, පස්වැනි දරුවාද වේ. කුඩා අවදියේදී ඔහුව හඳුන්වනු ලැබූයේ {{nihongo|"ත්සුගු කුමාරයා"|継宮|Tsugu-no-miya}} ලෙසය. ඔහුගේ පෞද්ගලික ගුරුවරුන්ගෙන් මූලික අධ්‍යාපනය ලැබූ හෙතෙම, පසුව 1940 සිට 1952 දක්වා වූ කාලය තුල [[ගකුශූයින්]] පාසලෙන් ප්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනය හැදෑරීය.<ref name='officialbio'>{{cite web|url=http://www.kunaicho.go.jp/e03/ed03-01.html|title=Their Majesties the Emperor and Empress|accessdate=28 December 2007|year=2002 |publisher=Imperial Household Agency|archiveurl=https://web.archive.org/web/20071201092521/http://www.kunaicho.go.jp/e03/ed03-01.html <!-- Bot retrieved archive -->|archivedate=1 December 2007}}</ref> ඔහුගේ පියාගේ ඉල්ලීම මත, රාජකීය පවුලේ ඊට පෙර සිටියවුන්ට මෙන් ඔහුට හමුදා නිලයක් හිමි නොවුනි.
 
1945 මාර්තු මාසයේදී ඇමරිකාව විසින් ටෝකියෝවට ගුවනින් බෝම්බ හෙලූ කාලය තුලදී අකිහිතෝ කුමාරයා සහ ඔහුගේ බාල සොයුරු [[හිතාචි කුමාරයා | මසහිතෝ කුමරු]] ටෝකියෝ නගරයෙන් බැහැරට රැගෙන යන ලදී. ඇමරිකාව විසින් [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙන්]] පසුව ජපානය අත්පත් කරගෙන සිටි සමයේදී, [[එලිසබෙත් ග්‍රේ විනිං]] විසින් අකිහිතෝ කුමාරයාට ඉංග්‍රීසි භාෂාව සහ අපරදිග සිරිත්-විරිත් උගන්වන ලදී. අකිහිතෝ කුමාරයා ටෝකියෝ නුවර [[ගකුශුයින් විශ්වවිද්‍යාලය|ගකුශුයින් විශ්වවිද්‍යාලයේ]], දේශපාලන විද්‍යා පීඨයේ කෙටිකලක් අධ්‍යාපනය ලැබූ නමුත් ඔහු කිසිදාක උපාධියක් ලබාගෙන නොමැත.
 
අකිහිතෝ කුමාරයා සිය උපතේදීම [[ක්‍රයිසැන්තියම් සිහසුන]] සඳහා උරුමක්කරුවෙකු විය. නමුත් ඔහුව ඔටුන්න හිමි කුමාරයා (立太子礼 ''Rittaishi-no-rei'') ලෙස නම් කිරීමේ නිල උත්සවය 1952 නොවැම්බර් 10 වෙනිදා ටෝකියෝ අධිරාජ්‍ය මාලිගයේදී සිදුවිය. 1953 ජූනි මාසයේදී ලන්ඩනයේ දී පැවැත්වුණු [[දෙවන එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකය]] සඳහා ජපානය නියෝජනය කරනු ලැබූයේ ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයා විසිනි.

සංස්කරණ

202

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/447665" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි